colombo covid19

ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු වාර්තා වී තිබේ.
එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම අසාදිතයින් ගණන වේ.
ආසාදිතයින්  17 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, අනෙක් 1699 දෙනා දෛනික සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අතරින් වාර්තා විය.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 375 කි.


ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158  ක් ද වාර්තා විය.ෙ අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 109,861 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 12, 696 කි.
සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 96478 කි.
පසුගිය පැය 24 තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 9 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 687 ක් දක්වා ඉහළ ගියේ ය.
එලෙස මියගොස් ඇත්තේ , පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවකි .
එම මරණ වාර්තා වී තිබුණේ, කරදන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය යන ප්‍රදේශවලිනි.

div class="separator" style="clear: both; text-align: center;">