
අද දින දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසා සිටියේ මේ වනවිට කොළඹ නගරයේ කොරෝනා අලුත් පැතිරීම සියයට 4 ක් පමණ වන බවත් තවම විශාල පැතිරීමක් හඳුනාගන්නට නොහැකි බවයි.
මෙම වෙනසට හේතුවන්නට ඇත්තේ එන්නත්කරණය හා මින් පෙර කොරෝනාවට නිරාවරණය වූ අයගේ ප්‍රතිශක්තිය නිසා විය හැකි යයිද දන්වා සිටියේය.
පළමු රැල්ලේදී කොළඹ සියයට දශම නමයක් (0.9) ක් පමණක් හා දෙවන රැල්ලේදී සියයට 14 ක් කොරෝනා වෛසරය පැතිර ගිය බවත් අප්‍රෙල් 01 වනදා වනවිට සියයට 1 දක්වා පැතිර තිබුණ ප්‍රමාණය මැයි මස මුල් සතිය වනවිට සියයට 4 දක්වා පමණක් ඉහළ ගොස් ඇති බව දන්වා සිටියේය.
කොළඹ එන්නත්කරණය නේවාසික මට්ටමින් පුළුල් ලෙස ක්‍රියාත්මකවීම නිසා නිවෙස්වල මෙම පැතිරීම අඩුව ඇති බවත් එම සාකච්ඡාවේදී අදහස් දක්වා තිබේ.
දැනට කොළඹ නගරයේ පැතිරීම වඩාත් වැඩිවී ඇත්තේ නේවාසික මට්ටමේ නොව කාර්යාල මට්ටමේ බවත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් තුළ මේවනවිට පොකුරක් නිර්මාණය වී ඇති බවත් ලංකා බැංකුවේ හා ධීවර වරාය ආශ්‍රිත පොකුරු පැමිණියත් ඒවා පාලනය කළ බවත් වෛද්‍යවරයා දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval