ayurweda-medicine-for-covid19

covid 19 ඉතාමත් වේගයෙන් ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක covid වලින් බේරෙන්නේ කොහොමද සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් කොවිඩ් වලින් බේරීමට අමතරව අපේ ප්‍රතිශක්තිය අපි වැඩි කරගන්නේ කොහොමද ? යන්න විමසීමට නිවේදිකාවක වූ බටහිර වෛද්‍යවරියක වන දිනුජා රූපසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගෙන තිබේ.
සෙත්සුව ආයුර්වේද රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ දේශීය වෛද්‍ය අමාත්‍ය උපදේශක ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතා සමග ඇය කරන සාකච්ඡාව පහත පළවේ.



අපි ප්‍රතිශක්තිය වැඩි කරන විවිධ ක්‍රමවේද පිළිබඳව ඖෂධ සහ ආහාර මගින් අපේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නේ කොහොමද කියලා වැඩිපුර කතා කරනවා. ඔබ නියෝජනය කරන ඔබේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ සඳහා තියෙන ක්‍රමවේද පිළිබඳව වැඩිපුර මිනිසුන් සොයා බලනවා. ඇත්තටම මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය මොකක්ද?

 ඇත්තටම හොඳ මාතෘකාවක්. කාලෙට ගැලපෙන එකක් .කොරොනා වෛරසය පැතිරීමත් එක්ක රට තුළ උද්ගත වෙලා තියෙන තත්ත්වය උඩ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කොහොමද මේ රෝග අවස්ථාවන් එක්ක කටයුතු කරන්නේ කියන එක  පලවෙනියටම තේරුම් ගන්න ඕනේ. ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් යම්කිසි විදිහකින් අපේ ශරීරය රෝගවලට ඔරොත්තු දීමට තියෙන හැකියාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේක යම් යම් හේතු නිසා අඩු වැඩි වීම තමයි සිද්ධවෙන්නේ .අපේ වෛද්‍ය ක්‍රමය අනුව ගත්තොත් ඇත්තටම ශාරීරික හේතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් බාහිර හේතු වෙන්න පුළුවන් පාරිසරික හේතු වෙන්න පුළුවන් මානසික හේතු වෙන්න පුළුවන් මේ විවිධ කාරණා උඩ පුද්ගලයෙක් ප්‍රතිශක්තිය අඩු වෙන්න පුලුවන්.

එතකොට ඒක අඩු කරන හේතු සාධක වලින් අපි පුළුවන් තරම් වළක්වාගෙන කෝමහරි ප්‍රතිශක්තිය නැවත වැඩි කරගන්න ඕ.න පාරිසරික වශයෙන් තියන කාරණා නිසා අපි හිතමු පරිසර දූෂණය වෙලා, ජලය දූෂණය වෙලා මෙවැනි තත්ත්වයක් ගත්තාම අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. මෙවැනි බොහෝ කාරණා ප්‍රතිශක්තියට බලපානවා. ඒකෙ ප්‍රධාන කාරණයක් ආහාර. ආහාර ගත්තොත් එහෙම මේ ආහාර වලදී අපි කතා කරන්නේ කටු තිත්ත කසාය මධුර අම්ල ලවණ වැනි ස්වංපෝෂිත ඒවා. මේවායින් පෝෂිත ආහාර වේලක් කියන්නේ පුද්ගලයෙක් හොඳ ප්‍රතිශක්තියක් ගොඩනගන්න පුළුවන් .ආහාර වෙල  වෛද්‍ය විද්‍යාව තුළ කතා කරන ස්වං පෝෂිත ආහාර වේලක් අපි කතා කරනවා. ඉතින් ස්වයං පෝෂිත ආහාර වේලක් වැදගත් වෙනවා පුද්ගල ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්න. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතාමත් සාර්ථක විදිහට ඖෂධ වලට අමතරව ආහාර පාන වර්ග තියෙනවා.

ආයුර්වේද ක්‍රමයට අනුව මොන වගේ ඖෂධ තියෙන්නෙ ?

ඇත්තටම මේක හොඳින් විෂය හදාරපු  ආයුර්වේද වෛද්‍යවරුන් දන්නවා මේ වගේ අවස්ථාවකදී මොනවගේ ඖෂධ වර්ග ද විශේෂෙයන් මේ වෛරස් රෝගයක් පැතිරමින් තියෙන්නෙ . මේ සඳහා යොදාගන්න මොනවද පුළුවන්. මෙතනදී සඳහන් කරන්න ඕනේ අපේ ලංකාව ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය සුදුසු නැහැ. විවිධ පුද්ගල විවිධාකාර ප්‍රකාශ නිකුත් කරමින් ඖෂධ වර්ග හඳුන්වා දෙනවා කොරෝනාවට සුදුසුයි කියලා. එතකොට ඒ තුළ විශාල ප්‍රශ්න ටිකක් ගොඩනැගෙනවා. පළවෙනි රැල්ල ද දෙවැනි රැල්ල ද තුන්වෙනි රැල්ල මේ පළවෙනි රැල්ල දී එක කොටසක් ආවා කොරෝන සදහා මෙන්න මේ දේශීය ප්‍රතිකාර සුව කරන්න පුළුවන් කියලා. ඊට පසු දෙවැනි රැල්ල දී තව කොටසක් ආවා පැණියක් ගැන කතා කළා. දැන් තුන්වෙනි රැල්ල ඊට පස්සේ දැන් තව කණ්ඩායම් ඉස්මතු වෙලා තියෙනවා අපිට දවස් දෙකෙන් සනීප කරන්න පුළුවන් අපිට දවස් තුන සනීප කරන්න පුළුවන් .අපිට කොරෝනා නිට්ටාවටම සුව කරන්න පුළුවන් මෙවැනි ප්‍රකාශ කරනවා.

රජයක් විදියට ගත්තොත් එහෙම , මේක ලෝකෙම මුහුණ දීලා තියෙන බරපතළ අවස්ථාවක්. මේකෙදි මම හිතන්නේ ලංකා වගේ කුඩා රටක් විශාල පිරිසක් අද ඉදිරිපත් වෙලා තියෙනවා corona නිට්ටාවට සනීප කරන්න පුළුවන් කියලා. මේක මුළු ලෝකෙම අර්බුදයක තියෙන අවස්ථාවක්.  මම කියන්නේ කවුරුහරි මේ සම්බන්ධව හරිම දේ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ.  ඒ උනාට මේ අහිංසක මිනිස්සු රවට්ටන්න තමන් විෂය ගැන හරියට නොදැන යම් යම් ඖෂධ වර්ගවලින් නිට්ටාවට සනීප කරනවා කියන එක විහිළුවක් . මොකද මේ රැවටීම තුළ අහිංසක මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා.  දෙවැනි රැල්ල තුළ එක අත්වින්දා. ඒකෙන් අපේ වෙදකමට විශාල හානියක් සිද්ධ වුණා .අපේ වෛද්‍ය ක්‍රමය ගැන තිබ්බ ජනතාවගේ විශ්වාසය ලොකු කැළලක් සිද්ධ වුණා .මගේ අදහස නම් අනිවාර්යෙන්ම මෙවැනි අවස්ථාවන් සනාථ කරන්න ඕනේ සායනික පරීක්ෂණ වලට පිළිඹිඹු කරන්න ඕනේ මේ සඳහා සාර්ථකයි කියන එක.එහෙම නොවී යම් යම් පුද්ගලයෝ මේක මට සනීප කරන්න පුළුවන් මේ බෙහෙත වේල් දෙකට සනීප වෙනවා කියනවනං ඉතාමත් භයානක තත්ත්වයක්. අහපු ප්‍රශ්නෙට උත්තර දෙනව නම් අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ රජය පිළිගත්ත විද්වත් කමිටුව විසින් හදුන්ව දීපු විශේෂිත ඖෂධ වර්ග තියෙනවා .ඒ ඖෂධ ගත්තොත් එහෙම යම් ප්‍රමාණයකට ඒවා විද්‍යාත්මකව සනාථ කළ තියනවා . දැන් අපි මෑතකදී සුව ධරණි කියලා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කළා ඖෂධ. අපේ තියෙන සමහර පාරම්පරික වට්ටෝරු ගත්තහම ඒවටත් අනුමැතිය ලබා දුන්නා. ඒ තුළින් බැලුවේ ඒවා යම් ප්‍රමාණයක් සායනික පරීක්ෂණවලින් ඔප්පු කරලා පෙන්නුවා මෙවැනි වෛරස් රෝග අවස්ථාවක් ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට රෝග ඇතිවෙන සංකූලතා අවම කරගන්න හැකියාව තියෙනවා කියන එක. ඒ ඖෂධ වලට සමහර ඖෂධ ගත්තොත් උදාහරණයක් කිව්වොත් සුවදරණි එකේ තියෙනවා වෙනිවැල් ගැට ,කොත්තමල්ලි . ඒවා සම්බන්ධව ඒකීය වශයෙන් ලෝකෙ පරීක්ෂණ කරලා තියනවා ඒවා antibacterial  viral කියලා ඔප්පු කළ පෙන්නලා තියනවා. ඒ වගේම ඒකෙන් අපේ ස්වභාවිකව  ප්‍රතිශක්තිය ඉහළ නංවන්න පුළුවන් කියලා පැහැදිලිව සනාථ කළ තියෙනවා .ඒ වගේ සාධකත් එක්ක කොරෝනා රෝගයේ දීබඑය පාලනය කර ගැනීම සඳහා එය මැඩළීම සඳහා ඉතාමත් සාර්ථක දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා. ඒත් මේකෙ ඒක එක තැන්වලින්  පැනලා මේක මට සනීප කරන්න පුළුවන් කියන ඒවා නම් මම අනුමත කරන්නේ නැහැ.




 මේ දවස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන ආයුර්වේද ඖෂධ කිහිපයකම නම් ඔබ සඳහන් කළා දැන් ඇත්තටම ඖෂධ අපි අර ගත්තහම අපේ ඇඟේ ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ ? රෝගය සුව කිරීමේ හැකියාවක් තියෙනව ද ?එහෙමත් නැත්නම් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීදම සිද්ධ වෙන්නෙ?

 ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන එක.අපි වෛද්‍ය ක්‍රමය තුල වයිරස් රෝගීන් සම්බන්ධයෙන් වෛරස් රෝග හැසිරීම කොහොමද කියලා දන්නවා . ඒක බටහිර වෛද්‍ය ක්‍රමයද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ .වෛරස් රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමේ දී අපි ගන්න ක්‍රියා මාර්ග අපි අතීතයට ගිහිල්ලා බැලුවහම මෙවැනි වසංගත තත්වයන් ලෝකේ ඕනේ තරම් තිබිලා තියනවා. ආසන්නව ශ්‍රී ලංකාවේ ගත්තත් පහුගිය දශක කිහිපයකට ගියොත් එහෙම වසංගත රෝග වලට වෛරස් රෝග වලට භාජනය වෙලා තියෙනවා. අපි නිරෝධාන ක්‍රියාවලිය ඒ හැම අවස්ථාවකදීම කරල තියන.වා රෝගය වළක්වා ගැනීම සඳහා ඒක තමයි ගතයුතු ක්‍රියාමාර්ගය. ඒ සඳහා අපි රෝගකාරකය ශරීරයට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග තියෙනවා. ඒවා අද අපි මේ කරන මුඛ ආවරණ එහෙමත් නැත්තන් දෑත් පිරිසුදු කිරීම, virus එක ශරීරයට එකතු වීම වලක්වා ගන්න ක්‍රියාමාර්ග වගේම අපේ ශරීරය තුළට මේ වයිරසය ශරීරයට ආවොත් ඒ මැඩලීමට අවශ්‍ය කරන ශක්තියක් අපි ගොඩනඟා ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි අනිවාර්යෙන්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ලබා දෙන්නේ. අපි ආයුර්වේදී පරමාර්ථය එකක් රෝගයක් ඇති වීම වැළැක්වීම අනිත් එක රෝගයකින් පීඩා විඳිනවා නම් ඒකට ප්‍රතිකාර ලබාදීම .එතකොට ඒ සඳහා ගොඩක් ඖෂධ වර්ග අපි තියනවා. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ රෝග කාරකය ශරීරයට ආවහම ඒ රෝගයට ශරීරයට එක ආක්‍රමණය කර ගන්න ඉඩ නොදී ශරීර ශක්තියෙන් එහෙම නැත්නම් ප්‍රතිශක්තිය මැඩපැවැත්වීම මං හිතන්නේ ඒ සඳහා තමයි අපේ විශේෂ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් තියෙන්නේ. මෑතකදී දෙපාර්තමේන්තුව මුල්වී හඳුන්වලා දුන්නා ඖෂධ වලත් ඒ ගුණේ මම හිතන්නේ විශිෂ්ට ලෙස තියෙනවා. ඒ තුළින් මම හිතන්නේ විශාල වශයෙන් මේ කොවිඩ් රෝගයට භාජනය වීමේ සම්භාවිතාව අඩු කරගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ රටේ ජනතාව දේශීය වශයෙන් මෙය හඳුන්වන ඖෂධ වර්ග නිසි විදියට පාවිච්චි කරනවා නම් සෑහෙන ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.

 මේ දවස් වල තේ වෙනුවට බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා ඉඟුරු කොත්තමල්ලි .අපි ඉඟුරු කොත්තමල්ලි වල ගුණ ගැන කතා කරමු. ඒ වගේම බටහිර වෛද්‍ය ක්‍රමයේ හැම බෙහෙතකට ම අපි ඩෝස් එකක් කියනවනේ .මාත්‍රාවක් තියන.වා දැන් එතකොට ඉඟුරු කොත්තමල්ලි බොන්න ඕන විදිහ මාත්‍රාවක් තියෙනවද?

 අනිවාර්යෙන්ම අපි වෛද්‍ය ක්‍රමය තුළ ඉඟුරු කොත්තමල්ලි කියන එක ඒ ඒ රෝග අවස්ථාවලදී ගන්න ඕන මාත්‍රාවන් සඳහන් වෙලා තියෙන.වා දැන් අපි කුඩා දරුවෙක් සදහා දෙන මාත්‍රාව කොපමනද එහෙම නැත්නම් වැඩිහිටියෙක් ට දෙන මාත්‍රාව කොපමනද කියන එක වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්නේ .ඒ හැම අවස්ථාවකදීම ඔහු පෙළෙන රෝග තත්ත්වය ,ඔහුගේ වයස ඒ සියලුම දේවල් සලකලා අපි සාමාන්‍යයෙන් අපි ඖෂධයක් විදිහට තමයි ඉඟුරු කොත්තමල්ලි වුනත් භාවිතා කරන්න කියන්නේ. මේකේ සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදර සෙම් රෝග අවස්ථා උණ, හෙම්බිරිස්සාව ,කැස්ස වගෙයි තියෙනකොට ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බලා බොනවා.ඒක තුළින් අපිට පුළුවන්කම තියෙනවා අපිට ස්වභාවිකව අපි ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන අර වෛරස් රෝග වලින් ආරක්ෂා වෙන්න හැකියාව ලැබෙනවා .ඒ සඳහා අපි ලබා ගත යුතු මාත්‍රාව හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් අනුමැතියකින් ලබාගන්න අවශ්‍යයි. විශේෂයෙන් කුඩා දරුවෙක්ට ලබා දෙනව නම් ගොඩක් වයසක කෙනෙක්ට ලබාදෙනවා නම් ඒ උපදෙස් මත ලබා දීම තමයි වඩාත් සුදුසු .ඒ හින්දා ආවට ගියාට ඕනම වෙලාවකට තම්බ තම්බ බොන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.

එතකොට දැන් මේ දවස් වල බොහෝ දෙනෙක් කරන විදිහ වැරදිද? සාමාන්‍යයෙන් මේ දවස් වල බොහෝ අය  දෙපාරක් ඉඟුරු කොත්තමල්ලි බොනවා. එතකොට මේක වැරදි ද ?


වැරදි නැහැ. හැබැයි ඒවා යම් උපදේශයක් අරගෙන ගන්නවා නම් වඩා හොඳයි. හිතමු අපි සමහරක් අයට ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක් කොහොමද ඉඟුරු කොත්තමල්ලි බොන්න ඕනේ? එතකොට ඒකට යම්කිසි වෛද්‍ය උපදේශයක් අරගන්න එක හොඳයි සමහරක් වෙලාවට වෙනත් රෝග තත්ත්වයන් වලට අහිතකර වෙන්න පුළුවන් .තදබල විදියට ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක්ට නිතර නිතරම නිරාහාරව ඉඳගෙන  වගේ පානය කරාම මොකද වෙන්නේ . සමහර විට වෙනත් විදිහකින් ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපි යම්කිසි උපදේශයක් ලබා ගන්න එක තමා වඩාත් සුදුසු .


ඉංග්‍රීසි බෙහෙත් වල ගොඩක් වෙලාවට අපි side effect ගැන අපි කතා කරනවා .දැන් සාමාන්‍යයෙන් දේශිය ඖෂධ වලට side effect ගැන එච්චරම කතා කරන්නේ නෑ. side-effects ටිකක් අඩු කියන මතය තමා ජනතාව තුළ තියෙන්නෙ. ඇත්තටම ඉඟුරු කොත්තමල්ලි වැඩිපුර ගැනීමෙනුත් side effects  තියෙනවද?


 ඕනම දෙයක් ඕනවට වැඩිය හොඳ නෑ කියල කතාවක් තියෙනවා. ඒ වගේ තමයි අපේ සෑම ඖෂධයක්ම මං හිතන්නේ බටහිර ඖෂධ වගේම අතුරු ආබාධ ඇති කරන්නේ නැති බව ඇත්ත . ඒ වුණත් වෛද්‍ය නිර්දේශයක් අනුමැතියක් ලබාගෙන භාවිතා කළ යුතුම ඖෂධ අපේ වෛද්‍ය ක්‍රමය තුල තියනවා. සමහර ඖෂධ කිසිම  වෛද්‍ය නිර්දේශයක් නැතුව රෝගීන්ට ලබා ගන්න බෑ . ඒ වගේම දෛනිකව  සමහරක් රෝග අවස්ථා සඳහා අත් බෙහෙත් ලෙස පිළියෙල කර ගන්න පුළුවන් ඖෂධ වර්ග අපි ගාව තියෙනවා. ඒවා එදා අපේ ගෙදර අම්මා වැඩිහිටියෝ දන්නවා උණක් හැදුනොත් බඩේ අමාරුවක් ඒ වගේ දෙයක් හැදුනොත් ඒ වගේම හිසරදයක් හැදුනොත් කැපුනොත් මොනවද ඒ වෙලාවට ගන්න පුළුවන් සරලම දේ කියලා .ඉතින් ඒ දේ තුළ කිසිම අවස්ථාවක ඔය කියන නරක වූ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ . අතුරු ආබාධ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.  මොකද ඒවා මේ වටපිටාවෙන් හොයාගන්නේ . හැබැයි එහෙම නොවන අවස්ථා තියෙනවා .අපි විශේෂ රෝග සඳහා තියෙනවා සමහරක් අයුර්වේද ඖෂධ වර්ග දේශිය ඖෂධ වර්ග තියෙනවා ඒක වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්න ඕනේ. මොන මාත්‍රාවෙන් කොපමණ කාලයක් දෙන්න ඕනෙද කියන එක. එහෙම නැති උනොත් එහෙම බරපතළ අතුරු ආබාධ ඇති කරන්න පුළුවන් .ඇත්තටම අපි ඉඟුරු කොත්තමල්ලි ගැන විශේෂයෙන් සඳහන් කළොත් මේක වෙන වෙනම කතා කළොත් එහෙම ඉඟුරු වල තියන ඉඟුරු විතරක් අපි භාවිතා කරන්න ගත්තොත් වෛද්‍ය උපදේශයක් නැතුව සමහරක් වෙලාවට අපිට වෙනත් රෝග තත්ත්ව එක බලපන්න පුළුවන් හිතමු ගැස්ට්‍රයිටිස් තියෙන රෝගියෙක් මේ අවස්ථාවේදී කොරෝනා රෝග සඳහා ඉඟුරු හොඳයි කියලා ඉඟුරු දිගින් දිගටම භාවිතා කළොත් ඒකෙන් එයාගෙ ගැස්ට්‍රයිටිස් තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවලදී නිවරදිව වෛද්‍ය උපදේශ අරගෙන එක පාවිච්චි කරන්න ඕනේ. කොත්තමල්ලි ගත්තහම වෙනිවැල්ගැට පත්පාඩගම් මේ හැමදෙයක්ම අපි භාවිතා කරනවා විශේෂ රෝග අවස්ථාවලදී සමහර ඖෂධ වර්ග පිළියෙල කර ගැනීම සඳහා   ආයුර්වේද ඖෂධ වල side-effects නැත්නම් අතුරු ආබාධ ඇතිවීම රඳා පවතින්නේ ඒ ඒ රෝග අවස්ථාවලදී ගන්න මාත්‍රාව වෛද්‍ය උපදෙසක් මත ද ගන්නේ කියන එක මතයි.
 
මේ දවස් වල තේ වෙනුවට බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා ඉඟුරු කොත්තමල්ලි .අපි ඉඟුරු කොත්තමල්ලි වල ගුණ ගැන කතා කරමු. ඒ වගේම බටහිර වෛද්‍ය ක්‍රමයේ හැම බෙහෙතකට ම අපි ඩෝස් එකක් කියනවනේ .මාත්‍රාවක් තියන.වා දැන් එතකොට ඉඟුරු කොත්තමල්ලි බොන්න ඕන විදිහ මාත්‍රාවක් තියෙනවද?

 අනිවාර්යෙන්ම අපි වෛද්‍ය ක්‍රමය තුළ ඉඟුරු කොත්තමල්ලි කියන එක ඒ ඒ රෝග අවස්ථාවලදී ගන්න ඕන මාත්‍රාවන් සඳහන් වෙලා තියෙන.වා දැන් අපි කුඩා දරුවෙක් සදහා දෙන මාත්‍රාව කොපමනද එහෙම නැත්නම් වැඩිහිටියෙක් ට දෙන මාත්‍රාව කොපමනද කියන එක වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්නේ .ඒ හැම අවස්ථාවකදීම ඔහු පෙළෙන රෝග තත්ත්වය ,ඔහුගේ වයස ඒ සියලුම දේවල් සලකලා අපි සාමාන්‍යයෙන් අපි ඖෂධයක් විදිහට තමයි ඉඟුරු කොත්තමල්ලි වුනත් භාවිතා කරන්න කියන්නේ. මේකේ සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදර සෙම් රෝග අවස්ථා උණ, හෙම්බිරිස්සාව ,කැස්ස වගෙයි තියෙනකොට ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බලා බොනවා.ඒක තුළින් අපිට පුළුවන්කම තියෙනවා අපිට ස්වභාවිකව අපි ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන අර වෛරස් රෝග වලින් ආරක්ෂා වෙන්න හැකියාව ලැබෙනවා .ඒ සඳහා අපි ලබා ගත යුතු මාත්‍රාව හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් අනුමැතියකින් ලබාගන්න අවශ්‍යයි. විශේෂයෙන් කුඩා දරුවෙක්ට ලබා දෙනව නම් ගොඩක් වයසක කෙනෙක්ට ලබාදෙනවා නම් ඒ උපදෙස් මත ලබා දීම තමයි වඩාත් සුදුසු .ඒ හින්දා ආවට ගියාට ඕනම වෙලාවකට තම්බ තම්බ බොන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.

එතකොට දැන් මේ දවස් වල බොහෝ දෙනෙක් කරන විදිහ වැරදිද? සාමාන්‍යයෙන් මේ දවස් වල බොහෝ අය  දෙපාරක් ඉඟුරු කොත්තමල්ලි බොනවා. එතකොට මේක වැරදි ද ?

වැරදි නැහැ. හැබැයි ඒවා යම් උපදේශයක් අරගෙන ගන්නවා නම් වඩා හොඳයි. හිතමු අපි සමහරක් අයට ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක් කොහොමද ඉඟුරු කොත්තමල්ලි බොන්න ඕනේ? එතකොට ඒකට යම්කිසි වෛද්‍ය උපදේශයක් අරගන්න එක හොඳයි සමහරක් වෙලාවට වෙනත් රෝග තත්ත්වයන් වලට අහිතකර වෙන්න පුළුවන් .තදබල විදියට ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක්ට නිතර නිතරම නිරාහාරව ඉඳගෙන  වගේ පානය කරාම මොකද වෙන්නේ . සමහර විට වෙනත් විදිහකින් ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපි යම්කිසි උපදේශයක් ලබා ගන්න එක තමා වඩාත් සුදුසු .

ඉංග්‍රීසි බෙහෙත් වල ගොඩක් වෙලාවට අපි side effect ගැන අපි කතා කරනවා .දැන් සාමාන්‍යයෙන් දේශිය ඖෂධ වලට side effect ගැන එච්චරම කතා කරන්නේ නෑ. side-effects ටිකක් අඩු කියන මතය තමා ජනතාව තුළ තියෙන්නෙ. ඇත්තටම ඉඟුරු කොත්තමල්ලි වැඩිපුර ගැනීමෙනුත් side effects  තියෙනවද?



