
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති 60 හැවිරිදි ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා ඊයේ සවස මිය ගොස් තිබේ. ඒ අතරම යාපනය සරසවියේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාරිනියක වූ 52 හැවිරිදි ශ්‍රී රංජනී ආනන්ද කුමාරස්වාමී මහත්මියද යාපනය රෝහලේදී වෛරස ආසාදනය නිසා මියගියාය.
පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ජයවීර මහතා තිදරු පියෙකු වූ අතර පොදුජන පෙරමුණ නියෝජනය කළේය. කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නමුත් එන්න එන්නම රෝග තත්වය උත්සන්නවී මියගියේය.
යාපනය සරවියේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී රංජනී කුමාරස්වාමි කොවිඩ් ආසාදනයට ලක්වන්නේ ඇයගේ ගම් ප්‍ර දේශය වූ ආරියාලේදීය. ඊයේ මියගිය ඇයගේ ආදාහන කටයුතු ඊයේම සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval