
රුධිර කැටි ගැසීම් ඇතිවී, මරණ සිදුවන බැවින්, ඉතා අනතුරුඳායක එන්නතක් ලෙස සලකා, oxford astrazeneca එන්නත භාවිතය මුළුමනින්ම නතරකර දැමීමට නෝර්වේ සෞඛ්‍ය බලධාරින් මේ වනවිට තීරණය කර තිබේ.
‘oxford astrazeneca' එන්නත හා සමාන අයුරින් රුධිරය කැටි ගැසීම් සිදුවන ඇමෙරිකාවේ ජැක්සන් සමාගමේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්" එන්නත ද නොර්වේ රටේ භාවිතයට ගන්නා නමුත් එය ද තාවකාලිකව නවතා දමා ඇත.
ඒ එන්නත සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයන කිරීමට අවශ්‍ය බැවින් යැයි නෝර්වේ අග්‍රාමාත්‍ය එරි සොල්බර්ග් පැහැදිලි කර තිබේ. “ oxford astrazeneca' මෙන් නොව ජොන්සන් ඇන්ඩ් ජොන්සන්" යනු තනි මාත්‍රාවක එන්නතකි.
Comments
Post a Comment
Your comment will be visible after approval