අප්‍රේල් මාසයේ අවසන් දින කිහිපය සහ මැයි මාසයේ මුල් දින කිහිපයට අදාළ පසුගිය සතියේදී ලොව පුරා වාර්තා වී ඇති සමස්ත covid-19 ආසාදිතයන්ගෙන් 46%ක්ම සටහන්ව ඇත්තේ ඉන්දියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.  එසේම එම කාලය තුළ ලොව සිදුවූ මරණ අතරීන් හතරෙන් එකක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. විශේෂයෙන්ම ඉහළ බෝවීමක් සහිත නව ප‍්‍රභේදයක් ඉන්දියාව තුළ ව්‍යාප්ත වීම  මේ සඳහා හේතුව වී තිබේ. මේ හේතුවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදුවිය.



එසේම ඔවුන්ට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් ෙනාලැබීම නිසා ඉන් සැලකිය යුතු පිරිසක් මරණයට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පසුගිය සතියේදී ලොව පුරා ‍නව covid-19  ආසාදිතයන් ලක්ෂ 57ක් වාර්තා වී තිබේ. එසේම සිදුව ඇති මරණ සංඛ්‍යාවද 93,000ක් ඉක්මවයි. ඒ අතරින් ආසාදිතයන් ලක්ෂ 26ක්ම ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව 20%ක වර්ධනයකි. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව  23,231කි.  මෙහිදී අදාළ සංඛ්‍යා දත්ත ඉන්දීය සෞඛ්‍ය  අමාත්‍යංශය ඇතුළු අයතන මඟින් නිකුත් කරන නීල අගයන් බවත්, බොහෝවිට මෙම සංඛ්‍යා දත්ත මිට වඩා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

අද වන විට මරණ විශාල ප්‍රමාණයක් පිළිබඳව වාර්තා  සටහන් නො වීම ඊට හේතුව වී  තිබේ. මේ අතර පසුගියදා ඉන්දියාව එරට සමස්ත ආසාදිතයන්ගේ සීමාව කෝටි 2ක්  ඉක්මවු අතර  ඒවැනි තත්ත්වයට පත් වූ ලොව දෙවැනි රට බවටද සඳහන් විය.

මීට පෙර ඇමෙරිකා එක්සත්  ජනපදය මෙම සීමාව පසුකර තිබුණි. කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ ඉන්දියාවේ අසාදිතයන් වාර්තාවීම් ඉදිරි  දින කිහිපයේදී නවදුරටත් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
අද වනවිට දරුණු COVID-19 වසංගත තත්ත්වයකින් පීඩා විදින ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන පෙළේ රෝහල් සියල්ලම පාහේ සිය ඇඳන් නගරයේ සිටින අතිවිශේෂිත පුද්ගලයන් සදහා වෙන් කිරීමක් සිදුකර ඇතැයි‍ෙ වාර්තා පවසයි.
එසේම දිල්ලි නුවර රජයෙ රෝහල්ද තමන් සතුව පවතින අතිවිශේෂිත පුද්ගලයෙක් සඳහා වෙන්වූ රෝහල් කාමර  එසේපවතිද්දී, COVID-10 අසාදනය වන සිය රෝහල්වල  කාර්යමණ්ඩල සාමාජිකයන් පවා ඇතුළත් කර නොගන්නා තත්වයක්ද උදාවී තිබෙන බව වාර්තා සඳහන් කරයි.  එසේම අද වනවිට ඉන්දියාවේ ඔක්සිජන් සහ COVID-19  පාලනය සඳහා ලබාදෙන ඖෂධවල මිල ගණන්ද පොහොසතුන්ට පමණක්මිලදී ගැනීමට හැකි ලෙස කළුකඩ මිලට ඉහළ නැග ඇතැයිද පැවසෙයි. ඒ අනුව ඉන්දීය රුපියල් 6,000ත් 10,000ත් අතර මුදලකට අලෙවි වූ ඔක්සිජන් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලකට අලෙවි වෙමින් තිබේ.