
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ හුදකලා කිරීමට
සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබාදුන් ග්‍රාම සේවා වසම් නවයෙන් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරින් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලු පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවැසීය.හොයන්නත්තර දකුණ, හොයන්නත්තර උතුර, දැල්තර නැගෙනහිර, දැල්තර බටහිර, බටකැත්තර උතුර, මාකන්දන නැගෙනහිර, දම්පේ, මඩපාත හා කැස්බෑව දකුණ ග්‍රාම සේවා වසම් හුදෙකලා කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී තිබිණ.මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 400 සීමාවට පැමිණ තිබෙන කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීමෙන් ඉදිරි දිනවලදී රෝගීන්ගේ වර්ධනයක් හටගැනීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි ද එම ප්‍රකාශකයා කීය. එලෙස ආසාදිත තත්වයට පත්වූ පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද කිසිදු බාධාවකින් තොරව හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට විවිධ අවශ්‍යතා සඳහා වෙනත් ප්‍රදේශ කරා ගමන් බිමන් යාමට පෙළඹීම දැඩි ගැටලුවක් වී ඇති බව ද එම ප්‍රකාශකයා කීය. සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ සිටින දේශපාලනඥයකුගේ ඕනෑ එපාකම් මත ආරක්ෂක අංශ විසින් මන්දගාමී ස්වභාවයක් දැක්වීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලු හටගෙන ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval