
කොරෝනා ආසාදිත සිව්වැනි ගැබිනි කාන්තා මරණය ඊයේ වාර්තා වී තිබිණි. මියගොස් තිබෙන්නේ තිස්සමහරාම යායගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින 35 හැවිරිදි කාන්තාවකි.
පසුගිය අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවති සාදයක් සඳහා මෙම කාන්තාව ඇතුලු පවුලේ සාමාජිකයන් සහභාගි වී ඇති තිබෙනවා. ඉන්පසු අදාල සාදයට සහභාගි වූ මහරගම ප්‍රදේශයේ පදිංචි 17 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පසුගිය 05 වැනිදා වනවිට මෙම කාන්තාවටද කොවිඩ් රෝග ලක්ෂණ පහළ වී ඇත අතර ඉන්පසු සිදුකළ පරීක්ෂණවලදී ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා. ඉන්පසු ඇය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval