
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයෙන් පසු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 දක්වා වර්ධනය වී තිබෙයි.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇතැයිද එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බවද මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පවසා තිබේ.
කොට්ටාව, ගොඩිගමුව, නාවින්න යන ග්‍රාම නිලධාරී වසම්වලද, කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනපතා වර්ධනය වෙමින් පවතින බැවින් ඒ ගැනද සැලකිලිමත්වන බව ඇය කියා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval