අමෙරිකා එක්සත් ජනපදය තුළ නිපදවන COVID-19 මර්දන එන්නත් සම්බන්ධට පේටන්ට් බලපත්‍ර නිදහස් කිරීම සම්බන්ධයෙන් එරට ජනපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරන බව Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බෙර්ටා බොයුර්ලා පවසයි.

මෙම පේටන්ට් නිදහස හේතුවෙන් එන්නත් නිෂ්පාදනය සහ ඒවායේ ආරක්ෂාව පිළිබඳ අර්බුද හටගනු ඇතැයි ඔහුන්ගේ අදහසවී තිබේ. විශේෂයෙන්ම මෙලෙස ඕනෑම අයෙකුට මෙම එන්නත නිපදවීමට අවස්ථාව හිමිවීමෙන් එම එන්නත් නිපදවීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ලොව පුරා තරගයක් ඇතිවීම එම එන්නත් නිෂ්පාදනයේ සහ ඒවායේ සුරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව පිළිබද ගැටලු ඇති කරවනු ඇතැයි ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.



අද වනවිට ලොවපුරා COVID-19 මර්දනය සදහා යොදා ගැනෙන ප්‍රධාන පෙලේ එන්නත් අතර Pfizer Inc. සමාගම සහ ජර්මනියේ BioNTech සමාගම එක්ව නිපදවන PfizerBioNTech එන්නතද පවතී. එම එන්නත ඇතුව අනෙකුත් COVID-19 මර්දන එන්නත් සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ නීති ලිහිල් කරමින්, ඒවායේ බලපත්‍ර නිදහස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති බයිඩන් පරිපාලනය සිය සහයෝගය ලබා දී තිබුණි. "අදවනවිටත් මේ එන්නත් වේගවත්ව නිපදවීමේ හැකියාවක් අපට තවත් හිමි වෙලා නැහැ. එවැනි නිෂ්පාදන සීමා කිරීමට  හේතුවෙලා තිබෙන්නේ අපේ එන්නත් නිපදවීම සඳහා අවශ්‍ය විශේෂිත අමුද්‍රව්‍යවල පවතින හිගතාවයි." යනුවෙන් Pfizer ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ.

සමාගම සඳහන් කර ආකාරයට සිය එන්නත් නිපදවීම සදහා එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය සහ සංඝටක 280කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. ඒවා ලොව පුරා රටවල් 19ක පමණ ප්‍රමාණයකින් සපයා ගැනීම සිදුකරයි. ඒ අනුව මෙම පේටන්ට් ආරක්ෂාව ලිහිල් කිරීමෙන් පසුව, සිය සමාගමට වඩා අත්දැකීම් අඩු සමාගම් රැසක් මෙම තරගයට පිවිසීම හරහා එකම අමුද්‍රව්‍ය තොගයක් වෙනුවෙන් තරගයක් නිර්මාණය වෙනු ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරිබොයුලා වැඩිදුරටත් පවසා සිටියි.

"මේ වෙනකොට සෑම අමුද්‍රව්‍යයකම ග්‍රෑමයක් පාසා අපේ නිෂ්පාදන පරිශ්‍රයන් වෙත ඉක්මනින්ම ප්‍රවාහනය කෙරෙනවා. ඉන් අනතුරුව හැකි ඉක්මනින්ම ඒවා එන බවට පත්කරමින්, ලොව පුරා බෙදාහැරීමක් සිදුකරනවා." ඒ අනුව පේටන්ට් බලපත්‍රය නිදහස් කිරීම හරහා තමන්ටද එම එන්නත් නිෂ්පාදන නිසි ලෙස සාර්ථක කරගැනීමේ හැකියාවක් උදා කරගත නොහැකි වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.