'කොවිඩි 19" හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි හදිසි භාවිතය සදහා ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොඩර්නා" ප්‍රතිශක්තිකරණ එන්නත සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.   කොරෝනා වයිරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ පස්වැනි ප්‍රතිශක්තිකරණ එන්නත මෙයයි. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ, 'ෆයිසර්, 'එස්.කේ. බයෝ ඇස්ට්‍රාසෙනකා ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' සහ 'ජැන්සන් සමාගමේ' ජොන්සන් ඇන්ජ් ජොන්සන්" එන්නතය.

චීනයේ නිෂ්පාදිත 'සිනෝෆාම්” සහ 'සිනොවැක් යන එන්නත් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක් වී ඇති නමුත්  මෙතෙක් ඒවාට අනුමැතිය ලැබී නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත්, "සිනෝෆාම්" සහ "සිනොවැක් යන එනත් ද රුසියාවේ 'ස්ප්පුට්නික් 5 එන්නත ද මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි.

'මොඩර්නා' යනු සියයට සියයක් ඇමෙරිකන් තාක්ෂණයෙන් නිපදවා ඇති මාත්‍රා දෙකකින් සමන්විත ප්‍රතිශක්තිකරණ එන්නතකි. මෙම එන්නත සියයට 95 කට වඩා සාර්ථක වන අතර, එන්නතේ ඇති ගැටලුව වන්නේ එය ගබඩා කිරීමට අධිශීතකරණ අවශ්‍ය වීමය. ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් ලබාගෙන ඇත්තේ ද මෙම මොඩර්නා එන්නතය.  ඊයේ (2) වනවිට ලොව සමස්ත කොරෝනා  ආසාදිතයන් ගණන 1,52,819,684 පසු කළ අතර, මරණ වාර්තා වූයේ 3,206,641 ක් ලෙසය. සුවය ලැබූවන් ගණන 1,30,105,235 ක් ලෙස සටහන් විය.

කොරෝනා ආසාදිතයන් සහ මරණ අතින් තවමත් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන  ආසාදිතයන් ගණන 33,146,000 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 5,90,704 කි. ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 19,557,500 කි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 2,15,542 කි.  ආසාදිතයන් අතින් ලොව තෙවැනි ස්ථානයේ පසුවුවත්, මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ ආසාදිතයන් ගණන 14,725,975 ක් වන අතර මරණ වාර්තා වෙයි.