 ඕනම දෙයක් ඕනවට වැඩිය හොඳ නෑ කියල කතාවක් තියෙනවා. ඒ වගේ තමයි අපේ සෑම ඖෂධයක්ම මං හිතන්නේ බටහිර ඖෂධ වගේම අතුරු ආබාධ ඇති කරන්නේ නැති බව ඇත්ත . ඒ වුණත් වෛද්‍ය නිර්දේශයක් අනුමැතියක් ලබාගෙන භාවිතා කළ යුතුම ඖෂධ අපේ වෛද්‍ය ක්‍රමය තුල තියනවා. සමහර ඖෂධ කිසිම  වෛද්‍ය නිර්දේශයක් නැතුව රෝගීන්ට ලබා ගන්න බෑ . ඒ වගේම දෛනිකව  සමහරක් රෝග අවස්ථා සඳහා අත් බෙහෙත් ලෙස පිළියෙල කර ගන්න පුළුවන් ඖෂධ වර්ග අපි ගාව තියෙනවා. ඒවා එදා අපේ ගෙදර අම්මා වැඩිහිටියෝ දන්නවා උණක් හැදුනොත් බඩේ අමාරුවක් ඒ වගේ දෙයක් හැදුනොත් ඒ වගේම හිසරදයක් හැදුනොත් කැපුනොත් මොනවද ඒ වෙලාවට ගන්න පුළුවන් සරලම දේ කියලා .ඉතින් ඒ දේ තුළ කිසිම අවස්ථාවක ඔය කියන නරක වූ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ . අතුරු ආබාධ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.  මොකද ඒවා මේ වටපිටාවෙන් හොයාගන්නේ . හැබැයි එහෙම නොවන අවස්ථා තියෙනවා .අපි විශේෂ රෝග සඳහා තියෙනවා සමහරක් අයුර්වේද ඖෂධ වර්ග දේශිය ඖෂධ වර්ග තියෙනවා ඒක වෛද්‍යවරයා විසින් තමයි තීරණය කරන්න ඕනේ. මොන මාත්‍රාවෙන් කොපමණ කාලයක් දෙන්න ඕනෙද කියන එක. එහෙම නැති උනොත් එහෙම බරපතළ අතුරු ආබාධ ඇති කරන්න පුළුවන් .ඇත්තටම අපි ඉඟුරු කොත්තමල්ලි ගැන විශේෂයෙන් සඳහන් කළොත් මේක වෙන වෙනම කතා කළොත් එහෙම ඉඟුරු වල තියන ඉඟුරු විතරක් අපි භාවිතා කරන්න ගත්තොත් වෛද්‍ය උපදේශයක් නැතුව සමහරක් වෙලාවට අපිට වෙනත් රෝග තත්ත්ව එක බලපන්න පුළුවන් හිතමු ගැස්ට්‍රයිටිස් තියෙන රෝගියෙක් මේ අවස්ථාවේදී කොරෝනා රෝග සඳහා ඉඟුරු හොඳයි කියලා ඉඟුරු දිගින් දිගටම භාවිතා කළොත් ඒකෙන් එයාගෙ ගැස්ට්‍රයිටිස් තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවලදී නිවරදිව වෛද්‍ය උපදේශ අරගෙන එක පාවිච්චි කරන්න ඕනේ. කොත්තමල්ලි ගත්තහම වෙනිවැල්ගැට පත්පාඩගම් මේ හැමදෙයක්ම අපි භාවිතා කරනවා විශේෂ රෝග අවස්ථාවලදී සමහර ඖෂධ වර්ග පිළියෙල කර ගැනීම සඳහා   ආයුර්වේද ඖෂධ වල side-effects නැත්නම් අතුරු ආබාධ ඇතිවීම රඳා පවතින්නේ ඒ ඒ රෝග අවස්ථාවලදී ගන්න මාත්‍රාව වෛද්‍ය උපදෙසක් මත ද ගන්නේ කියන එක මතයි.

 අද කාලේ ගොඩක් මිනිස්සු කෑම කනවට වඩා වැඩියෙන් බෙහෙත් බොනවා. ඒ නිසාම ලෙඩක් හැදෙන්න කලින් ලෙඩක් හදා ගැනීම වළක්වා ගැනීම ඉතා වැදගත් දැන් කොහොමද මේක කරන්නේ අපි ගන්න එදිනෙදා ආහාර අපේ ඖෂධ බවට පත් කර ගන්නේ කොහොමද ? එහෙමනම් කොරෝනාවලින් බේරෙන්න එදිනෙදා අපේ ආහාර වේල තුළ අපි අපේ ප්‍රතිශක්තිය වැඩි කරන කෑම කොහොමද ?


corona අවස්ථාවත් එක්ක පහුගිය වසරට ගියාම අපි ආපස්සට හැරිලා බැලුවම අපේ ජනතාව පුදුමාකාර පෙළගැස්මක් තියෙනවා දේශය අහාරවලට හා දේශිය ඖෂධ වලට විශාල නැඹුරුවක් තියෙනවා.  ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. අපේ රට තුළ වස විසෙන් තොරව නිවැරදි ආහාර වේලක් කෙසේද අපි ජනතාවට භුක්ති විඳින්න සලසන්නේ. දැන් මිනිස්සු පෙළඹිලා තියෙනවා පෝෂදායි හොඳ ආහාර වේලක් ලබා ගන්න. ඒක හොඳ මගපෙන්වීමක්. දැන් වෙද්දි මම හිතන්නේ අපි අපේ ආහාර වේල ඖෂධයක් විදියට තේරුම් අරගෙන ඒ අනුව අපි අපේ ආහාර වේල සකස් කර ගන්න ඕනේ . ඒ කියන්නේ රෝග ඇතිවීම වළක්වා ගැනීම ,ලෙඩක් නොවී කෑමක් ලබා ගන්න ඕනේ ඒක තමයි අපිට වෙන්න ඕන දේ. අපිට හුඟක් වෙලාවට කරන්නේ ජීවත් වෙන්න නෙමෙයි මැරෙන්නෙ කන එක කරන්නේ. ඒක තමයි අපි වර්තමානය තුළ ශ්‍රී ලංකාව තුළ දකින ප්‍රධානතම දේ. ජීවත් වෙන්න නෙමෙයි  මේ මිනිස්සු ආහාර ගන්නේ ජීවිතේ නැති කරගන්න .මොකද ඒක හොඳටම පේනවා මෑත කාලේ බෝ නොවන රෝග ටික මේ වසංගතයක් විදිහට රට පුරා ව්‍යාප්ත වෙන විදිහ. ට දියවැඩියාව, හෘද රෝග ,පිළිකා , අක්මාවේ රෝග, වකුගඩු රෝග විකාශනය දිහා බැලුවහම පැහැදිලිව පේනවා අපේ ජීවන රටාවන් බලපාල තියනවා. ඒකෙ ප්‍රධාන හේතුව කාරණාව ආහාර . එතකොට ආහාර කොතනද අපිට වස උනේ. වස විසෙන් තොර ව අපි අපේ ආහාර සකස් කර ගන්න ඕනේ. ඒ සඳහා හොඳ මඟපෙන්වීමක් අපිට මේ කාල පරිච්ඡේදය තුළ ලැබුණා.  අපි දැන් අපේ දේශීය ආහාර වේල ගැන වඩාත් සැලකිලිමත් වෙමින් ඉන්නවා.  මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත් දේ තමයි පුද්ගල ප්‍රතිශක්තිකරණය .ඉතින් ඒකට ඉතාමත් වැදගත් ආහාර.  බටහිර වෛද්‍ය ක්‍රමය තුල ප්‍රතිශක්තිය ව ඉහළ නංවන ආහාර විදියට අපි සඳහන් කළොත් විටමින් බී විටමින් සී ඒ වගේම   සින්ක් බහුල පවතින ආහාර ගන්න පුළුවන්.  

දැන් අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මිනිස්සු මේ වගේ අවස්ථාවක වැඩිපුර ලබා ගන්නට ඕන ආහාර පිළිබඳ සඳහනක් කරන්න පුලුවන්ද ?

