europe-welcome-vaccined-tourists

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් තුළ සංවරණය සඳහා විදේශිකයන් හට අවස්ථාව ලබා දීමට එම සංගමය පසුගියදා එකඟතාවකට පත්ව ' ඇතැයි සඳහන් වෙයි. ඒ අනුව COVID-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති විදේශිකයන් වෙත මෙම අවස්ථාව උදාකර දීමට මෙහිදී එකඟතාවට පැමිණ තිබේ.

යුරෝපා සංගමයට අයත් සාමාජික රාජ්‍යයන්.27හි තානාපතිවරුන් එක්ව පසුගියදා මේ සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී යුරෝපියානු වෛද්‍ය ආයතනය (EMA) හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කර ඇති coVID-19 මර්දන එනනත් මාත්‍රා ලබාගෙන ඇති විදේශිකයන් වෙත මෙම සංචරණ අවස්ථාව ලබාදෙන බවට එකඟ වී ඇත.ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ PfizerBIONTech, Moderna, Johnson and  Johnson සහ බ්‍රිතාන්‍යයේ AstraZeneca යන එන්නත්  මාත්‍රා ලබාගෙන ඇති පිරිස් වෙත මෙන්ම,



චීනයේ sinopharm එන්නත් මාත්‍රා ලබාගෙන ඇති විදේශිකයද මෙහිදී යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් වෙත පිළිගන්නා බව පැවසෙයි.කෙසේ වෙතත් රුසියාව් නිපදවූ sputinik-V එන්නත ලබාගත් විදේශිකයන් වෙත මෙම අනුමැතිය හිමිව නොතිබීම විශේෂත්වයකි. එම එන්නත මේ දක්වා යුරෝපියානු වෛද්‍ය ආයතනය මගින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හෝ අනුමත එන්නතක් නොවීම ඊට හේතුව වී ඇත.

පසුගිය වසරේදී රුසියාව් ගැමලයා ඖෂධ නිෂ්පාදන ආයතනය මගින් ඉදිරිපත් කළ මෙම sputnik-V එන්නත් මාත්‍රා මේ වනවිට ලොව පුරා රටවල් 66ක අනුමැතිය හිමිව තිබේ. ඒ අතර යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් දෙකක් වන හංගේරීයාව සහ ස්ලෝවැකියාවද වෙයි. මීට අමතරව ජර්මනිය සහ ඕස්ට්‍රේලියාවද ඉදිරියේදී රුසියාවෙන් මෙම එන්නත් මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටියි.