කොරොන වයිරස් එන්නත අනාගතයේදී ලබා දෙන දිනය හා ස්ථානය පිළිබඳව එම පුද්ගලයාට හෝ විශේෂිත ප්‍රදේශයකට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව


යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
 සයිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමේදී නව ක්‍රියාවලිය අනුගමනය කරන බව ඔහු කීය.
ජංගම දුරකථන නොමැති අය වෙතොත් ඒ අය සඳහා විකල්ප සන්නිවේදනයක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එන්නතක පළමු මාත්‍රාව ලබා දීමේදී ඒ හා සමාන ක්‍රියාවලියක් ඉදිරියේ ක්‍රියාත්මක කරන බවයි.
සයිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව මාසයකට පසු (ජුනි 8) මහජනතාවට පළමු වරට ලබා දුන් ස්ථානයේම මැයි 8 වනදා ලබා දෙන ලෙස ජනාධිපති ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
දෙවන මාත්‍රාව සඳහා රජය විසින් සයිනෝෆාම් එන්නත මාත්‍රා 375,000 ක් දැනටමත් වෙන් කර ඇත.