
මොරටුව ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා
සිටින බවත් එය අහඹු සිදුවීමක් බවත්ය.
'ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා - අපි තැන් තොරා ගත්තේ විද්‍යානුකූලව. එහෙම කරලත් ඊයේ කැත දර්ශනයක් (මොරටුව සිදුවීම). ඒවා වෙන්න දෙන්න එපා.'
'නාමල් රාජපක්ෂ මහතා - අතිගරු ජනාධිපතුමනි සමා වෙන්න ඕන. ඒක අහඹු සිදුවීමක්'
'ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා - මම දන්නවා. එහෙම වෙන්න දෙන්න එපා. හැමතැනම හොඳට
වුණා. එක තැනක මෙහෙම වුණාම මාධ්‍යයෙයි හැම තැනම යන්නේ ඒක.'
Comments
Post a Comment
Your comment will be visible after approval