muruththettuwe-thera

 රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  කොළඹ එන්නත් කරණය ගැන මෙසේ කීහ.


‘මම කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නැයි ඉල්ලුවා.

එතකොට ඔහු කිව්වා එන්නත් නැහැ කියලා. පසුව මං මේ ගැන හොයා බැලුවා. ඒ බලනකොට කොරෝනා එන්නත් මාත්‍රා 7328 ක් තිබෙන බව හෙළි වුණා. මං එවලේම මේ ගැන කොළඹ නාගරික කොමසාරිස්තුමියට කතා කරලා කිව්වා. මට දැනගන්න තියනවා හිතවත් අයට මේ එන්නත ලබා දතවා කියලා, එහෙම කරන්න හොද නැහැ. කොළඹ නගර සභා සීමාවේ ජනතාවට පුළුවන් තරමක් හරි ලබාදෙන්ඩ කටයුතු කරන්න. මේ එන්නත ලබාදීමත් බිස්නස් එකක් කරගෙනද සැකයි.‘