දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටතින් ඉබි යතුරු දමා වසා දමා තිබූ ගබඩාවක අල ලූනු තෝරමින් සිටි කාන්තාවන් අට දෙනකු පැය හයක මෙහෙයුමකින් පසු එළියට ගත්බව දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය පරික්ෂක ඒකකය කියයි. නගරය වසා දමා තිබිය දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අර්තාපල් අල සහ ලොකු ලූනු ගබඩා විවෘත කරමින් ආහාර පැටවීම පැටවීම සහ ගනු දෙනු සිදුකරන බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කර ඇත.




පිටතින් ඉබි යතුරු යොදා වසා දමා තිබූ අර්තාපල් සහ ලොකු ලූනු ගබඩාවක කාන්තාවන් පිරිසකගේ කටහඬක් ඇසීමත් සමඟ නගර සභා සෞඛ්‍ය අංශ  නිලධාරිහු ඒ පිළිබඳව විමසිලිමත්ව සොයා බැලූහ.  වසා දමා ඇති ගබඩාව තුළ කාන්තාවන් පිරිසක් සිටින බවට තොතුරු වාර්තා වී ඇතත් මුලදී එය විවෘත කර ගැනීමට නොහැකි වූ බව නගර සභා සෞඛ්‍ය නිලධාරිහු සහ පොලිසිය පැවසූහ. මෙම ගබඩාවේ හිමිකරු අලුයම් කාලයේ කාත්තාවන් අට දෙනෙකු ගබඩාව තුළට යවා එහි ඇති කුණු වූ ලොකු ලූනු ෙත්රීම සඳහා ඔවුන් යොදවා ඇති බව දැන ගන්නට ලැබී ඇත. ගබඩාව පිටතින් වසා දමා ඔවුන් වෙනත් රාජකාරියකට පිටත්ව ගොස් ඇති බව ද පොලිසිය කියයි.


ගබඩාවේ දොර විවෘත කර ගැනීමට  පොලිසිය සහ නාගරික සෞඛ්‍ය  ඒකකයට පැයකට අධික කාලයක් ගතවිය.අවට ප්‍රදේශවාසීන්ගේ තොරතුරු  ලබාගෙන එම ගබඩා හිමිකරු සොයා දුරකථන ඇමතුම් ලබාදී පැයක පමණ  කාලයකට පසුව ව්‍යාපාරිකයා සතුව තිබූ යතුර කම්කරුවකු විසින් රැගෙන එනු ලැබීය.  පොලිසියේ සහ සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ උපසේ පරිදි දොර විවෘත කර බලන විට ඒහි කාන්තාවන් අට  දෙනෙකු සේවයේ යොදවා සිටිනු දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.




 වසා දමා තිබූ ගබඩාව තුළ නිසි ආකාරයෙන් වාතාශ්‍රයක් නොඑන බවත් තවත් පැය කිහිපයක් කාන්තාවන් එහි සිටියේ නම් ඔවුන්ට යම්කිසි අනතුරක් ෙහා් ශ්වසන අබාධ පවා ඇති විය හැකිව තිබු බවත් සෞඛ්‍ය අංශය සඳහන් කරයි.  ජංගම දුරකථනය හරහා ව්‍යාපාරිකයා සම්බන්ධ කර ගත් සෞඛ්‍ය නිලධාරි ඔහුට දැඩි ලෙස අවවාද කරමින්  ගබඩාවේ සිටි සේවිකාවන් සියලු දෙනාගේ පීසීආර් පරික්ෂණයක් පුද්ගලික වියදමින් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ද පොලිසිය ව්‍යාපාරිකයකුට උපදෙස් දුන්ය. කම්කරුවන්ගේ ජීවිත අවදානමේ යොදවා සේවා ලබාගැනීම සම්බන්ධයෙන් නිරෝධායන නීති කඩ කිරීම යටෙත් ඔහුට ඒරහිව නඩු පවරන බවදනාගරික සෞඛ්‍ය නිලධාරිහු පැවසුහ.

කංචන ආරියදාස