covid19-government

PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා,  එහෙත් රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඔවුන්ගේ නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.



ඒ අනුව, එම ක්‍රමවේදය එළඹෙන සඳුදා (මැයි 17) සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, එම රෝගීන් සංකූලතා පෙන්නුම් කරන්නේ නම්, එවැනි අවස්ථාවලදී ඔවුන් රෝහල්ගත ගත කිරීමට කටයුතු කරන බවය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙයුම් මැදිරියේදී වෛද්‍යවරු කණ්ඩායමක් යොදවලා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති පී.සී.ආර්. පොසිටිව් අයව ගෙදරදී නියාමනය කරලා යම් කිසි සංකූලතාවක් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න.

මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලු ම රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර, උපදෙස් ලබා දීලා ඒවගේ ම තමයි සංකූලතා එනවා නම් වහා ම හඳුනා ගෙන රෝහල්ගත කිරීම. සඳුදා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”