health-sector-strike

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු නොවිසදීම හා නුසුදුස්සන් හෙද සේවාවට බදවා ගැනීමට එරෙහිව 2021. 05. 31 දින සියළු හෙද හෙදියන් අසනීප නිවාඩු ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය දන්වා තිබේ.


මේ මොහොතේ මෙරට රෝහල් පද්ධතිය තුල හා ඉන් පිටත පිහිටුවා තිබෙන කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන තුල ඉතාමත්ම දැඩි දුෂ්කරතා ගණනාවක් මැද ජීවිත අවදානමක්ද මධ්‍යයේ සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය මුහුණ දී තිබෙන අතිශය පීඩාකාරී ගැටලු ගණනාවකට විසදුම් ලබාදෙන මෙන්  ඉල්ලා ලිපියක් ලියන සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
 දිනෙන් දින ජනතාවගේ ජීවිත බිලි ගනිමින් තිබෙන කොරෝනා වසංගතය මැඩලීමේදී බලධාරීන් නොසලකා හැර ඇති කරුණු කිහිපයක් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත්, ඉල්ලා තිබේ.‍
ඔවුන්ගේ සෙසු ඉල්ලීම් පහත පරිදිය.



  • අවිධිමත් තීන්දු තීරණ මගින් කොරෝනා තවාන් බවට රෝහල් පත් නොකොට අවශ්‍ය සියලු උපකරන හා පහසුකම් සපයා දී කාර්ය මණ්ඩලයේත්, රෝගීන්ගේත්, ආරක්ෂාව සහතික කිරීම,
  • සියලු හෙද කාර්ය මණ්ඩල සදහා සාධාරණ අනතුරු දීමනාවක් ලබාගැනීම,
  • ගර්භනී හෙද නිලධාරිනියන්ගේ ආරක්ෂාවට අදාල රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය ක්‍රියාත්මක කර ගැනීම,
  •  01 දින හෙද සේවාවට බදවා ගැනීමට නියමිත හෙද උපාධිධාරීන් අතර සිටින මූලික සුදුසුකම් සපුරා නොමැති උපාධිධාරීන් පිරිස පුහුණුවෙන් ඉවත් කිරීම,
  • හෙද හෙදියන්ගේ පවුල්වල මව, පියා, කලත්‍රයා ඇතුළු සමීප සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා ගැනීම,
  •  සංචරණ සීමා පැනවීම හමුවේ දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දී ඇති හෙද හෙදියන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීම හෝ ඔවුන්ට විශේෂ නිවාඩු ලබාදීම,
  • අනාරක්ෂිත කොවිඩ් මඩුවල හෙද හෙදියන් රාජකාරියේ යෙදවීමෙන් වැලකීම,
  • කොරෝනා වසංගතය හමුවේ රාජකාරි කරන හෙද හෙදියන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනුමත කර ඇති විශේෂ නිවාඩු ඉදිරි මාසයන්ටත්, කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීම,
  • කොවිඩ් ආසාදනයට ලක්වූ හා නිරෝධායනයට ලක්වන හෙද කාර්ය මණ්ඩලය සදහා රෝහල් මට්ටමින් අවශ්‍ය සියළු පහසුකම් සලසා දීම.