
පි.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කළ පොලිස් නිලධාරීන්ගේ එම වාර්තා ලැබීමට කලින් ඔවුන් සේවයේ යෙදවු බව කියන ඊට වගකිව යුතු නිලධාරින් කිහිප දෙනකු සමිබන්ධයෙන් පොලිස් මුලස්ථානයේ පරිගන ඒකකය පුළුල් පණ පවත්වාගෙන යයි. පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර සිටින පොලිස් නිලධාරින්ගේ එම පරික්ෂණ වාර්තතා ලැබෙන තෙක් රාජකාරියේ නොයොදවන ලෙස පැහැදිලි උපදෙස් ලබාදී තිබියදීත් එම උපදෙස් නොතකාහැර කටයුතු කළ උසස් පොලිස් නිලධාරින්ට එරෙහිව මෙම පරික්ෂණය සිදුකරන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ට ඊයේ (12) පැවැසීය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන (එස්.අයි. යූ.) අංශය මෙම පරික්ෂණ පවත්වාගෙන යයි.පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර එහි ප්‍රතිඵල ලැබෙනතුරු කිසිදු රාජකාරියක නොයෙදවිය යුතු බව දැඩි ලෙස අවධාරණය කරමින් සියලුම උසස් පොලිස් නිලධාරින් වෙත පොලිස්පතිවරයා විසින් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් රාජකාරියේ යෙදවූ ගාල්ල කොට්ඨාසයේ පොලිස් නිලධාරින් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ලැබුණු එම පරික්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබෙන බව පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන් වෙත යවා ඇති විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval