ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) සංවිධානයෙන්  මේ දිනවල පවත්වමින් තිබෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2021 දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
 ක්‍රීඩකයන්, සහායක කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සහභාගිවන්නන්ගේ  ආරක්ෂාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම මත මෙම තීරණය ගෙන තිබේ.


අයිපීඑල් පාලක මණ්ඩලයේ සාමාජිකයින්ට අනුව, අමිත් මිශ්‍රා සහ වර්ඩිමාන් සහා අද(4) අඟහරුවාදා කොරෝනා සඳහා ධනාත්මක වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඊයේ (3)සඳුදා චෙන්නායි සුපර් කිංග්ස් අයි.පී.එල්. කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු වන පන්දු යැවීමේ පුහුණුකරු එල් බාලාජි සහ පිරිසිදු කරන්නෙකු ද කොවිඩ් -19 සඳහා ධනාත්මකවී තිබේ.
 වෛරස් අර්බුදය නරක අතට හැරීමත් සමඟම බොහෝ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අයිපීඑල් වලින් ඉවත්ව ගිය අතර ඇඩම් සැම්පා සහ කේන් රිචඩ්සන් ඒ අතර වේ. රාජස්ථාන් රෝයල්ස් පිතිකරු ලියම් ලිවිංස්ටෝන් එංගලන්තයට ආපසු යාමට තීරණය කළේය.