
මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
කොටිකාවත්ත-මුල්ලේරියාව
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ 237 දෙනකු සඳහා ඉකුත් 29 වැනි සිදුකළ කළ පී සී ආර් පරික්ෂාවෙන් 174 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරිකත නලින් ෆොන්සේකා මහතා පැවසීය. ආසාදිත පිරිසෙන් 70 දෙනකුම ගොතටුව ඇල්හේන ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අය බව ද ඔහු සඳහන් කළේය.ඉකුත් 29 වැනිදා සිදුකළ පී සී ආර් පරික්ෂණවල ප්‍රතිඵල ඉකුත් 01 වැනිදා ලැබී තිබූ අතර ඒ අනුව මෙම පිරිස හඳුනා ගෙන තිබිණි.
හිඹුටාන, අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත, ගොතටුව මාදින්නාගොඩ යන ප්‍රදේශවලින් එම පිරිස් හමු වූ බව ද ඔහු පැවසීය.ඒ අනුව රෝගය ආසාදිත අයවලුන්ගේ පවුල්වල සාමාජිකයන් 500 කට ආසන්න පිරිසක් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බවද ඔහු සඳහන් කළේය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 300 දෙනකු සඳහා පී සී ආර් පරික්ෂණ අද (04) දිනයේ සිදුකරනු ඇති බවද හෙතෙම පැවසීය.කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉකුත් 23 වැනිදා 200 දෙනකු සඳහා සිදුකළ පී සී ආර් පරික්ෂණවලින් 77 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබූ අතර මේ වන විටත් අලුත් අවුරුදු කොවිඩ් රැල්ලෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 300කට ආසන්න බවද සඳහන් වෙයි.
මොරටුව
මොරටුව මහ නගර සභාවේ කසළ අංගනයේ සේවකයන් කිහිප දෙනකුගේ උගුරේ ආබාධ සහ උණ මතුවීම හේතුවෙන් ඇති වූ සැකය මත විසිදෙනකුට ඇන්ටිජන් පරික්ෂණ විස්සක් කර ඇති අතර සේවකයන් දස දෙනෙකුට කොරෝනා ආසාදිත බවට එහිදී හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගෙන් අප විමසීමක් කළ අතර ඔහු පැවසුවේ උණ ආදී රෝගාබාධ මතුවීම හේතුවෙන් ඔවුන්ට ඇන්ටිජන් පරික්ෂණ කළ බවය.මහනගර සභා බල ප්‍රදේශය මොරටුව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වුවද එහි නිලධාරින් කිසිවකුත් මෙම රෝගීන් පිළිබඳව අවධානය යොමු නොකළ බව ද ඔහු කීවේය.
අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විටින් විට මේ පිළිබඳව දැනුවත් කළ බව ද ඔහු පැවසීය.සිය සේවකයන් අනතුරේ නොදා ඔවුන් සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් මොරටුව මහ නගර සභා පරිශ්‍රයේ ස්ථානයක් සකසා ලබා දීමට කටයුතු කරන බව ද මොරටුව පුරපතිවරයා පැවැසිය.මොරටුවේ නිවෙස්වලින් ඇතැමුන් කැළිකසළ බැහැර ලීමේ දී ඔවුන් පළඳින මාක්ස් එක පවා මෙම සේවකයන් අතට පත් කිරිමට තරම් අකාරුණික වූ බව ද ඔහු සඳහන් කළේය.
මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඊයේ (3) දිනයේ දී කොරෝනා ආසාදිත රෝගීන් 51 දෙනකු හමුවූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩී. ආර්. සංජීව මහතා පැවැසීය. මෙම ආසාදිතයන් අතර විවිධ ආයතනවල සේවය කරන පුද්ගලයන්, මීට පෙර හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ පවුල්වල සාමාජීකයන්, ආශ්‍රිතයන් සහ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා විවිධ රෝහල්වලින් පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන පුද්ගලයන් වන බව ද ඒ මහතා පැවසීය.
බුලත්සිංහල
බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශය තුළ කොවිඩ් තුන්වැනි රැල්ලේ පළමු මරණය ලෙස (77)හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කොරෝනා පැතිරීම වැළක්වීමේ අංශභාර උපපොලිස් පරික්ෂක උපාලි මහතා පැවසීය. කොවිඩ් රෝගය වැළඳුනු මෙම කාන්තාව පෙරේදා (2) හොරණ මූලික රෝහලේදී මියගොස් ඇති අතර ඇය බුලත්සිංහල ගල්කැටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ගල්ගමුව
කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම ඉහළ යාමත් සමග ගල්ගමුව නගරය දින තුනකට වසා දැමීමට තීරණය කර තිබේ.
ගල්ගමුව නාගරික වෙළෙඳ සංගමය හා වෙළෙඳ ප්‍රජාව සදහන් කළේ අද (04) සිට ලබන 6 වැනිදා දක්වා වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවයි.
ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේව බල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
පානදුර
පානදුර සෞඛ්‍යබල ප්‍රදේශයට අයත් කෙසෙල්වත්ත තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයන් පිරිසකට කොවිඩි ආසාදනය වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.සිද්ධිය සැලවීමත් සමගම එම තැපැල් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය පැවසීය. ආසාදිත සේවකයන් ස්වයං නිරෝධායනයට ලක්කළ බවද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර පානදුර හොරණ පාරේ පිහිටි බැංකු ශාඛාවක නිලධාරියකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එහි කළමනාකාරු ඇතුළු 30 කට අධික නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක්කොට ඇතැයි පානදුර නගර සභාවේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොරමුදලි මහතා පැවසීය.
කොවිඩ් ආසාදිත නිලධාරියා ඇසුරු කළ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කොට ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර එම ශාඛාවේ කටයුතු සඳහා වෙනත් නිලධාරින් යොදවා තිබෙන අතර ගනුදෙනු කිරීම පෙ.ව. 8.30 සිට 2.30 දක්වා සීමා කර ඇති බවත් එම ශාඛාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
වාද්දුව
වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් පිංවත්ත, පිංවන්ත බටහිර හා නාරමිපිටි යන ග්‍රාම සේවක වසම් 03 ක් හුදකලා කිර්මට තීරණය කළ බව වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛදරන් සිල්වා මහතා පැවසිය. මේ වනවිට වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කුඩා වස්කඩුව උතුර ග්‍රාම සේවා වසමේ එකම පවුලේ 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු මීට දින කිහිපයකට ඉහතදී ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වීම නිසා ඔහු ඇසුරු කළ සමීපතයින් 04 දෙනෙකු ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු යෙදූ බව අදාළ කලාප භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නාලක පීරිස් මහතා පැවැසීය.
අවිස්සාවේල්ල
පැතිර පවත්නා කොරෝනා රෝගය හේතුවෙන් අවිස්සාවේල්ල ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනයද අඩුවී නගරයද ඇඳි නීතිය පැනවූවාක් මෙන් පාළුවට ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගම්බද මාර්ගවලද මගීන් අඩුවීමෙන් බස් රථවල ධාවනයද අඩුවී ඇතැයි ඔවුහු කීහ.මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ ප්‍රකාශකයෙක් පැවසුවේ දැනට මගීන් අඩුවීමෙන් එක ගමකට එක බස් රථය බැගින් ගමන් කරන බවයි. කොරෝනා බිය නිසා බඩුවක් මුට්ටුවක් මිලදී ගැනීමට පවා පාරිභෝගිකයෝ නගරයට එන්නේ නැතැයි වෙළඳසල් හිමියෝ පැවසූහ.
හංවැල්ල
හංවැල්ල සතිපොළ භූමියේ පසුගියදා සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් 10 දෙනෙකුටකොඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා (03) පැවසිය. පහත්ගම ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙක්ද පහළ හංවැල්ල ප්‍රදේශයේ එකම පවුලේ 03 දෙනෙක්ද ජයවීරගොඩ ප්‍රදේශයේ එක් පුද්ගලයෙක්ද මෙම පිරිසට අයත් බව සෞඛ්‍ය අංශ පවසයි.ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය කර පසුව පී.සී.ආර්. පරික්ෂණ සඳහා ඉදිරිපත් කිරිමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.
අලුත්ගම හා බේරුවල
අලුත්ගම නගරයේ පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි බැංකුවක ආරක්ෂක නිලධාරින් දෙදෙනකු හා බැංකු නිලධාරිනියක ඇතුළු තිදෙනෙකු කොරෝනා ආසාදිතවීමෙන් එම බැංකු ශාඛාව ඊයේ (3) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව අලුත්ගම පොලිසියේ කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමේ ඒකකය සහ බේරුවල සෞඛ්‍ය වෛනිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.මෙම බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට දිනකට කීපයකට පෙර සිදුකර තිබූ පී.සී.ආර්. පරික්ෂණයකින් පසු ඊයේ (3) එම ආරක්ෂක නිලධාරියා කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සෙසු සියලුම කාය මණ්ඩලය වෙනුවෙන් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අලුත්ගම පොලිසිය හා එක්ව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකින් බැංකු නිලධාරිනිය හා ආරක්ෂක නිලධාරියා කොරෝනා ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මෙම බැංකු ශාඛාව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
පැතිර යන කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම, ධර්ගා නගරය සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ප්‍රජාව අලුත්ගම සහ බේරුවල පොලිස් ස්ථාන මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර දැනුම්දමට ප්‍රතිචාර දක්වමින් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් වෙළෙඳසල් 500කට ආසන්න සංඛ්‍යාවක් එම නගර තුනහි ඊයේ (3) දින වසා තැබීමට කටයුතු කර ඇතැයි අලුත්ගම සහ බේරුවල පොලිස් ස්ථාන සඳහන් කරයි.කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ අත්සනින් යුතු ලිපි බේරුවල නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට එවා තිබූ අතර, ඒ අනුව මැදිහත්ව වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිමෙන් පසු ඔවුන් තම වෙළඳසල් වසා දැමීමට කටයුතු කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව, අලුත්ගම බේරුවල පොලිස් ස්ථාන,සෞඛ්‍ය අංශ ඒකාබද්ධව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ දැනුම් දීම මත මෙම නගරවල කොරෝනා පැතිරයාම අවම කර ගැනීමේ අරමුණින් එම තීරණයට එළඹ තිබේ.මේ අතර අලුත්ගම නගරයේ රජයේ බලපත්‍ර හිමි රට බීම වෙළෙඳසල් සියල්ලම ද ඊයේ (3) වසා දමා තිබෙනු දක්නට ලැබිණි.මේ හේතුවෙන් අලුත්ගම, දර්ගා නගරයේ සහ බේරුවල යන නගරවලට පැමිණෙන ජනතාවගේ අඩුවක් දැකිය හැකිවිය. මේ හේතුවෙන් බේරුවල ධීවර වරායට පැමිණෙන ජනතාවගේ ද යම් අඩුවක් වාර්තා වී ඇතැයි බේරුවල ධීවර වරාය ප්‍රකාශකයෙක් කීයඊයේ (3) දින අලුත්ගම නගරයෙන් ගමන් අරඹන පෞද්ගලික හා ශ්‍රී ලංගම කොළඹ, කළුතර, මතුගම සහ අම්බලන්ගොඩ ඇතුළු අතුරු මාර්ගවල ද බස් රථ ධාවන කටයුතු ද යම් මට්ටමින් සීමා කර තිබිණි. ඊයේ (3) රජයේ වැඩකරන දිනයක් වුවද බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පෞද්ගලික හා රජයේ ආයතනවලට පැමිණ සිටි කාර්ය මණ්ඩල ද අඩුවක් දක්නට ලැබිණ. අලුත්ගම දුම්රිය ස්ථානයෙන්ද ඊයේ (3) අගනුවර ඇතුළු තදාසන්න නගරවලට රැකියාවට පිටත්ව යන දුම්රිය මගීන්ගේ ද අඩුවක් දක්නට වූ බව කළ සොයා බැලීමේදී දුම්රිය ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
පන්නිල
වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයේ, පන්නිල ග්‍රාම සේවා වසමේ එකම පවුලේ කාන්තාවන් තිස්දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු පසුගිය 30දින ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කිරීමේදී ඔවුන් සිව් දෙනාම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගැනීමට හැකිවූ බව ඉත්තෑපාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. පී.කේ. රංදික මහතා සඳහන් කළේය.මේ වනවිට ඔවුන් රෝහල් ගත කිරිමට කටයුතු යොදා ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් වන යාබද පවුල් 7 ක වෙසෙන පිරිසක් එම නිවෙස් තුළම නිරෝධායනය කරනු ලැබූහ. එබැවින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පහළවන්නේ නම් ඉතාම ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත යොමුවී අදාළ පරික්ෂණ සිදුකර ගන්නා ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රාජගිරිය
රාජගිරිය, වලව්ව නේවාසිකාගාරයක සිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන සිසුවියන් 05දෙනකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී එම සිසුවියන් 05දෙනාගෙන් දෙදෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට පෙරේදා (02දා) හඳුනා ගත් බව නුගේගොඩ සහකාර වෛද්‍ය නිලධාරි කෝසල මුතුකුමාරණ මහතා පවසා සිටියි. නුගේගොඩ සොඛ්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බවත්, මම තත්වය මත පෙරේදා (02) එම නේවාසිකාගාරයේ සිටි කාන්තාවන් 28 දෙනෙකු නිරෝධායනයටෙ ලක්කර ඇති බවද සහකාර වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.මෙම කාන්තාවන් 28දෙනාගේ පී.සී. ආර්. පරික්ෂණ පෙරේදා (02)දා සිදුකළ අතර, එහි වාර්තාවන් මෙතෙක් ලැබී නොමැති බවද කෝසල මුතුකුමාරණ මහතා පැවසීය. මේ අතර, කෝවිඩ් ආසාදනය වූ කෝට්ටේ මහ නගර සභාවේ පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රීවරයෙකු පෙරේදා (02)දා රාත්‍රියේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම මන්ත්‍රීවරයාගේ බිරිද සහ දරුවන් නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගු මහතා සඳහන් කළේය.
රක්වාන
කිසියම් අවශ්‍යතාවක් සඳහා නගරයට ගොස් ආපසු නිවෙස වෙත පාගමින් එමින් සිටි 55 හැවිරිදි කාත්තාවක නිවෙස ආසන්නයේදී බිමට ඇදවැටී පෙරේදා (02) වැනිදා ජීවිතක්ෂයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රක්වාන කන්දේගම ඈන් ටෙක්ලා චාමිනි නමැති කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි. රක්වාන කොට්ඨාස හදිසි මරණ පරික්ෂක ධර්මදාස මොරපිටිය මහතා හමුවේ මෙහි මරණ පරික්ෂණය රක්වාන රෝහලේදී පෙරේදා පැවැත්විණි. එහිදී වෛද්‍ය නිගමනයක් සහ මරණකාරියගේ ඥාතීන්ගෙන් ලද සාක්ෂි අනුව එහිදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොවීය.
එම නිසා මෙම මරණය සිදුවී ඇත්තේ කොරෝනා 19 රෝගය ආසාදනය වීමෙන්ද එසේ නොමැතිව හෘදයාබාධයකින්ද නැතහොත් වෙනත් හේතුවකින්ද තීරණය කර ගැනීම සඳහා මෘත ශරිරය රත්නපුර මහ රෝහල වෙත යොමුකර පරික්ෂණ වාර්තාවක් ලබාගැනීමට එහිදී බලධාරින්ගේ තීරණය විය.
දිවුලපිටිය හා කටාන
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කෝවිඩ් 19 ආසාදිතයින් බවට ඊයේ (03දා) සවස අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවසීය. කර්මාන්ත ශාලාව තුළදී ඊයේ (03) සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේදී මෙසේ ආසාදිතයින් හමුවූ බවද හෙතෙම පැවසීය.එම ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ කර්මාන්ත ශාලාව මගින් සිදුකර තිබූ අතර දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද (04) එම කර්මාන්ත ශාලාවේදී පී.සී. ආර්. පරික්ෂණ සිදුකරන බවත් එයින් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්තශාලාව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න තීන්දු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික කුලතිලක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
දිවුලපිටිය සහ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 2ට අයත් පුද්ගලයන් 480ක් පෙරේදා වන විට
කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බවත් එම කොට්ඨාස දෙකෙහි ආසාදිතයන් 152ක් ඊයේ (2දා)
වන විටත් රෝහලක් නොමැති වීම හේතුවෙන් නිවෙස්වලම සිටින බවත් දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන
සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ. යූ.ටී. කුලතිලක මහතා ඊයේ (2දා) පැවැසීය.
දිවුලපිටිය ආසාදිතයන් 360ක් හමු වී ඇති බවත් රෝහලක් නොමැති වීම හේතුවෙන් ආසාදිතයන් 72ක් නිවාස
තුළම රැඳී සිටින අතර කටාන කොට්ඨාසයෙන් ආසාදිතයන් 120ක් හමු වී ආසාදිතයන් 80ක් රෝහලක් නොමැති
වීමෙන් නිවෙස්වල සිටින බව හෙතෙම පැවැසීය.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් නව කෝවිඩ් ආසාදිතයන් 122ක් පෙරේදා (02දා) හදුනා ගෙන තිබුණු බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු කළුතරින් 28ක් කළුතර බන්ධනාගාරයෙන් රැදවියන් 6ක්, තෙබුවනින් 03ක්, උතුරු කළුතරින් 11ක්, පයාගලින් 11ක්, බේරුවලින් 07ක්, වරකාගොඩින් 08ක්, අලුත්ගමින් 10ක්, බුලත්සිංහලින් 08ක්, මතුගමින් 16ක්, මිල්ලනියෙන් 03ක්, පානඳුර දකුණන් 09ක් හා අගලවත්තෙන් හා බණ්ඩාරගමින් ආසාදිතයෙකු බැගින් හඳුනා ගෙන තිබේ. මේ අතර, සීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වෛරසය පාලනය කිරීම සදහා කළුතර නගරයට ජනතාව වැඩි වශයෙන් ඒකාරාශී වීම වැළැක්වීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් හැර ඉතිරි වෙළද සැල් වසා දැමීමට කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා නියම කර තිබේ. ඒ අනුව ඊයේ (03දා) කළුතර නගරයේ වෙළද සැල් වසා තිබුණි.
බද්දේගම
බද්දේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවල ප්‍රතිඵල පෙරේදා (02දා) පස්වරුවේ ලැබුණු බවත් ඒ අනුව කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 17දෙනෙකු වාර්තාවී ඇති බවත් බද්දේගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. වදුරඹ උතුර ප්‍රදේශයෙන් 03දෙනෙකුද, ඉහල ලේල්වල ප්‍රදේශයෙන් 04 දෙනෙකුද වල්පිටඋතුර ප්‍රදේශයෙන් 03දෙනෙකුද ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කළ සේවිකාවන් 04 දෙනෙකුද ගෝනපුර ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකු වශයෙන් මෙම ආසාදිතයින් 17දෙනා වාර්තාවී ඇත. ගෝනපුර ප්‍රදේශයේ පදිවී 76හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුව සිදුකළ ඔහුගේ පී.සී.ආර්. පරික්ෂණයේදී ඔහුටද රෝගය ආසාදනයවී ඇති. බවට තහවුරු වී ඇත.මෙම ආසාදිතයන් 17 දෙනාගේ ආශ්‍රිත පවුල් 70ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවත් බද්දේගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ගොකරැල්ල
ගොකරැල්ලේ සෞඛ්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදනය වූ රෝගීන් 20 දෙනකු රෝහල් ගත කර සිටින
බවත්, පවුල් 45ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් ගොකරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරත්
ද සොයිසා මහතා පවසයි.
ඉබ්බාගමුව තැපැල් කාර්යාලයට අනුබද්ධව සේවය කළ ලිපි බෙදන්නන් අතර කොරෝනා ආසාදිතයන් 06
දෙනකු වාර්තා වී තිබේ.
ඉබ්බාගමුව මූකලන්යාය මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වයිරසය ආසාදනය වී ඇති
බව තහවුරු වීමත් සමඟ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනකුගේ පවුල් නිවෙස් තුළම නිරෝධායනයට යොමු
කිරීමට පියවර ගෙන තිබේ.
එසේම මැල්සිරිපුර මැදමුල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පන්ති 04 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්
60 දෙනකු හා ගුරු භවතුන් 18 දෙනකුද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
පොල්පිතිගම
ඉබ්බාගමුව ඇඟලුම්හලකින් හමු වූ කොරෝනා රෝගීන් අතරින් අට දෙනකුම පොල්පිතිගම බල ප්‍රදේශයේ බවට
තහවුරු වී ඇතැයි පොල්පිතිගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් විජේසූරිය මහතා පවසයි.
ඇඟලුම් හලේ සේවය කරන අයවලුන් සම්බන්ධව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් හඳුනාගත් රෝගීන්
බොහොමයකගෙන් අට දෙනකු පොල්පිතිගම බල ප්‍රදේශයෙන් බවට අදාළ අංශවලින් දැනුවත් කර ඇතැයිද ඒ
මහතා සඳහන් කළේය.
පොල්පිතිගම බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය වැලඳුණු රෝගීන් 22ක් පමණ දැනට ප්‍රතිකාර මත
රෝහල්වල පසුවන නමුත් කිසිදු රෝගියකු පොල්පිතිගම නගර සීමාවෙන් වාර්තා වී නැත. එහෙත් පිටස්තර
සේවා සඳහා ගොස් රෝගයට ගොදුරු වන්නන් අතර තම නගර සීමාව අවට පිරිස්වල යම් වර්ධනයක් දැකිය
හැකි බැවින් ජනතාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා හැර නිවෙස්වලින් බැහැර නොවීමට වගබලා ගන්නා
ලෙස වැඩිදුරටත් පැවැසීය.
පොල්පිතිගම ඉකුත් 30 දා පැවැති දෙමළ පන්තියකට සහභාගි වූ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා වයිරසය වැලඳී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඇය සමීපව ඇසුරේ සිටි ග්‍රාම නිලධාරීන් මෙලෙස දින 14 ක කාල
සීමාවක් තුළ නිරෝධායනය කර ඇත.
වසම් 82කින් සමන්විත පොල්පිතිගම බලප්‍රදේශයේ ඇතැම් වසම් කාලයක සිට පුරප්පාඩු වී තිබුණු අතර එම
වසම් පවා ආවරණය කරමින් දැඩි අපහසුතා හමුවේ ඇතැම් ග්‍රාම නිලධාරීන් සේවය කළ නමුත් උද්ගත වී
පවතින මෙම තත්ත්වය හමුවේ ඔවුනගේ නිරෝධායන කාල සීමාව අවසන් වන තුරු බොහොමයකට එම ග්‍රාම
නිලධාරි වසම් ආවරණය කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පැවැසූහ.
දංකොටුව
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනයකට රාජකාරියේ යෙදී සිටින මහජන සෞඛය පරික්ෂකවරුන් දෙදෙනකු කොරෝනා අසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු දංකොටුව කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත. රෝහල් ගතකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් දෙදෙනාගේ ආශ්‍රිතයන් 100ක් පමණ නිරෝධානයට යොමු කළ බව බලධාරීන් පවසයි.
එක් මහජන පරික්ෂකවරයකුගේ බිරිඳට කොචිඩි රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමෙන් පසු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සිදුකළ පීසීආර් පරික්ෂණවලදී මෙම මහජන පරිකවරුන් දෙදෙනාට ද කොරෝනා වැළදි ඇති බවට තහවුරු විය.
මඩකලපුව
මඩකලපුව මූලස්ථාන පොලිස් වසමේ තිස්ස විරසිංහ චතුරශ්‍රයේ ග්‍රාම සේවා වසම් 3 ක් හුදකලාකර ඇති බව දිස්ත්‍රික්ක කොරෝනා මර්දන බළකාය පවසයි. 13 දෙනෙකුට කළ පරික්ෂණවලින් 11දෙනකුට ආසාදනය තහවුරු වූ අතර එම ප්‍රදේශයේ මීට පෙර ආසාදනය තහවුරු වී සිටී දෙදෙනා සමග තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 13ක් බව මහජත සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. එම ප්‍රදේශයේ වාසය කරන සියලුදෙනාට ම පී. සී. ආරි පරික්ෂණ පවත්වමින් සිටී.
දික්වැල්ල
දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයකුට කොරෝනා රෝගය වැළදීම නිසා එම කාර්යාලය පසුගිය 01 දා සිට වසා දැමීමට කටයුතු කර ඇත. මෙහිදී කාර්ය මන්ඩලය දින දාහතරක් සදහා නිවස්වලම සේවා නිරෝධායනය සදහා යොමු කර ඇති බව දික්වැල්ල සෞඛ්‍ය කාර්යාලය පවසයි. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ ගන්දර ප්‍රදේශයේ පදිංචි අයකුට බව වාර්තා වේ. දික්වැල්ල සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා මර්දන කටයුතු ඇතුළු සෙසු කාර්යයන්, දෙවිනුවර සෞඛ්‍ය කාර්යාලය මගින් ආවරණය කිරීමට පියවර ගෙන ඇත. මේ අතර දික්වැල්ල කාර්යාලය වැසී ඇති බව එහි නිලධාරියකු පැවසීය.
ගාල්ල ඉමදුව
කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් නිවෙස්වල සිටින බැව් ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මොවුන් ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පදිංචිකරුවන් වන අතර මොවුන් දැනට දින තුනක පමණ කාලයක සිටි නිවෙස්වල සිටින බවද පවසයි. අසාධ්‍ය වූ රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද දන්වා ඇත. මේ වනවිට ආශ්‍රිතයින් 100ක පමණ පි.සි.ආර්. පරීක්ෂණවෙල ප්‍රථිපල ලැබීමට ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එච්.ජී.පි. ජීවරත්න මහතා කීය.
දෙබරවැව
තිස්සමහරාම ප්‍රදේශයෙත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (03දා) අළුතින් හඳුනා ගත් බව තිස්සමහරාම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර විජයමුණි මහතා පැවසීය. පසුගිය 26 දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඊයේ (04)දා ලැබිමෙන් පසු එම
වෛද්‍ය වාර්තාවලට අනුව කොරෝනා ආසාදිතයින් හදුනා තිබේ.
අප්‍රේල් 20 වැනි දින සිට මැයි 03 දින දක්වා කාලය තුළ තිස්සමහරාම පොලිස් බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 10 දෙනෙකු හඳුනා ගත් බව පරීපාලත මහජන සෞඛ්‍ය පරීක්ෂක
වරයා පැවසිය. හඳුනාගත් ආසාදිතයින් අතර වීරවිල එළිමහන් සිර කඳවුරේ රැඳවියන් හතර දෙනෙකුද වෙති.
හැටන්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ අවුරුදු හතරක දැරියක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 03දෙනකු අලුතින් වාර්තා වී ඇත. මේ වනවිට එම ්‍රපදේහයේ එකතුව 13 කි. හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ අවුරුදු හතරක දැරියක්, හැටන් හිරාපුර ප්‍රදේශයේ පාසල් සිසුවකු හා හැටන් චිත්ගම්පුර ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් මෙසේ අලුත් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.
ශෂිම ආසාදිතයත් මෙයට කලින් හමුවූ ආසාදිතයන් ආශ්‍රිතයත් ලෙස හඳුනාගෙන ස්වයං නිරෝධානයට ලක්කර පී. සී. ආර්. පරික්ෂාවට ලක්කළ පිරිස් බවත් මේ වනවිට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක්කර එම අයි පී. සී. ආර්. පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
හම්බන්තොට
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පෙරේදා (2දා) දිනයේදී කොරෝනා අසාදිතයන් 35 දෙනකු හඳුනාගෙන
ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල කියයි.
ඒ අනුව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන් 11 දෙනකු, කටුවනින්,
වලස්මුල්ලෙන්, අම්බලන්තොටින් 4ක්, තංගල්ලෙන් 5ක්, බෙලිඅත්ත 3ක් සහ හම්බන්තොට කොට්ඨාසයෙන් රෝගීන්
3 දෙනකු මෙලෙස වාර්තා වී තිබේ.
ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පසුගියදා කළ පී.සී.ආර්. 266න් මේ වන විට 46 දෙනකු
කොවිඩ් රෝගීන් බව අනාවරණය වී ඇත. ඒ අනුව ඇඹිලිපිටිය පල්ලේගම, නව නගරය, යෝධගම,
මොදරවාන, පනාමුර, වලල්ගොඩ, සුදුගල, උඩගම යන ග්‍රාමනිලධාරි වසම් අටක් දැඩි අවදානම් කලාප
බව ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා පවසයි. මීට පෙරද
ඇඹිලිපිටිය හා ඒ අවට කොවිඩ් රෝගීන් වාර්තා වී තිබේ.
ඒ අනුව මැයි 03 දින ප්‍රාදේශීය කොවිඩ් කමිටුව ඇඹිලිපිටිය සෞඛ්‍ය ඒ නිලධාරි කාර්යාලයේදී
රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කර මෙම ඇඹිලිපිටියේ සහ පනාමුර පොලිස් බල ප්‍රදේශවල පිහිටි මෙම
ග්‍රාම නිලධාරි වසම් අට හුදකලා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් වෙත අවසර ඉල්ලා දැනුවත් කර ඇත.
වැල්ලවාය
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය ආශ්‍රිතව මෙතෙක් හඳුනාගත් ආසාදිතයන්
ගණන 254 දක්වා ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුද්දෙන් පසුව හඳුනාගත් නව ආසාදිතයන් ගණන 130ක්
වන බවත් වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්. පියසුමන මහතා කියා සිටියේය.
පුද්ගලයන් 99 දෙනක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කියා සිටියේය.
මේ වන විට වසම් දෙකක හා වැල්ලවාය නගරය හුදකලා කර තිබේ.
තලාව
තලාව කොට්ඨාසයෙන් රෝගීන් 29 දෙනකු හමුවී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
සඳහන් කරයි.
ඒ අනුව රෝගීන් 23ක් එප්පාවලින්ද හා තලාව ප්‍රදේශයෙන් රෝගීන් 6 දෙනකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව ආසාදිතයන් සමීපව ඇසුරු කළ පවුල් 128ක සාමාජිකයන් 384 දෙනකු ස්වයං නිරෝධායනයට
ලක්කොට ඇත.
දොම්පේ
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊයේ 3 වැනි දින කොවිඩ් රෝගීන් තිදෙනකු
හඳුනාගැනීමත් සමඟ මේ වන විට ෙදාම්පේ කොරෝනා රෝගීන් 1094 දක්වා ඉහළ ගොස් ඇති බවත්
දංගල්ල පැපිලිවල කොවිඩ් මරණයක් සිදුව ඇති බවත් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සී.පී.
විජේසූරිය මහත්මිය පැවැසුවාය. ඉකුත් දින කිහිපය තුළ පූගොඩ පොලිස් බල ප්‍රදේශයේ කරන ලද ඇන්ටිජන්
සහ පීසීආර් පරීක්‍ෂණ 1200කින් කොවිඩ් රෝගීන් 21 දෙනකු හඳුනාගෙන ඇති බව පූගොඩ පොලිසියේ ප්‍රජා
පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා පැවැසුවේය.
ගම්පහ
කොවිඩ් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිත පිරිස 21,129 දෙනකු දක්වා ඉහළ යද්දී ගතවූ පැය 24 ක කාලය තුළ ඊයේ උදෑසන වනවිට තවත් 243 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේය. ගතවූ පැය 24 තුළ රෝහල්වලදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව ආසාදිත 37 දෙනකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදුකළ පරික්ෂාවලදී ආසාදිතයන් 206 දෙනකු වශයෙන් ද හමුව ඇතැයි ආරියරත්න මහතා කීය. ආසාදිතයන් 31 වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්ද, ගම්පහ - 30 ක්, වත්තල - 29 ක්, දොම්පෙ සහ රාම කොට්ඨාසයගෙන් 23 බැගින්ද, මහර - 22 ක්, වශයෙන් හමුව ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.
ආසාදිතයගේ ළගම ආශ්‍රිතයන් 4780 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇඳන් 511 න් 454 ක් පිරි ඇති බවද කීය. මේ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම පිණිස සිදූවේ පිහිටි බැරැන්ඩින්ස් සමාගමට අයත් ඇඟලුම් කම්හලක් යුද හමුදා සාමාජිකයන්ගේ ශ්‍රමය දායකත්වයෙන් අවශ්‍ය ලෙස සකස් කිරිමට පියවර ගෙන ඇති බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, මෙහි ඇඳන් 750 ක් යෙදිය හැකි ලෙසින් සකස් කෙරෙමින් පවතින බවද කීය. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද දෛනිකව කොරෝනා ආසාදිතයින් හමුවීමේ වැඩි බවක් පවතින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා , පවතින තත්වය පාලනය කර ගැනීම පිණිස සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව පිළිපදින ලෙසත් සංචරණය සීමා කරමින් දැඩි අවශ්‍යතාවක් සඳහාම පමණක් නිවෙස්වලින් පිටතට යාමට ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙනු ලැබීය.
ගම්පහ ප්‍රා.ලේ. කාර්යාලය
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියකට කෝවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත ඊයේ (03දා) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන මෙම කාර්යාලයේ උපැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරිනියක් ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම අංශය ඉකුත් සතියේ වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම කාර්ය මණ්ඩලය ඊයේ (03) පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.
සැලසුම් අංශයේ ආසාදිත නිලධාරිනියකගේ ළගම ආශ්‍රිතයන් පී.සී.ආර් පරික්ෂණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බව ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය. මේ අතර ගම්පහ නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඇතුළු ප්‍රධාන වෙළඳ සැල් පහකින් කෝවිඩ් ආසාදිතයන් හමුවීම මත එම ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.
ගම්පහ සුපිරි වෙළෙඳසල
ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසලක සේවක සේවිකාවන් 10 දෙනකු සහ ගම්පහ සන්නිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 09 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරිකෂක සමින්ද සමරදිවාකර මහතා ඊයේ (03)වැනිදා පැවැසීය. ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණවලින් එම ආසාදිත පිරිස හමු වූ බවත් එම සේවක ස්විකාවගේ ආශ්‍රිතයන් පිරිසක් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බවත් සමරදිවාකර මහතා සඳහන් කරයි. සුපිරි වෙළඳසලේ සේවය කරන තවත් පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කළ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික සමරදිවාකර මහතා පැවැසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොවිඩ් ආසාදනය වන ළමයින් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ළමුන් අතරින් සතියකට අවම ආසාදිතයන් 10 ක් වත් වාර්තා වන බව අධ්‍යක්ෂවරයා පවසයි.
එසේ හඳුනා ගන්නා ආසාදිතය ළමුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බවත්, ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් නොමැති විට පමණක් ළමා රෝහල තුළම රඳවා ගන්නා බවත් අධ්‍යක්ෂවරයා පවසයි. ඒ සඳහා විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ළමා රෝහල තුළ ස්ථාපිත කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල සේවකයන් 17 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම අන්තර් හුවමාරු මධ්‍යස්ථානවල කටයුතු අඩපණවීමෙන් ඒ මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවට ඊයේ (3) පත්වූහ. දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ මාතර දෙස සිට පැමිණි රථ වාහනවලට මෙම කෝවිඩ් අවදානම හේතුවෙන් කහතුඩුව පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් මුදල් ගෙවා පිටවීමට සිදු වූ අතර මේ හේතුවෙන් එම මාර්ග ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ඊයේ උදෑසන ඇතිවිය.
මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් දොළොස් දෙනකුට, කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිවු දෙනකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයකුටය. කොරෝනා ආසාදිත මෙම සේවකයෝ දාහත් දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරනු ලැබ සිටිති. ඔවුන්ට ආශ්‍රිත වූ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පැවසීය.
කොට්ටාව පිවිසුමේ මුදල් ගෙවීමේ සියලු කවුළු වසා දමා ඇති අතර මාතර දෙස සිට පැමිණි වාහන එම පිවිසුමෙන් ඊයේ උදේ වන තෙක් පිට වී ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව යැයි දැනගන්නට ඇත. ඉන්පසුව වාහනවලට කහතුඩුව පිවිසුමෙන් මුදල් අයකර පිටවීමට සැලැස්වීමෙන් එම ගැටලුව විසඳා ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මෙම කොවිඩ් අවදානම නිසා රථවාහන ගමනාගමනයේ අඩුවීමක් පොදුවේ ඊයේ දක්නට ලැබුණු බව එම අධිකාරියේ නිලධාරීහු පවසති.
