සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියකගේ රාජකාරියට බාධා කරමින් ටෝකන් එනට එන්නත් ලබාදෙන ලෙස බල කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන අදාළ වෛද්‍ය නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලකින් පසු අද උදෑසන ඔහු ගල්කිස්ස පොලිසියට භාර වී තිබූ අතර පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය දී ඇත.
නගරාධිපතිවරයා එන්නත්කරණයේ යෙදී සිටි නිලධාරීන්ට දැනුම් දුන්නේ තමන් විසින් ලබා දුන් ටෝකනය අනුව එන්නත්කරණය සිදු කරන ලෙස වන අතර එවැනි කටයුත්තක් සෞඛ්‍ය අමාත්‍යංශ එන්නත්කරණ වැඩපිළිවෙල අනුමත කර තිබුනේ නැත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ රාජකාරියට බලපෑම් කරමින් දේශපාලනිකව අදාළ කටයුත්ත සිදුකරන්නට බලපෑම් කළ නගරාධිපතිවරයා පසුව ප්‍රකාශ කර තිබුනේ තමා පමණක් නොව ඇමති ජොන්ස්ටන්ද කරුණෑගලට ටෝකන් 10000 ක් බෙදමින් තමාව අනුකරණය කළ බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval