
ගායිකාවක නිලියක නිවේදිකාවක වන නතාෂා පෙරේරා කුඩා කල සිට රැකබලාගත් ඇගේ මිත්තණිය හෙවත් ඇය අම්මි යයි හදුන්වන මානෙල් පෙරේරා මහත්මිය ජීවිත ගමනින් සමුගෙන තිබේ.
ඇය නොවන්නට නතාෂා පෙරේරා නම් ගුවන් විදුලියේ ළමා ශිල්පිනියක ලෙස කලඑළි නොබසිනු ඇතැයි කියැවුණි.2000 වසරේ දී මානෙල් පෙරේරා මහත්මිය නතාෂා ලක්හඩ ගුවන්විදුලියට කැටුවගෙනවිත් ඇයට කලා ලොවේ මුල් අවස්ථා ලබා දී තිබුණි.
මිනිබිරියකට එතරම්ම ආදරය කරමින්, ඈ වෙනුවෙන්ම කැප වෙමින්, ඈ වෙනුවෙන් සිහින මවමින් ඒ සිහින සැබෑකරගත් මිත්තනියක් වූ ඇය නතාෂාගේ පියාගේ මවයි.
ජන්මය ලබා මාස කීපයක සිටම නතාෂා මිත්තනිය යටතේ හැදුනේ ඇගේ අම්මා බවට පත්වෙමිනි.
නතාෂාගේ මිත්තණියගේ අවසන් කටයුතු සමීප හිතවතුන් කිහිපයක් සමග ඉතා චාම් ලෙස ඊයේ පවත්වනු ලැබුවේ කොළඹ කනත්තේදීය.


