
රාජගිරිය ප්‍රදේශයේ නවාතැන්පළක (ගෙස්ට් හවුස්) ඊයේ රාත්‍රී කාලයේ සිට අද ඉරිදා දහවල් කාලය දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් සම්බන්ධ හෝඩුවාවක් මත
පිරිමි පස් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයින් අතරින් එක් අයෙකු වරෙන්තු දෙකකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද හදුනාගෙන ඇත. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම සාදය පවත්වන්නට පිරිමින් 4 දෙනකු හා එක් කාන්තාවක කටයුතු කර තිබූ අතර අත්අඩංගුවට පත් අනෙක් යුවළ ඔවුන්ට අදාළ නවාතැන් සැපයූ යුවළයි.
වැලිකඩ පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval