
වැරදීමකින් මල් ශාලාව වෙත මුදා හැරුණු මෘත ශරීරයක් කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ යළිත් එය රෝහලට රැගෙන යාමේ සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස යළිත් පානදුර මූලික රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ පානදුර - වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහයකි.
පසුගිය 12 වන දා රාත්‍රියේ මෙම පුද්ගලයා පානදුර මූලික රෝහලේදී මිය ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයාගේ අනුදැනුම මත ඔහුගේ මෘත දේහය මුදා හැර ඇත්තේ කොරෝනා ආසාදනය වී නොමැති බවට දන්වා සිටීම නිසාය. නමුත් මිය ගිය පුද්ගලයා මීට පෙර කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකින් කරගෙන තිබූ කොරෝනා පරීක්ෂණයක වාර්තාව ලැබී ඇත්තේ ඉන් පසුවය.
කොරෝනා ධනාත්මක බව සදහන් කර තිබූ එම වාර්තාව මොහු මියගොස් මෘත දේහය ඥාතීන් වෙත භාර දීමෙනුත් පසුව භාර දී තිබුණි.
මිය ගිය පුද්ගලයාගේ සිරුර පානදුර පිහිටි මල්ශාලාවකට රැගෙන ගොස් තිබියදී මෙම වාර්තාව එළිදරව්වීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය මෘත දේහය යළිත් පානදුර මූලික රෝහල වෙත රැගෙන එන්නට සිදුව තිබේ.
මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval