covid-equaility

ලොව පුරා ජනතාවට එක සමානව COVID-19 එත්තත් මාත්‍රා ලබාගත හැකි ආකාරයට වඩාත් සමාන අවස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර එකගතාවකට පිවිසෙන්නැයි ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala පවසයි.

 

පසුගියදා එම සංවිධානයේ මහා කවුන්සිල හමුවේදී ඇයමේ කරුණු පවසා ඇත. ඒ අනුව සිය සංවිධානය මෙම කරුණ හසුරවන ආකාරය ඉතාමත් තීරණාත්මක බවද ඇය සදහන් කර ඇත. එහිදී දැනට මෙම එන්නත් සම්බන්ධය පවතින පේටන්ට් බලපත්‍ර නිදහස් කිරීම සම්බන්ධයෙන්ද ඇය පවසා ඇත.


"මේ කාරණාවේ ඇති හදිසි අවස්ථාව සම්බන්ධයෙන් අපේ සංවිධානය කොහොමද ක්‍රියා කරන්නේ කියන දේ ලෝකයම බලාන් ඉනන්වා. අද මේ  වසංගතයට එරෙහි සටනේදී ඊට අදාළ මෙවලම් වෙත එක සමාන පිවිසීමක් සඳහා වන හැකියාව  ආර්ථික ගැටලුවක් බවට පත්වෙලා." ඇය පවසයි.  විශේෂයෙන්ම ආසන්න මාස කිහිපයේදීම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් මෙම COVID-19 එන්නත්  සම්බන්ධයෙන් වන බුද්ධිමය දේපළ ආරක්ෂණය තාවකාලිකව ඉවත් කරන  ලෙස එම සංවිධානයෙන් ඉල්ලීම් රැසක්ම ඉදිරිපත් කර තිබේ. ඒ හරහා දියුණුවමින් පවතින රටවලට අවශ්‍ය  එන්නත් මාත්‍රා  ඉතාමත් ඉක්මනින් නිපදවීමේ හැකියාවක් පවතින බවට එම රටවල් ෙපන්වා දී තිෙබ්.


 එහෙත් ලොව ක්‍රියාත්මක දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගම් සහ ඒවා හිමි රටවල් තවමත් මේ සම්බන්ධයෙන් විරෝධතාවක් දක්වන බව  ලෝක වෙළඳ සංවිධානයේ  ප්‍රධානියා පවසයි. ඒ අනුව  කිසි ලෙසකින්වත් මෙම එන්ත්න නිපදවීම ඉහළ නැවීමේදී මෙම පේටන්ට් බලපත්‍ර මාර්ග බාධාවක් බවට පත්කර නොගත යුතු බව ඇය සඳහන් කර සිටියි.