channa-jayasumana-speaks

රජයේ රෝහල් සඳහා දිනකට අවශ්‍ය වන්නේ ද්‍රව ඔක්සිජන් ලීටර් 22 000 යි. දිවයිනේ ආයතන දෙකක් දැනට ද්‍රව ඔක්සිජන් ලීටර් 80,000 ක් නිපදවනවා. ඒ සමගම උතුරු නැගෙනහිර රෝහල් නමයක දී ද්‍රව ඔක්සිජන් නිපදවීමට මධ්‍යම පරිමාන යන්ත්‍ර රජය සතුව පවතින බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුරයේ දී පැවසිය.   ඔහු එසේ කීවේ පසුගියදා (08) පැවැති මාධ්‍ය හමුවකදීය. හෙතෙම මෙසේද කීය.


චීන විරෝධි කණ්ඩායම් චීන සයිනොපාම් එන්නත ලබා දීමට විරුද්ධව කටයුතු කළා. මාධ්‍ය ආයතන, සමහර වෛද්‍යවරුන්, සමහර ව්‍යාපාරිකයන්, එකතු වී දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටියා. නමුත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ලැයිස්තු ගත කිරිම අනුව එම එන්නත ලබා දීමට අනුමත කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලංකාවේ කළුතර පානදුර වැනි ප්‍රදේශවලට මෙම එන්නත පසුගිය 08 වැනිදා සිටම ලබා දීමට අප කටයුතු කළා.




ඉදිරි දින දහය තුළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාස්පක්ෂ මහතාගේ වැඩපිළිවෙළකට අනුව, ආරක්ෂක අංශවල සහයෝගයෙන් කොවිඩ් රෝගීන් සඳහා ඇදන් දහදාහක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එනත ලබා දීමට විරුද්ධව සමහර අය කටයුතු කිරිම පිළිබඳව අප කනගාටු වෙනවා. ඒ වාගේම චීන තානාපතිතුමාටත්, චීන රජයටත් අප රටේ සියලු දෙනාගේම ගෞරවය පුද කරනවා. මේ වන විට එම එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අපට ප්‍රදානයක් ලෙස ලබා දී තිබෙනවා. ඉන් මාත්‍රා 5000 ක් අප ලංකාවේ සිටින චීන ජනතාවට ලබා දී තිබෙනවා. මේ වන විට ඒ මාත්‍රා දෙකම ඔවුනට ලබා දී තිබෙනවා. කිසිම අතුරු ආබාධයක් මේ වන තෙක් වාර්තා වී නැහැ.


මෙම එන්නත වයස අවුරුදු 18 ත් 60 අතර අයට ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාවේ ඇති කොවිඩ් ප්‍රභේදය අප රටෙන් තිබෙන බව දැන ගත්තා. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක්ව මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් එය පැතිරයාම වැළැක්වීමට කටයුතු කරමින් ඉන්නේ.  ගැබිනි මව්වරුන් රැක ගැනීමේ විශේෂ  වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අංශ ඔවුන් රැක ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අයට ලබා දිය හැකි එන්නත පිළිබඳව දැනට අවශ්‍යතාවයන් සොයා කටයුතු කරමින් සිටිනවා.  බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඒ වාගේම සෞඛ්‍ය අංශ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල කැප කිරීම් කරමින් කොවිච් වසංගතය පාලනය කිරිමට අවශ්‍ය කටයුතු කරනවා. රටේ සියලුම දෙනාගේ ගෞරවය ඔවුන්ට පුද කරන්න ඕන.