
අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම රෝහලේ දැඩි සත්කාර ඒකක 3ක හදිසි ප්‍රතිකාර ඇඳන් 24ක් දැඩි සත්කාර ඇඳන් 12ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. එම රෝහලට වෛද්‍යවරුන් 30ක්,හෙදියන් 80ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25ක් කඩිනමින් අනුයුක්ත කිරීමටද කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.
කොවිඩ් රෝගීන් සඳහා වන ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය උපකාරක, ඖෂධ වර්ග කඩිනමින් ලබාදීමටද එම රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත න්වාසික හා ප්‍රවාහන පහසුකම් ලබාදීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
-රංජන් කස්තුරි-
Comments
Post a Comment
Your comment will be visible after approval