
කොරෝනා ආසාදනය වැළැක්වීමට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා ප්‍රතිශක්තිකරණ එන්නත, කොවිෂිල්ඩ් යන නාමයෙන් නිෂ්පාදනය කරන ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන ආයතනයේ ප්‍රධානී අදාර් පූනවල්ලා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තතා වේ. ඉල්ලුමට සරිලන ආකාරයට කොවිෂීල්ඩ් එන්නත් ලබාදීමට නොහැකි වීමෙන් සේරම් ආයතනය මේ වනවිට දැඩි අර්බුදයකට ලක් වී ඇති අතර, ඉන්දීය රජයෙන්, දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රබල පුද්ගලයන්ගෙන් තමන්ට දෝෂාරෝපණ එල්ල වීමටත් තර්ජන එල්ල වීමටත් පටන්ගෙන ඇති බවත්, ඒ නිසා තමන් ලන්ඩනයට පැමිණි බවත් අදාළ පූනවල්ලා පවසා ඇත. පූනවල්ලා මෙසේ පවසා ඇත්තේ එංගලන්තයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන්' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
“මට ලොකු පීඩනයක් එල්ල වෙලා. වගකීම් සියල්ල දැන් මාගේ කරපිට පැටවිලා. එන්නත් ඕනෑ බව කියමින් මට මරණීය තර්ජන පවා එල්ල වීමට පටන්ගෙන තිබෙනවා' යැයි පූනවල්ලා පැහැදිලි කළේය. බටහිර ඖෂධ සමාගම් ඔවුගේ ඖෂධ බොහොමයක් නිෂ්පාදනය කරන්නේ සේරම් ආයතනය හරහාය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ද සේරම් ආයතනයේ නිෂ්පාදනය කිරිමට කටයුතු යෙදුණේ ඒ අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය "වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ අසල්වැසි ආසියානු රටවලට පරිත්‍යාග කළේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගෙන ඔවුන්ගේ එන්නත් බෙදාදීමේ වැඩසටහන හරහා දිළිඳු රටවලට පරිත්‍යාග කළේත් සේරම් ආයතනයේ මෙම කොවිෂිල්ඩ් එන්නතය.
ඉකුත් සතියේ ඉන්දියාවෙන් දෙනිකව ආසාදිතයන් ලක්ෂ 3 පසු කළ අතර මේ වනවිට එය ලක්ෂ 4 සීමාව ද ඉක්මවා යමින් තිබේ. ඉන්දීය රජය පසුගිය අප්‍රේල් පළමු වැනිදා තීරණය කළේ සේරම් ආයතනය නිපදවන ‘කොවිෂිල්ඩ්" එන්නත පමණක් නොව, ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය නිපදවන 'කොවැක්සින්' එන්නතට ඉන්දියානුවන්ට පමණක් ලබා දෙන බවත්, එම එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවනු ඇති බවත්ය.
ඉන්දියාවේ අවුරුදු 18 වැඩි වැඩිහිටි සියලු දෙනාට පෙරේදා (1) සිට මෙම එන්නත් ලබා දීමට රජය තීරණය කළේය. කෙසේ නමුත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරින් පවසන්නේ එන්නත් හිඟයක් පවතින බවය.
මේ අතර සේරීම් ආයතනයේ අදාළ පූනවල්ලා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ තම සමාගම ඉන්දියාවෙන් පිට වෙනත් රටවල ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ එක් වී ‘කොවිෂීල්ඩ්’ එන්නත් නිපදවීමට කටයුතු කරන බවය.ෙ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉහවහා යෑමට හේතුව වී ඇ ත්තේ එරටින් හඳුනාගත් "බී.1617 නමැති විකෘති වයිරසයයි. මේ විකෘතිය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය අබිබවා යන බවත්, එය එන්නත්වලින් අඩපණ කිරීම අසීරු බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට උපදෙස් ලබා දෙන විද්වත් කමිටුව පවසයි.