covid19-kurunegala-pregnent-death

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා විය.
 


කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් එලෙස මියගොස් ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කරයි.

ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි.

ඇයට එම රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර අපස්මාර රෝගී තත්වයෙන්ද පෙළී ඇති බැවින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකර ඇති බව වාර්තා විය.

එහිදී අපස්මාර රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් මව ජීවිතක්ෂයට පත්වී ඇති අතර බිළිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබුණි.

මේ වනවිට බිළිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේය.