
රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (30) උදෑසන සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් වතුපිටිවල හා රත්නපුර ශික්ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා කරයි. තුවාල ලැබූ අයගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
අනතුර සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval