chameera-perera-speaks

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා සිදුකළ කරුණු දැක්වීමක් පහත පරිදිය.

අපි පහුගිය දවස්වල දැක්කා ෆේස්බුක් පෝස්ට් එකක්  තිබුනා ඉස්කෝලේ ගුරුවරයෙක්ගේ ශිෂ්‍යයෙක් ගෙයි අතර තිබ්බ සාකච්ඡාවක්. දැන් මේ ගුරුවරයා දිගටම දැක්කා මේ ශිෂ්‍යයා චක්කරේ පාඩම් කරනවා.  දවසක් මේ ගුරුතුමා කිව්වා ශිෂ්‍යයාට තමුසෙ හෙට චක්කරේ පාඩම් කරගෙන එන්න ඕනේ හෙට පාඩම් කරගෙන ආවෙ නැත්තං තමුසෙව ඔලුවෙන් හිටවනවා කියලා. දැන් කොල්ලා චක්කරේ පාඩම් කරන ඒක නෙමෙයි චක්කරේ පාඩම් කරන එක පැත්තකට දාලා ඔළුවෙන් හිටගන්න ප්‍රැක්ටිස් කරනවා.  අන්න ඒ වගේ මොංගල් ආණ්ඩුවක් තමයි දැන් ලංකාවෙ තියෙන්නෙ. අර කොල්ල චක්කරේ පාඩම් කරනවා වෙනුවට ඔලුවෙන් හිට ගන්න එක ප්‍රැක්ටිස් කරා වගේ මේ ආණ්ඩුවත් කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්, වෛද්‍ය සභාව මේ සියලු දෙනා PHI මහත්වරු වෘත්තීය සමිති මේ සියලු දෙනාම එක හෙළා කියනවා දැන් අවශ්‍ය කරන්නේ අපිට ventilators අවශ්‍යයි , ICU ඇඳන් අවශ්‍යයි. අපිට ඔක්සිජන් පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දේවල් තියෙනකොට ආණ්ඩුව කරන්නේ මොකද්ද දන්නවද .අර මං කලින් කිව්ව වගේ මෙන්න යකෝ ආණ්ඩුව ඇඳන් හදනවා .ආණ්ඩුව එක දිගට ඇඳන් හදාගෙන යනවා.



 ඒවා විදිය වැඩක් තමයි මේ ආණ්ඩුව දැන් කරගෙන යන්නේ. මේ ඉස්පිරිතාල පහසුකම් ටික මේ අත්‍යවශ්‍ය දේවල් මේ කෝවිඩ් මර්දනය කරන්න අත්‍යවශ්‍ය දේවල් ටික පැත්තකට තියලා.  ඇඳන්  ටික හදාගෙන හදාගෙන යනවා. මං දැක්කා අපිට හමුවෙන මිනිස්සු කියනවා මහත්තයෝ ඉතින් අපේ ගෙවල් වලත් ඇඳන් තියෙනවා කියලා .ගෙදර ඉදලා ගෙදර ඇඳේ මලත් එකයි කොයි හරි ගිහිල්ලා යකඩ ඇඳක මලත් එකයි. කොහොම උනත් මැරෙන එක නේ වෙන්නේ. අපි දැක්කා තව කොයි හරි තැනක ෆේස්බුක් සටහනක් තිබ්බා ඔයිට වඩා නරකද දිගට හරහට මිනී පෙට්ටි හදාගෙන ගියා නං කියලා. මුළු ලෝකෙම දැන් මේ බලන්න මේ ආණ්ඩුවේ තිබෙන දරිද්‍රතාවය මේ ආණ්ඩුවේ තියෙන චින්තන දරිද්‍රතාවය තරම කොච්චරද කියනවනම් මේ කෝවිඩ් මර්දනය ඇඳන් හැදීමට අරන්නේ. කරන්න තියෙන හොඳම දේ හොඳම ක්‍රමෝපාය හැටියට දකින්නේ ඇදන් හදන එක දිගට හරහට ඇඳන් හදනවා ඇඳන් හැදුවා කියලා කෝවිඩ්  මර්දනය වෙනවද. ඇඳන් ටික හදා ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ අපි දැක්කා කියනවා ඉන්දියාව වගේ අපි මිනිස්සුන්ව මහපාර තියන්නේ නෑ .ඉන්දියාවේ මහ පාරනේ මැරෙන්නෙ අපි යකඩ ඇඳන් දෙනවා. ඇදේ හාන්සි වෙලා මැරියං කියලා.

ඇද විතරක් දීලා හරියනද හත්තිලව්වෙ. අන්දරේලාට තේරෙන්නෑ ඉස්කෝලේ කොල්ල වගේ මොංගල් වැඩ කර කර ඉන්නවා මේ මැති ඇමතිවරු ඇඳන් හදන දිහා බලාගෙන ඉන්නවා .කරන්න අවශ්‍ය කරන මේ වෙලාවේ මුළු ලෝකෙම කියන්නේ ඒක මේකට තියෙන හොඳම විධික්‍රමය ටෙස්ට්. එක අපි දැක්කා ටෙස්ට් කරන විදිහ පහුගිය මාස තුනේ හතරේ ටෙස්ට් කරපු විදිය දැක්කා. මේක යම් විදියට පාලනය කරලා තියෙන රටවල් පවා මේක දිගින් දිගටම පාලනය කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් බවට පත් කරගෙන තියෙන්නෙ test test test කරන එක. අපිට ඒ ටෙස්ට් කරන්න අපි දැක්කා වෛද්‍යවරු කියනවා අපි දැක්ක PHI මහත්වරුන් ගේ සංගමයේ කියනවා  අපිට අවශ්‍ය කරන pcr කට්ටල නැහැ. දැන් මේ රෝගීන් බෝ වෙන විදිහට රෝගීන් හමුවන විදිහට දැන් අපේ ධාරිතාවේ පැනලා ඒ නිසා අපිට බරපතළ ප්‍රශ්නයක් දැන් ටෙස්ට් කරන්න PCR කට්ටල නෑ antigen කට්ටල නෑ .දැන් උග්‍ර අර්බුදයක් තියෙන්නෙ. එතකොට ඒ උග්‍ර අර්බුදයට හේතුව ඒකට පිළිතුරු දෙන්නේ නැතුව අපිට ඕන කරන්නේ ICU BEDS. නිකන් මේ මිනිස්සු ඇඳන් වල දැම්ම කියලා මිනිස්සු හොඳ වෙන්නේ නෑ .

මිනිස්සුන්ට අවශ්‍ය කරනවාICU ඇඳන්. ventilators අවශ්‍ය කරනවා බෙහෙත් අවශ්‍යයි .ඖෂධ හිඟයක් තියෙනවා බව කියනවා මේ වගේ තත්වයක් තියෙද්දී ආණ්ඩුව කරන්නේ ඇඳන් වලින් උත්තර දෙන එක. ඇඳන් හදන එක ඒක නිසා මේ ආණ්ඩුව කොච්චර බංකොලොත් ආණ්ඩුවක්ද කියන එක පේනවා. මේක තමයි පොහොට්ටුවේ තිබෙන චින්තන දරිද්‍රතාවය. දැන් ලෝකෙම මේ වෙනකොට අපි දැක්කත් ජාත්‍යන්තරව පවා විවිධාකාරයේ විමර්ශනයන් මගින් අපි දැක්ක ඉදිරිපත් කරලා තියනවා විශ්වවිද්‍යාල මට්ටමින් ලෝකේ ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ ආයතන විසින් කරලා තියෙන බරපතල අනතුරු ඇඟවීම්. ලංකාව බරපතළ තත්ත්වයකට ගමන් කරමින් ඉන්නේ.

ඉතාම නරක විදිහට ජනතාවගේ ජීවිත අහිමි වීමේ බරපතළ අනතුරක් තියෙන්නෙ .එතකොට ලෙඩ්ඩු හමුවීම මේ ව්‍යාප්තිය බරපතළ තැනක තියෙන්නෙ කියලා .ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවලා තියෙනවා ලංකාවේ වෛද්‍යවරු අනතුරු අඟවනවා. අපි ඊයෙත් දැක්කා ඒකාබද්ධ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන් විශේෂඥ වෛද්‍යවරු  සංගමය මේ සියලු දෙනාම එකතුවෙලා ඉදිරිපත් කරලා තියෙනවා බොහොම පැහැදිලිවම රට ගමන් කරමින් තිබෙන්නේ ඉතාම භයානක තත්ත්වයකට .ඒ නිසා අවශ්‍ය කරන සංචරණ සීමාවන් පනවන්න lockdown කරන්න කියන එක ඔවුන් පැහැදිලිවම කියනවා lockdown කරන්න මේක තමයි අදටත් මේක මර්දනය කරලා තියෙන රටවල්  නවසීලන්තයේ වගේ රටවල් වියට්නාමය වගේ රටවල්  ගන්න ඕස්ට්‍රේලියා වගේ රටවල් ගන්න ඒ සෑම රටක්ම මේක මර්දනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පනවලා තියෙනවා.

ඒ අයට මේ ආර්ථිකය ඔළුවට අරගෙන රටේ ජනතාවට වඩා ආර්ථිකය ලොකු නැහැ .ජනතාවක් ඉන්න ඕනේ ආර්ථිකයක් පවත්වාගෙන යන්න. ජනතාවගේ ජීවිතය ආර්ථිකයට වඩා ලොකු නැහැ. මේක තමයි ලෝකෙ මේක මර්ධනය කරපු රටවල් පෙන්වලා තියෙන්නේ. හැබැයි ඒක මර්දනය කර ගන්න බැරුව හත්පොලේ නාගත්ත රටවල් අමෙරිකාවෙන් පටන් ගන්නේ. donald trump පටන් ගන්නෙ .donald trump කිව්වේ මොකක්ද අපිට ආර්ථිකය වැදගත් වෙන්නේ .ඒ නිසා මේ රෝගය ආරම්භ වෙනකොටම donald trum කරේ මොකක්ද මේකට ඉඩදුන්නා මේක නොසලකා හැරියා. දැන් අපි කියන්නෙත් රට දැන් lockdown කරන්න නැත්තෙත් ඒකයි. lockdown කරන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ ආර්ථිකය ජනතාවගේ  ආර්ථිකයට තියෙන උවමනාව හින්දනේ? ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කරන්නද?නැහැ හොඳටම පේනවා හතර පස් දෙනෙක් ගේ ආර්ථිකය හතර පස් දෙනෙක් ට සල්ලි හම්බ කරන්න මංකොල්ලකාරී වැඩකට කොමිස් ගහන්න එහෙම නැත්නම් වටේ ඉන්න දේශපාලනඥයන්ට සල්ලි හම්බ කරන්න තමයි මේ lockdown කරන්නේ නැත්තෙ.

 පහුගිය කාලේ අපි දැක්කා සිංහල අවුරුදු කාලේ මේක පාලනය කරගන්න තිබ්බ මොහොතක් lockdown කිරීම සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් කිසිදු උනන්දුවක් දැක්වුවේ නැහැ .ආණ්ඩුව මේක යන්න ඇරලා තිබ්බා .මේක ඔහේ අතහැරලා තිබ්බා. අපි දැක්කා පහුගිය මාස දෙක හමාරක කාලය තුළ pcr පරීක්ෂණ කලා ද ?කළේ නැහැ .අපිට කිව්වේ අපි කරන්නේ එන්නත දෙනවා කියලා . test කරන්නෙ නැතුව මේක මර්දනය කරන්න බෑ .අවශ්‍යයි ලෙඩ්ඩු හොයාගන්න. ලෙඩ්ඩු හොයාගෙන හුදෙකලා කරල ඒ අයට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනෙ. ඒක තමයි ක්‍රමවේදය. මේ ක්‍රමවේදය ආණ්ඩුව අනුගමනය කරේ නැහැ .ආණ්ඩුවම එක පැතිරෙන්න ඇරලා ඉඩ හැරලා හිටියේ .අපි දැක්කා මේ කොරෝනාව භාර ඉන්න මේ ප්‍රජා සෞඛ්‍ය භාරව ඉන්න ඒ විශේෂඥ වෛද්‍යවරිය රාජ්‍ය ඇමතිනිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අපි දැක්ක මාධ්‍යවල කියනවා මම ඉල්ලුවා අවුරුදු කාලය සංචරණ සීමා පනවන්න හැබැයි ඒ යෝජනාව පරාජය වුණා. කවුද ඒක පරාජය කලේ? කවුද මනුස්ස ජීවිත නොසලකා හරිමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගේ ඒ අදහස ඇයගේ ප්‍රකාශනය අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා .අපිට අවශ්‍යයි කවුද හිතාමතාම මේ වගේ තීරණයක් ගත්තෙ කවුද මේක නොසලකා හැරියේ? එහෙම වුනානම් ඒක මනුෂ්‍යත්වයට එරෙහිව කරපු බරපතල වරදක්. හිතා මතාම මේ රෝගය ව්‍යාප්ත වෙන්න ඉඩ හරිමින් ජනතාව බරපතළ අනතුරුදායක තත්වයකට පත්වීමට ඉඩ හැරීම බරපතළ වරදක්.

ඒ නිසා තමයි අපි කිව්වේ මේ lockdown කිරීමකින් තොරව මේ වගේ නිදැල්ලේ  යන්න  ඉඩ හහැරීමෙන් බරපතල තත්ත්වයක් ඇතිවෙනවා කියන එක අදටත් කියන්නේ ඒකයි .අදටත් මේ විශේෂඥවරු කියන්නේ ඒකයි සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවීණ කියන්නේ ඒකයි අපිට ක්‍රම උපායන් හොයාගන්න පුළුවන් lockdown කරල කොහොමද ජන ජීවිතය ආරක්ෂා කරන්නේ ඒකට තමයි රජයේ විවිධ ආයතන තියෙන්නෙ. ඒ ආයතන වලට පුළුවන් වෙනවා ඒ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන්න .ජන ජීවිතය ආරක්ෂා කරගන්න හැබැයි ජන ජීවිත ආරක්ෂා කරනවා කියන්නේ lockdown නොකර රට අැරලා  ව්‍යාපාර ටික කරගෙන යන්න ඉඩ දෙනවා කියන එක නෙමෙයි. තමන්ගෙ ව්‍යාපාරයන්ට අවශ්‍ය කරන විදියට සල්ලි හම්බ කරන්න කොමිස් හොයන්න ඉඩ දෙනවා කියන ඒක නෙමෙයි . ඒ නිසා අවශ්‍ය කරන්න මේ මොහොතේ දී ඒ සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන එක. ඒත් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරනවා නෙමෙයි ආණ්ඩුව අර කරන්නේ ඉස්සෙල්ලා අර කොල්ල කරනවා වගේ වැඩක් කරන්නේ .කරන්න ඕන දෙ නෙමෙයි ආණ්ඩුව කරන්න මොකක්ද ඔලුවෙන් හිට ගන්නනා වගේ මොංගල් වැඩක්. ඇඳන් හාන්සිවෙලා මැරියං කියලා ඇඳන් හදාගෙන යනවා. ඒ අවශ්‍ය කරන පරීක්ෂණ මේකට අවශ්‍ය කරන පරීක්ෂණ කට්ටල ලබාදීම සඳහා තියෙන උනන්දුව අඩු බවක් තමයි පෙනෙන්නෙ .දැන් අපි දැක්කා ආණ්ඩුව ගෙන තර්කය. මොකක්ද අලුත් ආණ්ඩුව දැන් මොකද්ද කියන්නේ නෑ නෑ අපිට දැන් අවශ්‍ය කරන්නේ මේකට තියෙන හොඳම ක්‍රමවේදය තමයි එන්නත්  ලබාදීම.



එන්නත ලබා දීම නරක දෙයක් නෙමෙයි. එන්නත අත්‍යවශ්‍යයි තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර අත්දැකීම් වලින් පේන දෙයක් තමයි එන්නත කියන්නේ මේ රෝගය මර්දනය කිරීමට මේ රෝග බෝවීමට වැලැක්වීමට තින එකම හේතු සාධක නෙමෙයි .එකම ක්‍රමවේදය නෙමෙයි. ඒකට අවශ්‍ය ක්‍රමවේදය තමයි යම්කිසි විදියකින් බරපතළ විදියට සංචරණ සීමාවන් පැනවීම. ඒ වගේම පරීක්ෂණ කිරීම මොකද මේ රෝගය වැළඳුන මිනිස්සු ට නැත්තං මේ රෝගය දැන් 2000 3000 හැදීගෙන හැදීගෙන යන විදියට මේ නිකං එන්නත විතරක් ලබා දීමෙන් මේ රෝගය මර්දනය වෙනවා කියන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විශේෂඥවරු කියන්නේ එන්නත කියන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරලා අපේ ජීවිත ආරක්ෂා කරගන්න මේ රෝගය සෑදෙනවා සහ මේ රෝගය බෝ වෙනවා කියන එකම ඒ සඳහා තියන එකම හේතු සාධකයක්. එන්නත ලබාගත පමණින් රෝගය බෝවෙන්නේ නැත්තෙත් නෑ රෝගය ව්‍යාප්ත වීම නතර වෙන්නෙත් නෑ .මේකට රෝගීන් හොයා යායුතුයි .test test කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.

අද වෙද්දි දෙදහස් පන්සීයක් තුන්දාහකට ආසන්න රෝගීන් හමු වෙනවා. ඒ විතරක් නෙමෙයි මරන 25- 30 බවට පත්වෙමින් යනවා. මරණ එන්න එන්නම වැඩි වෙනවා .ඒ නිසා බරපතළ තත්ත්වයක් ඇතිවෙනවා කියන එක බොහොම හොඳින් පැහැදිලිවම පේනවා. අපි දැක්කම  මේ එන්නත සම්පූර්ණයෙන්ම විද්ද රටක් තමයි සීෂෙල්ස් කියන රට.  සීෂෙල්ස් කියන රට ලෝකෙ පලවෙනියට මේ මත්‍රා දෙකම දීපු . හැබැයි එන්නත් මාත්‍රා දෙකම දීලා ඒගොල්ලො එක අත්හැරලා හිටියා. ඒ ගොල්ලො පරීක්ෂණ කළේ නෑ .අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම විධි අනුගමනය කළේ නෑ. අන්න අද ඒ රෝගය බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් යනවා .ඒ නිසා තමයි සෞඛ්‍ය සංවිධානය කියන්නේ අවශ්‍ය කරනවා ටෙස්ට් කරන එක. මේ රෝගයට මුහුණ දෙන්න ඒන්නත අවශ්‍යයි. මේක අවුරුදු 60 ට වැඩි අයට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා ප්‍රතිශක්තිකරණය ලබා දීලා ඒ අයගේ ජීවිත ආරක්ෂා කරන එක. මරණයන් සිදුවීම අවම කරගන්න තමයි එන්නත අවශ්‍ය. එත් එක ඒකම සහතික නෙමෙයි ලෙඩේ බෝ වෙන්නේ නැහැ කියන ඒකට.  එක ඒ නිසා තමයි අවශ්‍ය වෙන්නේ lockdown කියන කාරණය .

දැන් දැන් වෛද්‍යවරු කියනවා අපේ ධාරිතාව ඉක්මවා වල ඉක්මවලා ගිහින්. අපිට සෞඛ්‍යය පහසුකම් දෙන්න බැහැ. අපිට ඒ මානව සම්පත නෑ ඒ නිසා මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ඇඳන් වැඩිකරා වැඩි කරයි කියලා ඇඳන් වැඩි කරන විදියට හෙද හෙදියෝ හදන්න බෑනේ. උඹල හාන්සි වෙලා මැරෙන්න. අන්න ඒකයි ආණ්ඩුව කරන්න හදන්නේ. මේක ඉන්දියා වල මිනිස්සු මහ පාරේ මැරෙන හින්දා අපි උඹලට මහපාර මැරෙන්න දෙන්නෙ නෑ අපි උඹලට ඇඳන් දෙනවා. ඇඳේ හාන්සි වෙලා මැරියං කියන එක. එහෙනම් ඕක කරන්න ඕනේ නැහැනේ මහත්තයෝ.. අපි ගෙදර ඉන්නේ.  ගෙදර තමයි අන්තිමේදී මැරෙන්නෙ . මිනිස්සු කියන්නවා  මිනී පෙට්ටි  හදනවා ඊට වඩා ෙහාදයි කියලා. අපි මැති ඇමතිවරුන්ට කියන්නේ ඒ මොංගල් වැඩ කරන්නෙපා.

මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේ අය දෙන උපදෙස් මත ක්‍රියා කරන්න දිගින් දිගටම මේ උපදෙස් මග හැරෙමින් කටයුතු කළේ .අපි දැක්කනෙ මේක ව්‍යාප්ත වෙලා තියන විදිය. දැන් පහුගිය කාලෙම කිසිම කෙනෙක් දන්නේ නෑ කිසිම තොරතුරක් ආවෙ නෑ. දැන් මේකට ඊළඟ කාරණය තමයි මේගොල්ලෝ මේ රෝග මර්ධනය කරන්න උත්සාහ කරනවා නෙමෙයි තොරතුරු මර්දනය කරන එක. අන්න ඒකට උපාය උපක්‍රම යොදනවා විවිධ නීති අණ පනත් ගෙනල්ලා. අපිට දැනටත් පේනවා ෆේස්බුක් තහනම් කරමින් ෆේස්බුක් අවහිර කරමින් එම සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති සංසරණය වීම වැළැක්වීම සඳහා විවිධ නීති ගෙන්න උත්සහ කරනවා.

මේකට අවශ්‍ය කරන්නේ රෝගය මර්දනය නෙමෙයි අර කොල්ලගෙ වැඩේ කොල්ලා චක්කරේ පාඩම් කරන්න නැතුව ඔළුවෙන් හිටගන්න ප්‍රැක්ටිස් කරනවා වගේ රෝගය මර්දනය කරන්නේ නෑ රෝගය පිළිබඳ තොරතුරු ගලාගෙන එන එක අන්න ඒ මාධ්‍ය මර්දනය කරන්නේ. මේකෙන් පේනවා කොච්චර fail ද කියලා. තොරතුරු හංගලා ඉලක්කම් හංගලා ටෙස්ට් කරන ප්‍රමාණය හංගලා මේ රෝගයෙන් මර්ධනය කරන්න බෑ.  මේක මර්දනය විතරක් නෙමේ පාලනය කරගන්න බැරි තත්වෙට ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා තමයි වෛද්‍යවරු කියන්නෙ සෞඛ්‍ය අංශ තව දෙතුන් දාහක් වැඩි වුනොත් දවසකට දැන් තුන්දහද සීමාවට ඇවිල්ලා. මේක පන්දාහ වුනොත් මේ පද්ධතියත් කඩන් වැටෙනව කියලා.