මොරටුව සරසවිය
මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යයන අංශයේ අවසාන විභාගයට සහභාගි වූ බව කියන සිසුන් හැට දෙනකුගෙන් හත්දෙනෙකුට සිදු කරනු ලැබූ පී.සි. ආර් පරික්ෂණයෙන් සිසුන් හයදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංග ඊයේ (3) පැවැසීය ආසාදිත යැයි හඳුනාගනු ලැබූ සිසුගේ උගුරේ ආබාධ සහ මද උණ ගතිය වැනි රෝග ලක්ෂණ පහළ වූ හෙයින් මතු වූ සැකය මත සිසුන් විසින් පිටස්තර ස්ථානයකින් පී.සී.ආර් පරික්ෂණ සිදුකරගෙන ඇති අතර එහිදී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මෙසේ කොවිඩ් ආසාදිත යැයි හඳුනාගනු ලැබූ සිසුන් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ වන විට මොරටු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර එක් සිසුවෙකු රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කළ බව ද සෞඛ්‍ය අංශ පැවසීය.විභාගයට සහභාගි වූ සිසුන් 60 දෙනාගෙන් විසිපස් දෙනෙකු පමණ සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් කරන සෞඛ්‍ය අංශ ඉතිරිවී සිටි සිසුන් තිස් දෙනෙකු මොරටු විශ්වවිද්‍යාලයේ තවත් නේවාසිකාගාරයක නිරෝධායනය සඳහා යොමු කළ බව ද වැඩිදුරටත් පැවසීය. එසේ නිවෙස් බලා පිටත්ව ගිය සිසු සිසුවියන් පිළිබඳව ද සොයා බැලීමට කටයුතු යොදා ඇති බව ද සෞඛ්‍ය අංශ පැවසීය.
රජරට විශ්වවිද්‍යාලය
අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබන
සිසුවියකට හා සිසුවකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි
අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් සිසුන් දස දෙනකු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්
ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර රෝගය වැලඳුණු සිසුවා හා සිසුවිය නිරෝධායනය කරන බව
විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 282කට
අධික පිරිසක් මේ වන විට නේවාසිකව සිටින බව අනාවරණය වූ අතර ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි
අන්දමින් පිළිනොපදින බවට තොරතුරු ලැබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මාර්ගෝපදේශයන්
පිළිනොපදිමින් කටයුතු කළහොත් රජරට විශ්වවිද්‍යාලය තුළින්ද කොවිඩ් රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති වීම
වැළැක්විය නොහැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
දකුණු පළාතේ සති පොළ
දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළ සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙයි.
ආණ්ඩුකාරවරයා එම තීරණයට එළඹ ඇත්තේ පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
භාණ්ඩ මිලදිගැනිම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් සති පොල වෙත එක් රැස්වන බැවින් එමගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සළකා එම තින්දුවට එළැඹි බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ප්‍රකාශ කර ඇත.
කුරුවිට බන්ධනාගාරය
කුරුවිට බන්‍ධනාගාරයෙන් අද දහවල් වනවිට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවූ රැඳවියන් ගණන 64ක් බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.
කුරුවිට බන්‍ධනාගරයෙන් අදට පෙර වාර්තාවූ කොවිඞ් ආසාදිත සිරකරුවන් 35 දෙනා ප‍්‍රතිකාර සඳහා යාපනය අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇති බව කුරුවිට සහකාර බන්‍ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා පැවසුවේය.
ගෙවුනු සතියක කාලයතුල කළ පිසීආර් පරීක්‍ෂණවලදි 16ක් ද ඉන්පසුව කළ පීසී පරීක්‍ෂණයෙන් 19ක් ද මෙලෙස කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා වුන් අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව ද සහකාර බන්‍ධනාගාර අධිකාරීවරයා පැවසුවේය.
තැපැල් දෙපාර්තමේන්තුව
කොවිඩ් ආසාදිත තැපැල් සේවකයන් 50කට ආසන්න පිරිසක් හඳුනා ගැනීමෙන් පසු පානදුර, කෙසෙල්වත්ත,
ත්‍රිකුණාමලය, කොම්පඤ්ඤවීදිය, හෝමාගම ඇතුළු ප්‍රධාන තැපැල් කාර්යාල 05ක් හා උප තැපැල්
කාර්යාල 28ක් ඇතුළු තැපැල් කාර්යාල 33ක් වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන
තිබේ. මෙම පිරිස අතර තැපැල් කාර්යාල නිලධාරීන් හා තැපැල් බෙදාහැරීමේ සේවකයන්ද සිටින බව
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කීය.
බන්ධනාගාර මූලස්ථානය
බන්ධනාගාර මූලස්ථානයේ කොමසාරිස්වරයකුට කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු හා සමීපව
රාජකාරි කටයුතුවල නියැළුණු නිලධාරීන් හා සෙසු නිලයන් කිහිප දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට
නියමිතව ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ බන්ධනාගාර පරිශ්‍ර තුළ කොවිඩ් වයිරසය පැතිර යෑම
වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බවය.
ඒ අනුව බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් හා සෙසු නිලයන් 250ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු
කිරීමට නියමිත බවද ඊට අමතරව රෝගී තත්ත්වයන් පෙන්වන රැඳවූවන් ඇතුළු සියලු දෙනාට අවශ්‍ය සෞඛ්‍ය
ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval