
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව ඇති බැවින් නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙයි.
මෙම අඩු පීඩන තත්ත්වය 23 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමෙහි හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව දන්වා ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval