
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන සියලුම ජාතික උද්‍යාන අද (5 වැනිදා) සිට තාවකාලිකව වසා දමන බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි.
ඒ අනුව සියලුම වනජීවි සංචාරක නිවාස, වන නිවහන්, කඳවුරු බිම් ආදියද අද (5 වැනිදා) සිට වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන කොරෝනා වයිරස ව්‍යාප්තිය අවම කිරීමේ පරමාර්ථයෙන් රත්නපුර නරගයේ මැණික් වෙළෙඳාම සති 2කට නැවැත්වීමට ඊයේ (4) පියවර ගැනිණි.
රත්නපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය රත්නපුර පොලිසිය ඒකාබද්ධව මෙම පියවර ගත් අතර ඊයේ පෙ.ව. 9.00 වන විට සියලුම මැණික් ව්‍යාපාරිකයන් නගරයෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.
(සාලිය කුමාර ගුණසේකර , රංජිත් ඉලේපෙරුම )
Comments
Post a Comment
Your comment will be visible after approval