pregnent-woman-covid19

ගර්භණී මවුවරුන්ට පළමු සති 28න් පසු කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් සංකුලතා වැඩිවීමේ අවදානමක් පවතින බවත් එවැනි මවුවරුන් වඩාත් ආරක්‍ෂකාරි විය යුතු සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ඊයේ (6) වැනිදා පැවසීය.   එවැනි මවුවරුන්ට කොවිඩ් රෝග ලක්‍ෂණ පවතී නම් ඉක්මනින් රෝහල්ගතවීම හෝ ප්‍රදේශයේ නාරි විශේෂඥ වෛද්‍යවරයා හමුවී පරීක්ෂාවක් කරගැනීම හෝ කළ යුතු බව කී වෛද්‍යවරයා ඔවුන්ට ප්‍රතිශක්තිකරණ කළේය. විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මේ බව පැවැසුවේ කොළඹ 08, මොඩල්ෆාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේදී  ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මෙසේද කීවේය.

“අපේ රටේ වසරකට 3,31,000ක් පමණ දරු උපත් සිදුවෙනවා. මේ ගර්භණී කාන්තාවන් රැකබලාගැනීම ජාතියේ වගකීමක්. මේ වන විට ගර්භණී කාන්තාවන් 1000ක් පමණ කොරෝනා රෝගය වැළඳී හා දෙවැනි රැල්ලේ ප්‍රභේදයට වඩා වෙනස්. නව වයිරස් ප්‍රභේදය ගර්භණී කාලයේ පළමු සියයට 80කට පමණ රෝග ලක්‍ෂණ මතුවන්නේ නැහැ. ගබ්සාවීමේ හැකියාව හා  දරුවාට ඇතිවන සංකූලතා මුල් සති 28 දී අඩු වුවත් දෙවැනි සති 28 දී සංකූලතා වැඩියි. එවැනි අයට කොවිඩ් වැළඳුණොත් වඩා පරිස්සම් විය යුතුයි. එමෙන්ම අධික රුධිර පීඩනය,  අධික ස්ථුල ගර්ෂණී මවුවරුන්ට සංකූලතා වැඩිවිය හැකියි. ඔවුන්ට හුස්ම ගැනීමේ  අපහසුතා, උණ, නිවුමෝනියාව ඇතිවිය හැකියි. මෙවැනි තත්වයක් ඇතිවුණොත්  ඉක්මනින් රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීමත්,  උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, මාංශ පේශි විශේෂඥ වෛද්‍යතුමා හමුවී පරික්‍ෂවක් කරගැනීමත් වැදගත් වෙනවා.




මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය ආරක්‍ෂ කරගැනීම, නිතර දෑත් පිරිසිදු කිරිම, රැකියා කරන අය නිවෙස්වල සිට වැඩකරන ක්‍රමයක් සකසා ගැනීම, ගර්ෂණි මවුවරුන්ට ඉතා වැදගත්. එමෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත ගර්භණි කාන්තාවන්ට සුදුසු බව  එංගලන්ත රාජකීය වෛද්‍ය ආයතනයත් නිර්දේශ කර තිබෙනවා.

නැගෙනහිර කොළඹ, මුල්ලේරියාව රෝල් ප්‍රසව හා නාවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවලගේ මහතා මෙහිදී මෙසේ පැවසීය.

අප දැනුවත්ව මේ වන විට මෙරට ගැබිනි කාන්තාවන් 903කට කොවිච් වැළඳී  රැකබලාගන්නා රෝහලක් වන අපේ රෝහලට පළමු හා දෙවන රැලිවලදී පැමිණි  ආසාදිත ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 250ක්. තුන්වන රැල්ල ඇරඹී මාසයක් පමණ ගතවන විට එම සංඛ්‍යාව 400 ගණනකට වැඩිවෙලා. මෙය වේගයෙන් පැතිර යන නිසා ගැබිනි මවුවරුන් ප්‍රවේශම්වීම ඉතා  වැදගත්. අපි මුලින්ම රැකබලාගත් 176කගෙන් රෝග ලක්‍ෂණ තිබුණේ 6කට පමණයි. කිසිවෙක්ට දැඩි සත්කාර ඒකක අවශ්‍ය වුෙන් නැ. ඒත් දැන්  රෝග ලක්‍ෂණ වැඩියි.  සමහර මවුවරුන්ට එකවර හුස්ම ගන්න අපහසු වී දැඩි සත්කාර  ඒකකවලට යොමුකිරීමේ අවශ්‍යතාව මතුවනවා. දැනට 6 දෙනකු දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කිරිමට සිදුව තිබෙනවා.  එක මවකට ජීවිතය අහිමි වුණා. කොවිඩ් මතෘ මරණ වැඩීවීමට ෙහ්තුවක් ෙවමින් පවතිනවා.  ඒ නිසා ඉතා පරිස්සමෙන් අම්මලා බලාගත යුතුයි. දැන් සිසේරියන් මගින් කරන ප්‍රසූති වැඩිවෙලා. අම්මලාට ජීවිත දෙකම බේරාගත යුතු නිසා අවදානම් නොගෙන සිසේරියන් සැත්කම්වලින් බිහිකරනවා. නැගෙනහිර කොළඹ රෝහලේ ආසාදිත මවුවරුන් වෙනුවෙන් ඇඳන් 36ක් පමණ තිබෙනවා.

කොවිච් බෝ නොවන ආකාරයෙන් පරිසරය හැදු ශල්‍යාගාරයක් තිබෙනවා. ඒත් ගැබිනි මවුවරුන්ට විශේෂිත දැඩි සත්කාර ඒකක ඇඳන් එකක්වත් අපට නැහැ.  රෝගීන් බලාගැනීමේ පුහුණුව දිය යුතුයි. ආරක්‍ෂිත පී.පී.පී කට්ටලය ඇඳන් එක දිගට ඉන්න අමාරු නිසා සේවය පැය තුනකදීවත් මාරු කළ යුතු නිසා කාර්ය මණ්ඩල තව  අවශ්‍යයි. ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න වීම නිසා නැගෙනහිර කොළඹ රෝහලේ කාර්ය මණ්ඩලය මේ වන විට ඉතා අඩුයි.  වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා මෙහිදී මෙසේ පැවසීය.
“ගැබිනි මවුවරුන්ගෙන් සියයට 20කට පමණ රෝග ලක්‍ෂණ මතුවෙනවා. ඒ අය රඳවා ගැනීමට අපිට දිස්ත්‍රික් මට්ටමින් ඇඳන් 50 සිට 200 දක්වා ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ ඒකකවලට හයිලෝ ඔක්සිජන් උපකරණ 10ත් 50ත් අතර අවශ්‍යයි. ගැබිනි කාන්තාවන්ට වෙන්වූ දැඩි සත්කාර ඒකක ඇඳන් 4 සිට 10 දක්වා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍යයි. ගර්භණී කතුන්ට  පමණක් වෙන්වූ එක්මෝ යන්ත්‍ර දෙකක්වත් අවශ්‍යයි. කොළඹ නැගෙනහිර මූලික රෝහලට හෝ සුදුසු තැනකට ඒම යන්ත්‍ර ලබා දිය යුතුයි. එක්මෝ යන්ත්‍ර මිල අධික වුණාට හයිලෝ ඔක්සිජන් යන්ත්‍ර මිල අධික නැහැ. ඒය රටක් විදියට කළ හැකි දෙයක්. ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.”



මුල්ලේරියාව මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා මෙසේ කීවේය.

ගර්භණි මවක් රෝහල්වල පූර්ව ප්‍රසව සායන වලට නියමිත පරිදි පැමිණිම, හුදෙකලා කර ඇති ප්‍රදේශවල අයට රෝග ලක්ෂණ මතුවුවහොත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දැනුවත් කිරිම හෝ සායනයට දුරකතන ඇමතුමක් දී උපදෙස්   ලබාගැනීම කළ යුතුයි. දරුවාගේ චලනයන් එක අඩුවීම, රුධිර වහන, ප්‍රසව වේදනා ආදිය ඇතිවුණොත් නොපමාව  වෛද්‍යවරයකු ළඟට යන්න. ගැබිනි මවුවරුන්ට සේවා සැපයීම අඛණ්ඩව සිදුවනවා.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා,

“මේ වන විට කර ඇති පරික්‍ෂණවලදී එන්නත් දුන් අයගේ බබාලට ගැටලු ඇති වී නැහැ. ඒ නිසා එන්නත සුදුසු බව එංගලන්ත රාජකීය වෛද්‍ය ආයතනය කියා තිබෙනවා. එන්නත දුන් අයට වඩා නොදුන් අයට ගැටලු ඇතිවිය හැකියි. එන්නත්කරණයෙන් විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. එයින්  සියයට 85ක් සංකූලතාවලින් මිදෙන්න පුළුවන්.ෙලා්කය තුළ දැන් ඒන්නත් හිඟකම නිසා දෙකකින් ලබාදීම අත්හදා බලමින් යනවා. එහි සාර්ථකත්වය ගැන දැනට සඳහනක් නැහැ."


 -ඩයනා උදයංගනී-