manoj-sewwandi-daughter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට දරු උපතක් සිදුව ඇතැයි ඇමරිකාවෙන් වාර්තාවේ. අලුත උපන් දරුවා දියණියකි.




ඇමරිකාවේ පදිංචිව සිටින ජනපති පුත් මනෝජ් රාජපක්ෂ 2011 වසරේ විවාහ දිවියට ඇතුළත් වූයේය. එම විවාහය කොළඹ හිල්ටන් හෝටලයේදී සිදුවිය.මනෝජ්- සෙව්වන්දි යුවළට මින් ඉහත ලද දියණියකද සිටින අතර අලුත ඉපැදුනේ දෙවැනි දරුවාය.
මනෝජ්ගේ බිරිය සෙව්වන්දි , චන්ද්‍ර ලියනාරච්චි යුවළගේ දියණියයි.ඔවුන් අගමැති මහින්දගේ බිරිය ශිරන්ති මහත්මියගේ පාර්ශ්වයේ සමීප ඥාතීන්ය.
මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිටම ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇත. ට්‍රැවික් මධ්‍යම විද්‍යාලයෙන් ප්‍රථම වරට අධ්‍යාපනය ලැබූ ඔහු ද්විතීයික අධ්‍යාපනය කෙවිනා උසස් පාසලේදී ලබා ගත්තේය.ඔහු පවුල සමග ඇමරිකාවේ දිගටම රැඳී සිටින අතර ලංකාවට එන්නෙ කලාතුරකිනි.
 මිණිපිරියගේ සුරතල් බැලීමේ අවස්තාව වෙනුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත ජනපති විදේශගත වීමේ සූදානමක් ඇති බවට ආරංචියක්ද පවතී.