
කෝවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු තැත්පත් කිරීමට මල් ශාලා හිමියන් විසින් ලබාදෙන මිනි පෙට්ටි ප්‍රමිතියෙන් අඩු ලෑලිවලින් තනා ඇති ඒවා බවට මිය ගිය අයගේ ඥාතීහු පවසති.
කෝවිඩ් වයිරසය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පුද්ගලයෙකු මිය ගිය පසු එම සිරුර තැත් කිරීමට මල්ශාලා හිමියන් විසින් මියගිය අයගේ ඥාතීන්ගෙන් එක් මිනි පෙට්ටියක් සඳහා රුපියල් 7000ක මුදලක් අය කරන නමුත් එම මිනි පෙට්ටිය තනා ඇත්තේ ඉතාමත් ප්‍රමිතියෙන් අඩු දැවවලින් බවත් මෙය මිය ගිය පුද්ගලයන්ට කරන බලවත් අපහාසයක් බවත් මීයගිය පුද්ගලයන්ගේ ඥාතීහු වැඩිදුරටත් සදහන් කරති. මෙසේ ප්‍රමිතියෙන් අඩු ලැලිවලින් තනා ඇති මිනි පෙට්ටි ලබා දෙන්නේ ඇතැම් මල්ශාලා හිමියන් විසින් පමණක් බවත් ඔවුහු පවසති.
(රවිදු දියගහගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval