
වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාව ඊයේ (20) අනුමැතිය දුන්නේය. පාර්ලිමේන්තු සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන්තවයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ දී ඊයේ (20) පෙරවරුවේ රැස් විය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා කර තිබූ නිර්දේශයකට ද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි විය.
මෙයට අමතරව, පාර්ලිමේන්තු සභාව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නමද හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතාගේ නමද එහිදී යෝජනා කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. මෙම පාර්ලිමේන්තු සභා රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගි වූහ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.
- සුජිත් හේවාපුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval