covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


හල්දුම්මුල්ල

හල්දුම්මුල්ල නිකපොත ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඊයේ (05දා) පැමිණි පුද්ගලයකු හදිසියේ ඇද වැටීමෙන් පිවිතක්ෂයට පත්ව ඇතැයි හපුතලේ පොලීසිය පවසි. නිකපොත පදිංචි ඩබ්ලිව්.එම්.ජයතිලක (65) නමැතිවිශ්‍රාමිකයෙකු මෙසේ පිවිතයට පත් ව තිබේ. සිරුර කොස්ලන්ද දිසා රෝහලේ තබා ඇති අතර ඒ පිළිබද පී.සී.ආර්. පරික්ෂණයක් පැවැත්වීමටද නියමිත බව හදුම්මුල්ල සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. හපුතලේ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

කදුරේගොඩ

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් දෙහිගස්තැන්න කදුරේගොඩ ගම්මානයේ පදිංචි එකම පවුලේ පස් දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
දින දෙකකට පමණ ඉහතදී කොළඹ ප්‍රදේශයේ පදිංචි එම පවුලේ ඥාතියෙක් ගිනිගත්හේන ප්‍රදේශයට අයත් දෙහිගස්තැන්න ගම්මානයේ නිවසකට පැමිණ ඇති එම පුද්ගලයාගෙන් එම මහලු යුවළක් ඇතුළු නිවැසියන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත.
එම පවුලේ සාමාජිකයෙක් ගිනිගත්හේන නගරයේ වෙළදසලක සේවකයෙක් බැවින් එම වෙළෙඳසලද වසා දැමීමට අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කැස්බෑව

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16ක් පමණ කාලයක් තුළදී කෝවිඩ් ආසාදිතයන් 400දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම ආසාදිතයන් අතරයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බෑණනුවන් භා කාර්යමණ්ඩලයේ පස්දෙනකුද වන බව එම ප්‍රකාශකයා සදහන් කළේය.  වැඩිම ආසාදිතයන් 147ක් වාර්තා වූයේ  (04දා) බවත් පසුගිය 30 වැනිදා සිදුකළ පී.සී.ආර්.පරික්ෂණ 268කින් එම  ආසාදිතයන් වාර්තාවී ඇති බවත්, එය ප්‍රතිශතයක් ලෙස සියයට 55%ක් බව එම ප්‍රකාශකයා පැවසීය.  

මෙතෙක් වැඩිම ආසාදිත පිරි වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනඟිර ග්‍රාම සේවා වසමේ කහපොලවත්ත  ප්‍රදේශයෙනි.  අලුත් අවුරුදනිමිත්තෙන් පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වූ සියලුම පිරිසට කෝවිඩි වෛරසය ආසාදිත වී තිබිණි.  තවත් පී.සී.ආර් පරික්ෂණ 354ක වාර්තා ලැබීමට නියමිතව ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.




මුන්දලම

මුන්දලම කරුන්ගාඩිචෝලේ  ප්‍රදේශ 19 හැවිරිදි සිසුවකු හදිසියේ ඊයේ (3) අලුයම මියගොස් ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.  මියගොස් ඇත්තේ පුත්තලම විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි මුන්දලම කරුන්ගාඩිචෝලේ  පදිංචි ආනන්ද මූර්ති ශෂීකුමාර් නැමති 19 හැවිරිදි සිසුවකු බව කියයි. කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ සිට පාසල් ඒමට ඇති අපහසුතාව නිසාම ඔහුගේ මව මෙම සිසුවා පුත්තලම නගරයේ කුලී නවාතැනක නවතා සිටියදී මෙසේ මරණයට පත්ව ඇතැයි කියයි.
සිසුවාගේ මව මදුරන්කුලිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිතව සිටි බවත් ඒ සමගම මෙම සිසුවාටද කොරෝනා ආසාදිතව කොටුව රෝහලේ කොවින ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පැමිණ මාසයකට පසු මෙසේ මරණයට පත්වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.  සිසුවා නවාතැන් ගෙන සිටි ස්ථානයේ හිමිකරු ඊයේ 5 වැනිදා අලුයම සිසුවා පාඩම් කටයුතු සඳහා අවදි කළද අවදි නොවීම නිසා සොයා බැලීමේදී දරුවා සිහිසුන්ව සිටිනු දැක පුත්තලම රෝහලට ඇතුළත් කර තිබුණි.  රෝහල් ප්‍රකාශකයකු පවසා සිටියේ දරුවා රෝහල් ගත කරන විටත් මරණයට පත්ව සිටි බවයි.  කෙසේ වෙතත් මෙම සිසුවාගේ ජෛව පටල පරික්ෂාවක් සඳහා කේෂ්ඨ පටල යොමු කර ඇති අතර එය ලැබුණු පසු මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පුත්තලම මූලික රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 මොනරාගල

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (05දා) පෙ.ව 10.00 වනවිට නව කෝවිඩ් ආසාදිතයන් 18 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය. මැදගමින් 06, බුත්තලින් 05, බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලින් දෙදෙනා බැගින්ද මොනරාගල, වැල්ලවාය සහ කතරගම යන ප්‍රදේශවලින් ආසාදිතයෙකු බැගින් හමුවී ඇත. මෙම ආසාදිතයන් කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර ඇත.


වත්තල

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (05දා) කෝවිඩ් ආසාදිතයන් 8දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යූ. ඇසෙන්ටා මහත්මිය පැවසුවාය. මෙම පිරිස වාර්තා වන්නේ බෝපිටිය, අල්විස්වත්ත අල්විස් ටවුන්, වත්තල ආදී ප්‍රදේශවලිනි. මේ වනවිට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයෙන් කෝවිඩ් ආසාදිතයන් 2,614ක් වාර්තා වී ඇති අතර මින් සයදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසා සිටියාය.

ඉංගිරිය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඊයේ (05) උදැසන වනවිට කෝවිඩ් ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. ආසාදිතයන් හමුවී ඇති සමස්ත ග්‍රාම නිලධාරී වසම් ගණන 18කි.
මෙම ආසාදිතයින් 47 දෙනා වාර්තා වී ඇත්තේ ග්‍රාම නිලධාරී වසම් 18කින් වන අතර එයින් වැඩිම ආසාදිතයන් 10 ක් වශයෙන් වාර්තා වනුයේ 620 බී රයිගම්වත්ත ග්‍රාම නිලධාරී වසමෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ 619 ඒ නම්බපාන වසමේ 05 දෙනෙක් වශයෙන් වන අතර තෙවනියට වැඩිම ආසාදිතයින් හමුවන්නේ 04ක් වශයෙන් 620 ඉංගිරිය නැගෙනහිර 620 ජී මහඉංගිරිය වසම්වලිනි. මේ අනුව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 437කි.

කොග්ගල

අලුත් අවුරුදු සමයේ සිට පෙරේදා (04) දින දක්වා කාලය තුළදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් කම්භල් 07ක සේවක සේකාවන් 107දෙනකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව හබරාදූව සොඛ්‍ය වෛද්‍ය නිලධාරීවද ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. මේ වනවිට මෙම ඇගලුම් සේවක සේකාවන්ගේ ආශ්‍රිතයත් 350කට අධික සංඛ්‍යාවක් නින්වෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද සොඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මේ අතර කෝවිඩ් වෛරසය ආසාදනය වූ හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් 52නකු කෝවිඩ්-19 වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවීම නිසා තවමත් නිවෙස්වල සිටින බවද සොඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.


කෑගල්ල

කොවිඩ් ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කෑගල්ල නගරයේ වෛද්‍ය රසායනාගාරයක සේවය කරන  දෙදෙනකු නිරෝධායන නිතී උල්ලංඝනය කරමින් සේවයේ යෙදී සිටියදී ආයතනය වසා නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා පැවසීය.  එම ආයතනයේ සේවය කරන සේවිකාවක හට කොවිඩ් වයිරසය අසාදනය වී ඇති අතර ඇය වරකාපොළ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.  ආසාදිත සේවිකාවගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණ මෙම දෙදෙනා සේවයට වාර්තා කර ඇති බවට ලැබුණ  තොරතුරුකට අනුව මේ පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු යොදා ඇත.
සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව ආයතනය වසා ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත. යළි ආයතන විවෘත කරන්නේ නම් නිරෝධායනය නිතීවලට එකඟව සෞඛ්‍ය උපදෙස්වලට අනුව විෂබීජ හරණය කටයුතුවලින් අනතුරුව නව සේක මණ්ඩලයක් යොදාගෙන විවෘත කිරීමට උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් ලබා දී ඇත.



කොටදෙණියාව

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොටදෙණියාව, කරබොටුවාව ප්‍රදේශයේ ඉන්දියානු යකඩ කර්මාන්තශාලාවක සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදිත බවට ඊයේ 5වැනිදා පී.සී.ආර්. පරික්ෂණවලින් තහවුරු වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීකෙ එස්.ඒ.යු.ටී. කුලතිලක මහතා පැවැසීය.

මෙම ඉන්දියානු ජාතික සේවකයන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ මේ වනවිට ඉන්දියාව තුළ පැතිර ඇති කොරෝනා වයිරසය ද යන්න සොයා බැලීමට සෞඛ්‍ය නිලධාරින් වහාම ඒ මොහොතේම දැනුවත් කළ බව ද කුලතිලක මහතා පැවැසීය.  එතෙක් මෙම ආසාදිත ඉන්දියානු සේවකයන් දෙදෙනා කර්මාන්තශාලාවේ ඔවුන්ගේ කාමර තුළම රඳවා ඇතැයි ද කුලතිලක මහතා පැවැසීය.

ඉන්දියාවේ සිට මෙම කර්මාන්තශාලාවට ඉකුත් 15 වැනිදා සිට ඉන්දියානු ජාතික සේවකයන් 10 දෙනකු පැමිණ ඇති බවත් ආසාදිත බවට හඳුනාගත් මෙම දෙදෙනා ද එම පිරිසේ දෙදෙනකු බව ද කුලතිලක මහතා පැවැසීය. ඉන්දියානු 10 දෙනාගෙන් ආසාදිත දෙදෙනා හැර අනෙක් 8 දෙනා ද මෙම ආසාදිතයන් දෙදෙනා සමග සමීපවන් කටයුතු කළ ආයතනයේ සේවක පිරිසක් ද විශේෂ ආරක්ෂිත ක්‍රම යටත්තේ ආයතනය තුළම නිරෝධායනයට යොමු කළ බව ද හෙතෙම පැවැසීය.  මෙම ඉන්දියානු යකඩ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 250 දෙනකු සේවය කරන බවත් එයින් 66  දෙනකු ඉන්දියානුවන් බවත් කුලතිලක මහතා පැවැසීය.

ගම්පහ

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයන් ඊයේ උදෑසන වනවිට ගත වූ පැය 24 ක කාලය තුළ 73 දෙනකු වන වැඩිම පිරිසක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුළ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.  මේ අතුරින් වැඩිම පිරිසක් මහර කොට්ඨාසයෙන්- 61 ක්, බියගම - 39 ක්, දොම්පෙ - 38, සීදුව - 29 ක්, රාගම - 20 ක්, ගම්හප සහ මිනුවන්ගොඩ කොට්ඨාස වලින් 18 දෙනකු බැගින්ද, මීරිගම කොට්ඨාසයෙන් ආසාදිතයන් 16 දෙනකුද හමුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙයින් 83 දෙනකු රෝහල් මගින් සිදු කළ පරික්ෂාවලදී හා 276 දෙනකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂණවලදී හමුවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවැසීය.  ගතවූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිකාරය මධ්‍යස්ථාන හයට ආසාදිතයන් 204 දෙනකු ඇතුළත් කර ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා එම මධ්‍යස්ථාන හයෙහි ඇඳන් 511 න් ඇඳන් 461 ක් පිරී තිබූ බවද කීය.  ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 11,184 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් කොවිඩ් දෙවැනි රැලේ ඊයේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 21,829 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඊයේ වන විට දිස්ත්‍රික්කයේ 2,39,300 දෙනකු පී.සී.ආර්. පරික්ෂණ සඳහා භාජනය කර ඇති අතර 5310 දෙනෙකු හට ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම සිදු කර තිබිණි.

මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඊයේ (05) දිනයේදී කොරෝනා ආසාදිත තවත් 40 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩී.ආර්. සංජීව මහතා පවසයි. මෙම රෝගීන්ගෙන් පිරිසක් විවිධ රෝග ලක්ෂණ මතුවීම නිසා ගහ, මීගමුව සහ වතුපිටිවල මහ රෝහල්වලින් පී.සී. ආර්. පරික්ෂණ සිදුකරගත් සහ සිය සේවා ස්ථානවලදී රැපීඩ්| ඇන්ටිජන් පරික්ෂණ සිදුකර ගැනීමෙන් හඳුනාගත් රෝගීන් බවද සංජීව මහතා පැවසීය.


කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් පෙරේදා (04) නව කොරෝනා රෝගීන් 186 දෙනකු වාර්තා වී ඇත.
පොලිස් ස්ථාන වශයෙන් ගත්කල එසේ වාර්තාවූ රෝගීන් දොඩම්ගොඩ 15, දකුණු කළුතර 03, උතුරු කතර 28, පයාගල 17, මීගහතැන්න 23, බුලත්සිංහල 09, අගලවත්ත 01, වැලිපැන්න 02, මතුගම 08, බදුරලිය 22, අඟුරුවාතොට 08, හොරණ 09, වාද්දුව 02, පානදුර උතුර 15, ඉංගිරිය 08, හා බණ්ඩාරගම 16 ක් වශයෙනි.



ගාල්ල
අක්මීමන තොටගොඩ, බැදිපාර, යක්දෙහිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී මියගිය තිදරු මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගොඩකන්ද හදිසි මරණ පරීත හාරත ද සිල්වා මහතා පවසයි.
මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි. ඇය තුන්වැනිදා පස්වරුවේදී නිවස තුළදී මියගොස් ඇත. මෙකී තිදරු මව මිය යෑමෙන් පසු ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබු පීසීආර් පරික්ෂණයේ දී ඇයට කොරෝනා වරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි. මෙකී කතාම මාසයක පමණ කාලයක් නිවසේ චකිව සිටි අතර සෙමි මාමයෙන් පිළ ඇදවී . හදිසි මරණ පරිකවරයා පවසයි. මියගිය කාන්තාවගේ පුතු ලෙල්ලි හා දරු දෙදෙනා සමග ඇය මෙම නිවසේ පදිංචිව සිට ඇත. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්විණි.


මාතර
මාතර දිස්ත්‍රික්කයේ පසුගිය (03) සහ (04) යන දෙදින තුළදී කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 120 ක් හඳුනා ගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශය අනාවරණය කර ඇත. සෞඛ්‍ය අංශ විසින් සිදු කළ පීසීආර් පරීක්ෂණ සිංහ රැපිඩි | අන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව අදාළ ආසාදිතයන් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශයන්ගෙන් හදුනා
ගෙන තිබේ. ඉකුත් 3 වැනිදා දින දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ගණන වත පුද්ගලයන් 36 දෙනෙකු වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගෙ න ඇති අතර එදිනම කඹුරුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 15ක් ද මොරවක 11ක් සහ මාතර ප්‍රදේශයෙන්ද 11 දෙනකු ද හඳුනා ගෙන තිබිණි. පෙරේදා (04 දා) වන | දින මාතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ්
වෛරසය ආසාදනය වුවන් 29 දෙනකු සෞඛය අංශ විසින් හඳුනා ගෙන තිබිණි.
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තාවන නිසා දකුණු පළාතේ තවත් රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් සඳහා වාට්ටු ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා පැවසීය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බෙංතොට, බටපොල, බද්දේගම, හබරාදුව, මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව, ගංගොඩගම, අකුරැස්ස, වැලිගම, දික්වැල්ල, දෙයියන්දර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, අගුණකොලපැලැස්ස, ලුණුගම්වෙහෙර, වලස්මුල්ල යන රෝහල්වල වාට්ටු කිහිපයක් මෙසේ කොරෝනා රෝගීන් සඳහා වෙන් කරනු ඇත.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධි චන්දිම සිරිතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල ඉඩ නොමැති නිසා ආසාදිතයන් පිරිසකට තවමත් නිවාස තුළම රැඳී සිටීමට සිදුව ඇති බවය. ඒ නිසා ඔවුන් කඩිනමින් ප්‍රතිකාර මධස්ථානවලට යොමු කිරීමටත් කරාපිටිය රෝහල නිදහස් කර ගැනීමටත් මෙසේ රෝහල් කිහිපයක වාට්ටු සුදානම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා කීය.


ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය තුළ කොවිඩ් -19 පැතිරයෑමේ විශාල අවදානමක් ඇති
බැවින් ග්‍රාම නිලධාරි වසම් හතරක් සහ ගම්මාන 20ක් පමණ වසා දමන්නැයි ඇඹිලිපිටිය කොවිඩ් කමිටුව ඉල්ලයි.

පසුගිය දිනවල පී.සී.ආර්. පරීක්ෂණවලට පුද්ගලයන් 240 දෙනකු පමණ යොමු කර ඇති අතර එයින් පුද්ගලයන්
46 දෙනකු හට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇඹිලිපිටිය උඩගම, නව නගරය, පල්ලෙගම, පනාමුර යන ග්‍රාම නිලධාරි වසම්වලින් වැඩි ප්‍රමාණයක්
කොවිඩ් ආසාදිතයන් හමු වී ඇති බැවින් එම වසම් වසා දමන ලෙසත් ඊට අමතරව ගම්මාන 20කින් පමණ
කොවිඩ් රෝගීන් හමුවී ඇති බැවින් වයිරස පැතිර යෑම වැළැක්වීම සඳහා එම ගම්මානද වසා දැමීමට
කොවිඩ් කමිටුව යෝජනා කර ඇත.


ඇටම්පිටිය

ඇටම්පිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයකුට කෝවිඩ් ආසාදිත වී මියයාමත් සමග ස්වයං නිරෝධායනයට ලක්කර සිටි ඇටම්පිටිය පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුටද කෝවිඩ් ආසාදිත වී බිඳුණුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව ඇටම්පිටිය පොලීසිය පෙරේදා (04දා) පැවසීය. මෙසේ  කෝවිඩ් ආසාදිත වී ඇත්තේ මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි ඇටම්පිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකුටය. ඇටම්පිටිය පොලීසියට අනුයුක්තව සේවය කර රාජකාරි කටයුතු නිම කර ඉකුත් 29 වැනිදා පස්වරුවේ යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටියදී අතරමගදී හදිසියේ රෝගීවී බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කෝවිඩ් 19 ආසාදිත වී  බණ්ඩාරවෙල අමුණුදෝව ප්‍රදේශය පදිංචිව සිටි 56 හැවිරිදි අදාළ පොලිස් සැරයන්වරයා ජීවිතක්‍ෂයට පත්ව තිබේ. පසුව සොඛ්‍ය බලධාරින් විසින් මියගිය පොලිස් සැරයන්වරයාගේ ප්‍රථම ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ඇටම්පිටිය පොලීසියේ සේවය කරන උපපොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු, කොස්තාපල්වරුන් සිවුදෙනකු, සිවිල් ආරක්ෂක නිලධාරින් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරින් 10දෙනකු ඇටම්පිටිය වරාය ගොඩනැගිල්ල තුළ දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරනු ලැබූහ.

රත්නපුර

කොවිඩ් වසංගත තත්ත්වය නිසා රත්නපුර නගරයේ සියලුම මැණික් වෙළෙඳපොළවල්  දෙසතියකට  වසා
දැමීමට  රත්නපුර මහජන සෞඛ්‍ය බලධාරීන්  තීරණය කර තිබේ. පෙරේදා (04දා) සිට ක්‍රියාත්මක
වන ලෙස එම තීරණය ගෙන ඇතැයි රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවැසීය.
රත්නපුර නගරයේ අඹගහයට අශියා මාවත, රත්නපුර ඔරලෝසු කණුව ඉදිරිපිට සහ දෙමුවාවත යන ස්ථානවල
රත්නපුරයේ ප්‍රධානතම මැණික් වෙළෙඳපොළ පවත්වාගෙන යන අතර එම ස්ථානවල ඒකාරාශී වී මැණික්
වෙළෙඳාම සිදු කිරීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇත්තේ සබරගමු පළාත් සෞඛ්‍ය
අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය අනුවය. 
මෙම මැණික් වෙළෙඳපොළවල් වෙත දහස් ගණනක් මැණික් ව්‍යාපාරිකයන් සහ පතල්කරුවෝ පැමිණෙති. එම
මැණික් වෙළෙඳපොළවල් තාවකාලිකව නැවැත්විම නිසා ඊයේ 05දා රත්නපුර නගරයේ මැණික්
වෙළෙඳපොළවල් පාලුවට ගොස් තිබිණි.br />මේ අතර රත්නපුර නගරයේ වෙළෙඳසල් සහ රාජ්‍ය පෞද්ගලික ආයතන වෙත මහජන සෞඛ්‍ය උපදෙස්
ලබාදී ඇතැයිද රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවැසීය.
රත්නපුර නගරයට සෞඛ්‍ය උපදෙස් නොතකා පැමිණෙන ජනතාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස
රත්නපුර දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පොලිසියට දැනුම්දී ඇත.

බලංගොඩ
පවතින කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග බලන්ගොඩ නගරයට පැමිණි ජනතාවගේ විශාල අඩුවක් ඊයේ (05දා) දක්නට ලැබිණි.
කෙසේ වෙතත් බලන්ගොඩ නගරයේ සියලුම වෙළෙඳසල් සාමාන්‍ය පරිදි විවෘත කර තිබේ. එහෙත් නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවත් සමග වෙළෙඳසල් හිමියන් අසරණභාවයට පත්ව සිටින බව ද දක්නට ලැබිණ.
බළන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් හිටිහැටියේ ක්ලාන්ත වී බිම ඇද වැටීමෙන් අනතුරුව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇත. එන්. එම්. ලක්මාලිකා (70) නැමති මෙම කාන්තාව පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරිමෙන් පසුව කොරෝතා රෝගය වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. ඒ අනුව පැවැත්වීමට නියමිතව තිබූ මරණ පරික්ෂණය ද කල්දමා ඇති බව වැලිගෙපොල හදිසි මරණු පරික එස්. එම්. අයි. ඩී. මීගස්දෙනිය මහතා පැවසීය.


මොනරාගල

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (05දා) පෙ.ව 10.00 වන විට නවකොවිඩ් 19 රෝගීන් 18 දෙනකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක පැවසීය.
මැදගමින් 06, බුත්තලින් 05, බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලින් දෙදෙනා බැගින් ද මොනරාගල, වැල්ලවාය සහ කතරගම යන ප්‍රදේශවලින් එක් රෝගියෙකු ද මෙලෙස හමුවී ඇත. මෙම රෝගීන් කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකර ඇත.
මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1206 කි.
දැනට මොනරාගල දිස්ත්‍රික්කයේ 2,292 නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටී.
එම පුද්ගලයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශ මත රුපියල් දසදහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දන ලොකුහේවගේ පැවසීය.

නොර්වුඩ්

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සිව්දෙනෙකු හදිසියේ රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව එම සේවකයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට (05දා) දින තහවුරු වූ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ආසාදිත සේවකයින් සිව්දෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති බවත්,එම ආසාදිතයන් සිව් දෙනා සේවය කළ එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ එක් අංශයක් තාවකාලිකව වසා දැමූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි 319- L ග්‍රාමසේවා වසමේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319-I ග්‍රාමසේවා වසමේ කොවිඩ් 19 වයිරසය අසාදනය වූ නව අසාදිතයන් 14 දෙනකු හමු වූ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් පැවසීය.

එම ප්‍රදේශවලින් මීට ප්‍රථම කොවිඩ් 19 වයිරසය අසාදනය වූ අසාදිතයන් 31 දෙනකු හමු වී ඇති අතර, එම අසාදිතයන් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

පොල්ගහවෙල

පොල්ගහවෙල වෛද්‍ය බලප්‍රදේශයෙන් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 12 දෙනෙකු 05 දා හඳුනාගත් බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් පවසයි.නිරෝධායනයට ලක් කර සිටි 183 දෙනකුගෙන් පසුගිය 28වැනිදා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත. හොදැල්ල, ආරගොඩ, ග්‍රීනවුඩ් වත්ත ප්‍රදේශවලින් එම ආසාදිතයන් වාර්තා වන බවත් හොදැල්ල විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයන් 03 දෙනෙක් හා පොල්ගහවෙල පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියකු මෙම ආසාදිතයන් අතර සිටින බවත් 04 වැනිදා පුද්ගලයන් 238 දෙනෙකුගේ කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවන් ලැබීමට ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

බද්දේගම

ඉදිගැකැස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේකාවන් 17දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එච්.බී.පී. ගුණවර්ධන මහතා පවසය පසුගිය 25වැනිදා සිට මේ දක්වා කාලය තුළදී මෙම ආසාදිතයක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරයා පවසයි.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු සිටින බවත් බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි. වව්ලගල ප්‍රදේශයෙන් 03 දෙනෙක්ද බද්දේගම නැගෙනහිර ප්‍රදේශයෙන් 02ක් ද විදුලිබල මණ්ඩලයෙන් 01 අයෙක්ද ඉදිගස්කැටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් 04 දෙනෙක්ද වශයෙන් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

ගොතටුව

අප්‍රේල් අවුරුදු නිවාඩුවෙන් පසු ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව අප්‍රේල් 12දා සිට මේ දක්වා ආසාදිතයන් 315 දෙනෙකු හමු වී ඇත.
බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත, මුල්ලේරියාව, අඹතලේ, අංගොඩ, සේදවත්ත, කොහිලවත්ත, වැල්ලම්පිටිය ආදි පෙදෙස්වලින් මෙලෙස වාර්තා වේ.
ගොතටුව කර්මාන්තපුරයේ එක් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 29ක් හමු වී ඇති අතර, තවත් කර්මාන්ත ශාලාවකින් 11 දෙනෙකු හමුවී ඇත. ගොතටුව ඇල්හේන ඇගලුම් කර්මාන්ත ශාලාවකින් 70 දෙනෙකු හමුවී ඇත.
මෙම කර්මාන්ත ශාලා තුන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එම ආශ්‍රිත පවුල්වල සාමාජිකයන් 500ක් පමණ මේ වන විට නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය පැවැසුවේය.

 සූරියවැව

 සූරියවැව  ප්‍රාදේශීය ලේකම්වරයාට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමග එහි සේවයේ නියුතු සේවකයන් 48 දෙනකු නිරෝධායනයට ලක් කළ බව සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රහල් රාජපක්ෂ මහතා පැවසීය.සූරියවැව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 14 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, 200කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

කැකිරාව
කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 04 දා උදෑසන වනවිට ආසාදිතයන් ගණන 93 දක්වා ඉහළ ගොස් ඇතැයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුළ කළ පරීක්ෂණ අනුව. නව කොවිඩ් රෝගීන් තිදෙනකු හඳුනාගෙන ඇත.
මොවුන් සූරියගම,ඉහළගම හන්දිය, යකල්ලපාර යන ප්‍රදේශවල වල පදිංචි කරුවන් එක් අයෙකු බැගිනි.
මේ අනුව 04 දා උදෑසන වනවිට කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස යේ කොවිඩ් තුන්වන රැල්ලේ ආසාදිතයන් ගණන 93 දක්වා ඉහළ ගොස් තිබේ.

ආනියාකන්ද

කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රථම වතාවට කඳාන ආනියාකන්ද දිසා රෝහලේ වාට්ටු දෙකක් පෙරේදා (4දා) සිට වෙන්කර ඇතැයි එහි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධමිමික පතිරණ පැවසීය.
මේ වන විට රෝහලේ කොරෝනා රෝගීන් සඳහා ඇඳන් 90 වෙන්කර ඇති අතර එයින් ඇඳන් 45 පිරිමි වාට්ටුවට ද අනෙක් ඇඳන් 45 ගැහැනු වාට්ටුව සඳහාද වෙන් කොට ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නුවරඑළිය

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ (05 වන) දින උදෑසන වන විට නව කොවිඩ් ආසාදිතයන් 30 දෙනකු වාර්තා වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු විසින් පවසන ලදී


ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියාට ද කොරෝනා ආසාදිත බවට සිදුකළ පරික්ෂවකදී හෙළිවී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියාට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම සේවකයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවද දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා සඳහන් කළේය.


තිස්සමහාරාම
තිස්සමහාරාම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 14 දෙනෙකු අළුතින් හඳුනා ගැනීමත් සමග තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අළුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 68 දක්වා ඉහළ ගොස් ඇතැයි තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර විජයමුණි මහතා පැවැසීය.
රෝගීන් 14 දෙනාගෙන් පස්දෙනකු පන්නගමුව ප්‍රදේශයෙන් වන අතර උඩුවිල, ගෝනගමුව ප්‍රදේශයෙන් 03 ක්, ජුල්පල්ලම ප්‍රදේශයෙන් 02 ක් හා එකමුතුගම. රෝහණපුර, උඩගම, දෙබරවැව යන ප්‍රදේශවලින් සෙසු අසාදිත රෝගීන් සිව්දෙනා හමුවී තිබේ.


මීගමුව
මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 28 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික මංජුල හේවාවසම් මහතා පැවසීය. මෙම කොරෝනා ආසාදිතයන් එම රෝහලේ දුරකතන හුවමාරු මධ්‍යස්ථානයේ සහ රසායනාගාර අංශයේ කාර්ය මණ්ඩලයට අයත් බවට හඳුනාගෙන ඇත. කොරෝනා ආසාදිතයන් බවට පත්වූ රෝහල් කාර්ය මණ්ඩලය එම රෝහලට අනුයුක්තව පවතින නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

රක්වාන

රක්වාන, මැදගංගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් රෝගය ආසාදිත වූ කාන්තාවක් හඳුනා ගැනීමෙන් පසු ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේල්ලා පස්නමක් සමග නිවාස දෙකක සාමාජිකයන් හය දෙනෙක් ස්වයං නිරෝධායනයට පත් කිරීමට රක්වාන මහජන සෞඛ්‍ය පරික්ෂක සුනෙත් මුණළීර මහතා පියවර ගනු ලැබිය.
මස්සේ නිරෝධායනයට ලක්කළ පිරිස අතර ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තට සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කරන හා රත්නාලෝක මහා විදුහලේ ආචාර්යවරයකු ලෙස සේවය කරන ස්වාමීන් වහන්සේග්ලා දෙනමක් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද සිටින බවද පැවසේ. ප්‍රථමයෙන් හඳුනා ගැනුණු කාන්තාවන්ගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වූ භික්ෂුන් වහන්සේ පනමක් සහ ඒ ආශ්‍රිත නිවාස දෙකක වෙසෙන පිරිසක්ද කොවිඩ ආශ්‍රිතයන් බව හදුනා ගැනීමෙන් පසු මෙසේ නිරෝධනයට ලක් කර ඇත.
 


වැලිකඩ බන්ධනාගාරය
වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයකු ද කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


 ක්‍රීඩා අමාත්‍යාංශය

 ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කාර්යාලයේ කාර්ය සහායකයකු කොවිඩ් 19 ආසාදිතයකු යැයි හඳුනා ගැනීමත් සමග එම කාර්යාලයේ සෙසු සේවක සේවිකාවන් නිරෝධායනයට ලක්කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එම කාර්යාලයේ සෙසු සේවක සේවිකාවන් පී.සී.ආර්. පරික්‍ෂණවලට යොමු කර ඇති බව ද දැනගන්නට තිබේ.  කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් 10 දෙනකුට ආසන්න පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් යැයි මේ වනවිටත් හඳුනාගෙන ඇතැයි දැනගන්නට තිබේ.


මොරටුව සරසවිය

මොරටුව විශ්වවිද්‍යාලයේ කොවිඩ් ආසාදිත යැයි හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව දාහතර දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි අධ්‍යයනාංශයේ අවසාන විභාගයට සහභාගි වූ බව කියන සිසුන් හැට දෙනකුගෙන් හත් දෙනෙකුට සිදුකරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් සිසුන් හය දෙනකුම කෝවිඩ් ආසාදිත යැයි ඉකුත් තුන් වැනිදා හඳුනා ගත් අතර තවත් සිසුන් අටදෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.ඉකුත් තුන්වැනිදා සිසුන් හය දෙනකුට කොවිඩ් ආසාදිත යැයි වාර්තාවීමත් සමග නිරෝධායනයට යොමුකොට සිටී සිසුන් තිස් දෙනාටද විශ්වවිද්‍යාලයේ මැදිහත්වීමෙන් පී.සී. ආර්. පරික්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.සිසුන් 8 දෙනකු ආසාදිතයන් ලෙස එහිදී හඳුනාගත් බවසෞඛ්‍ය අංශ පැවසීය.රෝහලක් ලැබෙන තෙක් මොරටුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුන් වෑතර රෝහලට පිටත් කර හැරි බවද සෞඛ්‍ය අංශ පැවසීය. ආසාදිත යැයි හඳුනාගනු ලැබූ සිසුන්ගේ කොරෝනා රෝග ලක්ෂණ පහළ කර තිබූ බවද සෞඛ්‍ය අංශ කීවේය. ඉතිරි වී සිටි සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් නේවාසිකාගාරයක නිරෝධායනය සඳහා යොමු කළ බවද සෞඛ්‍ය අංශ පැවසීය.ගම් රටවල් බලා පිටත්ව ගිය සිසුවියන් පිළිබඳව ද සොයා බැලීමට කටයුතු යොදා ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.රෙදිපිළි අධ්‍යයනාංශයේ විභාගය 29, 30 දෙදින පුරා පවත්වා ඇති අතර මෙම විභාගයට ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවල නිරත වෙමින් අධ්‍යයන කටයුතුවල නිරත වන සිසුන් තුන් දෙනකු ද සහභාගි වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.අදාළ ඇඟලුම් හල්වල සේවයේ නිරත වෙමින් පැමිණි සිසුන්ගෙන් කොරෝනා වයිරසය අනෙකුත් සිසුන්ට ආසාදනය වෙන්නට ඇතැයි සැක කෙරෙන බව ද සෞඛ්‍ය අංශ පැවසීය.

භූ විද්‍යා-පතල් ප්‍රධාන කාර්යාලය

කොවිඩ් වයිරසය ආසාදිතයන් 17 දෙනකු වාර්තාවීම හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි සභාපති අනුර වල්පොළ කීවේය. එම කාර්යාංශයේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පසු ප්‍රධාන කාර්යාලයේ 42ක් පරීක්ෂාවට ලක්කර ඇත. ඉන් 17 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබේ.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රාදේශීය කාර්යාල 21 විවෘතව තැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.