ඇත්තටම පුළුවන් . මේ වෛද්‍ය ක්‍රමය තුල ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියනවා සෑම පුද්ගලයෙක්ම මධුර ,අම්ල, ලවණ, කටුක, තිත්ත ,කසාය මේ වගේ රස හය අන්තර්ගත ආහාර වේලක් අපි ලබා ගන්නවා නම් අපිට සියලුම සංඝටක අපේ ශරීරයට එකතු කරගන්න පුළුවන්  .අපි ආහාර පිළියෙල කර ගැනීමේදී බොහෝ දේවල් එකතු කරනවානේ. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි තුන පහ අපේ ආහාරයට හොඳින් එකතු කර ගන්නවා . එතකොට මේ තුන පහ කියන දේවල් දිහා බලන්න පොඩ්ඩක් ඉඟුරු කොත්තමල්ලි කරපිංචා කරදමුංගු මාදුරු සූදුරු සුදුලූනු මේ සියලුම දේවල් අපි එකතු කරගන්නවා. මේ සියලු දේවල් වල අපේ ශරීරයට අත්‍යවශ්‍ය මූලික සංඝටක තියෙනවා.

ඒ වගේම උදාහරණයක් ගත්තොත් අපිටම ආවේණික කුරුඳු. කුරුදු කියන්නේ මනුෂ්‍යයෙක් ජීවත් කරවන්න මනුෂ්‍යයෙක් තුළ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒ වගේම රෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න අත්‍යවශ්‍ය සංඝටක බොහොමයක් අන්තර්ගතයි. එතකොට අපි මේ වගේ විශාල ප්‍රමාණයක් පරිසරය තියෙන ශාක කොටස් වලින් අපේ ශරීරයට එකතු කරගන්නවා. එතුලින් අපිට මේ කියන ශක්තිය ශරීරය තුළ ගොඩනැගෙනවා .විෂබීජ ආසාදන වලට ඔරොත්තු දෙන්න පුළුවන් මෙවැනි වසංගත රෝගයක් අපේ ශරීරය තුළට එන්න පුලුවන් වයිරස් වෙන්න පුළුවන් බැක්ටීරියා වෙන්න පුළුවන් එවැනි රෝග අවස්ථාවකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් ගොඩනගන සංඝටක අපි මේ කතා කරන  අපේ වෙදකම තුළ තියෙන ඖෂධ හා ආහාර තියෙනවා.

covid රෝගයේ අවදානම වැඩිපුරම තියෙන්නේ බෝ නොවන රෝග තියන ජනතාවට. ඒ නිසාම බෝ නොවන රෝග අවදානම අඩුකර ගැනීම පිළිබඳවත් අපි විටෙන් විට නිතර නිතර ඔබව දැනුවත් කරනවා. එතකොට වෛද්‍යතුමනි දැන් බො නොවන රෝග අවදානම අඩුකර ගැනීම සඳහා අපේ පාරම්පරික ආහාර රටාවට නැවත ආපසු ගමන් කිරීමේ වැදගත්කම ගැන කිව්වොත්?

 

 අනිවාර්යෙන්ම අපි පසු විපරමක් කරන්න ඔන අපිට මොකද උනේ කියලා. අපි අද වෙද්දි බරපතල විදිහට රෝග විශාල වශයෙන් රට තුළ මතු වෙනවා වගේම ඊට වඩා භයානක ලෙස බෝ නොවන රෝගවලින් ජනතාව පීඩා විඳිනවා. හරියට බැලුවොත් එහෙම වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ දිනකට බෝනොවන රෝගවලින්. එතකොට මේ බෝ නොවන රෝග වසංගතයක් විදියට අද අපේ රට තුළ මෙතරම් ව්‍යාප්ත වෙලා තියෙන්නෙ ඇත්තටම අපෙ වරදි නිසයි. මග පෙන්වීමක් නැතුව ඉබාගාතේ අපේ ගමන් මග පහුගිය කලය තුළ සිද්ධ වුණා . ඒක ඇතුලේ අපේ අහාර රටාව වෙනස් වුණා. ජීවන රටාව වෙනස් වුණා .කන බොන හැටි කරන කියන දේ මානසිකව පාරිසරික ව මේ හැම දෙයක්ම විකෘති වුණා. ඒ විකෘතිය ප්‍රතිඵලයක් විදියට තමයි අපි අද මේ තත්ත්වය අත්විඳීමින් ඉන්නෙ.

 

කුඩා දරුවෙක් ගත්තත් අද බැලුවොත් අවුරුදු 10 වෙනකොට අවුරුදු 15 වෙනකොට අවුරුදු 20 වෙනකොට දියවැඩියාව තියෙන  ඉතාමත් බරපතළ සමාජ ප්‍රශ්නයක්. ඔවුන් තරුණ වන්න ඉස්සෙල්ලා ඔවුන් විශාල රෝග පීඩා සමුදායකින් පෙලෙනවා. ඒකෙන් අපිට තරුණ ජවය තරුණ ශ්‍රමය අපේ රටට අහිමි වෙනවා. පවුල් ජීවිත විනාශ වෙනවා. හැම දෙයක්ම අපිටත් භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ නිසි අවබෝධයක් නැතුව අපි ගත්ත ක්‍රියාමාර්ග නිසයි. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි අපිට මෙහෙම වුනේ කියලා. එකක් අපේ දේශීයව අපි පැවතගෙන ආපු ආහාර රටාව උඩුයටිකුරු කර ගත්තා. අපි අද කෑම ගන්නේ ජීවත් වෙන්න නෙෙමයි  මැරෙන්න. ඒක නිසා පුළුවන් තරම් අවබෝධය ලබා දෙන්න අපේ දේශීය වශයෙන් තිබිච්ච ආහාර රටාවේ ගුණාත්මක බව ගැන. අපේ දේශීය සහල් වර්ග ඒවායේ සහල් වර්ගවල  විශේෂ ගුණ පුදුම සහගතයි.


විටමින් වර්ග ගත්තොත් එහෙම ඒ සියලුම vitamins වර්ග ඔක්කොම තියෙනවා සහල් වර්ග වල තියෙනවා. ඒ වගේම ඉතාම අඩු පිෂ්ඨ ප්‍රමාණයක් තියෙන සහල් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි ජනතාවට හඳුන්වලා දෙන්න කාලය එළඹිලා තියෙන්නේ. ඒ වගේ තමයි වස විසෙන් තොරව මොකද අපි මේ භුක්ති විඳීන්නේ වැඩිහරියක්ම වස විස වලින් සන්නද්ද වෙච්ච ආහාරයි.   අපි රටේම  ආහාරය සඳහා ගන්නේ කෘමිනාශක, වල්නාශක හොඳින් මිශ්‍ර වෙච්ච බැරලෝහ හොඳින් මිශ්‍ර වෙච්ච ආහාර. ඒකේ ප්‍රතිඵලය මං හිතන්නේ අපි සියලු දෙනා දැන් භුක්ති විඳිනවා . මේක වහාම වෙනස් විය යුතුයි .එක සඳහා හොඳ මඟ පෙන්වීමක් මම හිතන්නවා ආයුර්වේදීය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා කොහොමද අපි නිරෝගීව ජීවත් වීම සඳහා අපේ මේ ඖෂධ වර්ග ටික භාවිතා කරන්න කියන එක.


 ලංකාවේ ව්‍යාප්ත වෙන මේ කොරෝනාවේ විවිධ රැලිත් එක්ක විවිධ පුද්ගලයන් ඉස්මතු වෙමින් පවතිනවා පළවෙනි රැල්ලේ ඒක කොටසක් , දෙවන රැල්ලේ තව කොටසක් හිටියා ඒ වගේම දැන් මේ තුන්වෙනි රැල්ල අවස්ථාවේදීත් අපි බෙහෙතක් හොයා ගත්තා මේක බිව්වහම මෙච්චර කාලෙකින් කොරෝනා එක හොඳ කරන්න පුළුවන් කියලා එහෙම කියන පිරිසක් ඉන්නවානේ. සමහර අය වෙද මහත්තයා කියන නමින් එනවා නමුත් කිසිම සුදුසුකමක් නැතුව. එතකොට මේ නැවත නැවත ජනතාව රැවැට්ටීම කරන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ පැත්තෙන් මොකද්ද මේකට විසඳුම ?

 

අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව මම හිතන්නේ අමාත්‍යාංශ මට්ටමින් සොයාබැලීමක් කරමින් තියෙනවා .අපි පිලිගන්නවා රටේ විවිධ පුද්ගලයෝ වෛද්‍යවරයෝ විදියට වෙදමහත්වරු විදියට පෙනී සිටිමින් දවසින් දෙකෙන් කොරෝනා සනීප කරන්න පුළුවන් කියන ප්‍රකාශය කරමින් විවිධ කූට ව්‍යාපාර පවත්වාගෙන යනවා. එක ඇත්තටම බරපතළ ප්‍රශ්නයක් මොකද පලවෙනි කොරොනා රැල්ල වෙලාවේ එක් කොටසක් මතු වුණා .ඒක එහෙමම නැතිවෙලා ගියා. ඊට පස්සේ දෙවන රැල්ල වෙලාවේ උදාහරණයක් ගන්න කොට පැණියක් අඳුන්වලා දීලා මුළු රටම මම හිතන්නේ  ඒ තරම්ම රැවටීමකට ලක් වුන අවස්ථාවක් මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ කොහේවත් නෑ. ඒත් මේ හෙළ වෙදකම මුල්කරගෙන මිනිස්සුන්ට කොරොනාව නැවත හැදෙන්නේ නැහැ මේක බිව්වහම මෙහෙමයි කියලා රට තුළ ලොකු ආන්දෝලනයක් කරා. අපේ මිනිස්සු එකටත් රැවටාලා  මම හිතන්නේ දහස් ගණන් පෝලිම්වල ගිහිල්ලා ඉඳගෙන ඒ වෙලාවේ  අපි දැක්කා හැසිරුන හැටි. එක අතකින් සාධාරණයි මිනිස්සු.   ජනතාව නිවැරදි දැනුවත් වීමක් කරන එක රජයේ යුතුකමක්. රජය දැනගන්න ඕනේ මේ වගේ අවස්ථාවක දී ඉතාමත් බුද්ධිමත් විදිහට ජනතාව අතරට මේ පණිවිඩ අරගෙන යන්න. මාධ්‍ය දැනගන්න ඕනේ. මාධ්‍යට ලොකු කාර්යභාරයක් තියෙනවා හරි දේ ජනතාවට දෙන එක .ඒත් එහෙම සිද්ධ වුණේ නෑ. මේක මහා බරපතළ විදිහට අපි ලෝකෙට බෙහෙත් හොයා ගත්තා කියලා ප්‍රකාශ කරන්න තරම් ඉදිරිපත් වුණා විශේෂයෙන්ම සාධකයක් නැතුව.


 අනිත් එක තමයි මේ කිසි කෙනෙක් නිසි සොයා බැලීමකින් තොරව තමයි කටයුතු කළේ අද වෙනකොට ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව කරන ලද පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ තියෙනවා . අද සත්‍ය තත්ත්වය අවබෝධ වෙලා තියෙනවා මේ දෙවැනි රැල්ල තුළ ඇති වෙච්ච දැන් තුන්වෙනි රැල්ලත් එක්ක කී දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවද මට  දවස් දෙකකින් සනීප කරන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙම වෙන්න බෑ . අපි වෛරස් රෝග  වෛද්‍යවරු  විදිහට පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන් දේශිය වෛද්‍යවරු දන්නවා වෛරස් රෝග හැසිරීම කොහොමද කියලා . ඒ සඳහා බෙහෙත් කියන්න ඉක්මන් වෙන්න ඕනේ නෑ.   අපිට තියෙනවා මේ රෝග වලක්වා ගන්න ඉතාමත් සාර්ථක ක්‍රමවේද .මොකද නිරෝධානය කියන එක අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ අපේ වෛද්‍ය ක්‍රමය තුළ ආපු දෙයක්.  අපි මීට පෙර වුණත් අපිට පැපොල රෝගය හැදෙන කොට අපි මේ නිරෝධායන කරා . මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. රෝගියාට වෙනම කෑම බීම ටික දීලා වෙන්කර තියෙන්න, සලකුණක් තියෙන එක මේ ගෙදර බෝවන රෝගියෙක් ඉන්නවා මේ ගෙදරට යන්න එපා කියලා ජනතාව දැනුවත් කරන එක ගෙදර අය ඒ සඳහා ආරක්ෂක ක්‍රමවේදය භාවිතා කරන එක දුං අල්ලලා විෂබීජ නාශක ක්‍රියාවලි කාරල මේ ඔක්කොම අපි අතීතයේ ඉදන් කරගෙන ආපු ඒවා. දැන් අපි අමුතුවෙන් කියලා මේ කොරෝනා වෛරස් එකට කියලා අපිට ජනතාවට කියන්න දෙයක් නෑ .අපි මේ වෛද්‍ය ක්‍රමය නිරෝධන ක්‍රියාවලි තියෙනවා.


අපිට අද තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න වෙලා තියෙනවා. මාස්ක් එකක් පළදින ඒක මොකද අපි දන්නවා නාසය තුළිනුයි මුඛයෙනුයි ඇතුළු වෙන්නේ. අපි එහෙනම් ඒ දෙක ඉස්සෙල්ලා ආවරණය කරගන්න ඕන ඇතුළු වෙන වාර වහගන්න ඔන. අපි දෑත් පිරිසුදු කර ගන්නවා මොකද මේ විෂබීජය ශරීරගත කර ගන්නේ දෑත්වලින්. මේ  මොන වෛද්‍ය ක්‍රමය ඇතුළෙත් එක සමානයි. අපිට වෙලා තියෙන අපේ විෂය පථය තුළ විවිධ පුද්ගලයෝ විවිධ ආකාරයෙන් පෙනී සිටිමින් සමහරක් අය දන්නවා ගුප්ත විද්‍යාව කරමින් ඒ ගුප්ත විද්‍යාවෙන් සනීප කරන්න හදනවා මෙවැනි විවිධ පුද්ගලයන් ඇවිල්ලා අපිට මේක සනීප කරන්න පුළුවන් කියලා කියනවා.

 

බාටහිර වෛද්‍ය විද්‍යාව තුළ අපි වැඩිපුර  වෛද්‍ය පරීක්ෂාව පිළිබඳව කතා කරනවා. ඔබ නියෝජනය කරන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ සායනික පරීක්ෂණ වලට තියෙන්නේ මොන වගේ තැනක්ද ?

 

අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල දැන් නව ඖෂධයක් හඳුන්වා දෙනවා නම් අනිවාර්යෙන් සායනික පරීක්ෂණ වලින් තහවුරු කරන්න ඕනේ. ඒක රෝග අවස්ථාව සඳහා සාර්ථක ඖෂධයක් නම් අලුත් ඖෂධයක් නම් ඒ වගේම අපි දැන් භාවිතා වන බොහෝ ඖෂධ වර්ග ඒ ඖෂධ සංග්‍රහය තියෙන බොහොමයක් ඖෂධ අවුරුදු තුන්දාහක් හරදාහක් තිස්සේ ජනතාවට ලබාදුන්න දේවල් . එතකොට දැන් අපිට අලුතින් මේකට animal ට්‍රයල් එකක්වත් කරන්න දෙයක් නැහැ. අවුරුදු දහස් ගානක් මිනිස්සුන්ට දීලා ඒ ප්‍රතිඵල දන්නවා.  එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය අවිවාදයෙන් පිළි ගන්නවා ‍ නැවත සායනික පරීක්ෂණ තහවුරු කරන්න අවශ්‍යතාවයක් නෑ කියලා.  මේක රෝගයට හොඳයිද නැද්ද කියලා  අපේ වෙදකමත් එක්ක බද්ධ වෙලා අපි දැනටත් කරගෙන යන දේවල්. හැබැයි අපි ලෝකෙට මේ සමහර ඖෂධ වර්ග කියද්දී අපි ලෝකෙට ඖෂධ වර්ගයක් අරගෙන යනකොට සිද්ධ වෙනවා ,මම විශේෂයෙන් එහෙම පරීක්ෂණ ගණනාවක් කරල තියනවා සායනික පරීක්ෂණ අපි අවශ්‍ය අවස්ථාවට ඒ අපි ලෝකෙට අරන් යන හින්දා එතකොට අපි පැහැදිලිවම සායනික පරීක්ෂණ වලින් තහවුරු කරන්න ඕන මේ ඖෂධය රෝගයක් සඳහා නම් හොඳද කියලා.   ඉතින් එහෙම සාධක ඇතුව තමයි අලුත් ඖෂධ සහ අපේ තියෙන ඖෂධ ලෝකය තුළට ගෙනියන්න පුළුවන් වෙන්නේ . හැබැයි කිසිම ඖෂධයක් එහෙම සායනික තොරතුරක් නැතුව කෙනෙක්ගෙ හිතුමතේට භාවිතා කරන්න බෑ. ඒ වගේ ප්‍රකාශ අප්‍රමාණ දකිනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියාවලට ගියාම විවිධ පුද්ගලයෝ විවිධ ආකාරයේ ඖෂධ වර්ග ගැන කතා කතා කරනවා. මේ කොරෝනා රෝග අවස්ථා ඩෙංගු රෝග මේ හැම දෙයක් සම්බන්ධව ම ඔවුන් කියනවා එක එල්ලේම මට මේක නිට්ටාවටම සනීප කරන්න පුළුවන් කියලා .ඒත් හුදෙක් ප්‍රකාශ විතරයි. අපේ රටේ ජනතාව එවැනි දේවල් මම හිතන්නේ රැවටීමට ලක් වෙන්න හොඳ නෑ.


මේ වගේ වසංගත රෝග අවස්ථාවක ජනතාවත් ඉතාම බියපත්ව ඉන්නේ .එතකොට මෙහෙම  අවස්ථාවල විවිධ වෙළඳ පරමාර්ථ මුල් කරගෙන මිනිස්සුන්ව රවට්ටන්න පිරිසක් වෙලා තියෙනවා ඉන්නවා කිසිම සුදුසුකමක් නැති පුද්ගලයන් තමන් වෛද්‍යවරුන් කියාගෙන එහෙමත් නැත්නම් වෙද මහත්වරුන් කියාගෙන මේ වගේ යම් යම් දේවල් ජනතාවට බලාගෙන ඉන්නවා .ඉතිං අපි අපේ ජනතාව පරිස්සම් කර ගැනීම වෙනුවෙන් අවසාන ඔවදනක් ඔබතුමා ලබා දෙන්න.


වෛද්‍ය ක්ෂේත්‍රය තුළ වෛද්‍යවරයෙක් වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා ඔබ දන්නවා. උසස් පෙළ ජීව විද්‍යාව සමත් වෙලා විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා වෛද්‍ය උපාධියක් ලබා ගන්න ඕනේ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වගේම දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් වෛද්‍යවරු  නිර්මාණය වෙන විදියක් තියෙනවා. අපේ රටේ තියෙනවා විශ්ව විද්‍යාල හතරකින් ආයුර්වේද වෛද්‍යවරු බිහිවෙනවා. ඊට අමතරව පාරම්පරික වෛද්‍යවරුන් අපේ රටේ නම් මේ පාරම්පරික වෛද්‍යවරු කියන්නේ අපි අවුරුදු දාස් ගාණක් තිස්සේ අපේ රටේ හෙළ වෙදකම ඉදිරියට අරන් ආපු පරම්පරා නියෝජනය කරන වෛද්‍යවරු. අවිවාදයෙන් අපි ඔවුන් පිළිගන්න ඕනේ. විවිධ පුද්ගලයෝ අද වෙනකොට මේ ක්ෂේත්‍රය තුළ විවිධ රඟදැක්වීම් කරනවා. ඔවුන් විවිධ ක්‍රම වලට තමයි ඒ වෛද්‍ය ක්‍රම අරගෙන එන්නේ. ඒවට මම හිතන්නේ සිද්ධාන්ත කිසි දෙයක් නැති විවිධ බලයන් තමන්ට යම්කිසි බලයක් තියෙනවා , භූත බලවේග තියෙනවා එහෙම නැත්නම් කට්ටඩි හැම කෙනෙක්ම මේක ඇතුළු නියෝජන වෙනවා. කොහෙන් එනවද කර හිතාගන්න බෑ. ඉතිං ජනතාවගෙන් ඉල්ලන්නේ ඒ කිසි දෙයකට ජනතාව රැවටෙන්න ඒපා බුද්ධිමත්ව කටයුතු කරන්න.