
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් මාස හයකට පසුව පවා ගත හැකි බව රජය පවසයි.
මෙය කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කරන ලද කරුණු පත්‍රිකාවක් මත පදනම් වය.
”එක් මාත්‍රාවක්වත් නොතිබීමට වඩා අවම වශයෙන් එකක් තිබීම හොඳය ”යනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ ගැන පැහැදිලි කළාය.
ශ්‍රී ලංකාවට මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව 500,000 ක් ඉන්දියාවෙන් නොමිලේ ලැබුණු අතර රජය තවත් එන්නත් 500,000 ක් මිලදී ගත්තේය.
දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව 350,000 ක් පමණ රජය සතුව තිබුණි.
අතේ ඇති තොගයෙන් කොටසක් පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්ට සහ හමුදාව සහ පොලීසියට දෙවන ජබ් ලබා දීම සඳහා යොදා ගන්නා ලදී.
කෙසේවෙතත්, රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 600,000 ක් ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරයි.
ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මාස 6ක කාලයක් සඳහා කොවිඩ් – 19 වෛරසයට රෙහිව මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී බව ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික සටහනක් ඉදිරිපත් කරමින් අද (30) අනාවරණය කර තිබේ.
මීට පෙර එම සංවිධානය නිර්දේශ කර තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් පසු සති 8ක් හෝ සති 12ක කාලයකට පසුව ලබ දිය යුතු බවටයි.
කෙසේ වෙතත් එම කාලය ඉක්ම ගිය ද යළිත් සම්පූර්ණ එන්නත්කරණය කිරීමක් අවශ්‍ය නොවන බව අදාළ තාක්ෂණික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval