
අධිකරණයෙන් බන්ධනාගාරවලට යොමු කරන පුද්ගලයන් සියලු දෙනා ඊයේ (03) සිට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. හැකි ඉක්මනින් පී.සී.ආර්. පරික්ෂාවට යොමු කරන ලෙස රැඳවියගෙන් දැඩි ඉල්ලීමක් පවතින බවත් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව ආරම්භ කළ බවත් එම නිලධාරියා පැවසීය.
දිනකට බන්ධනාගාරවලට අධිකරණවලින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරවලට දිනපතා යොමු කරන බවත් එලෙස පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් බන්ධනාගාර අවදානමකට ලක්ව ඇති බවත් එම නිලධාරියා කීය. අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පී.සී. ආර්. ඉක්මනින් කරන ලෙස ඉල්ලමින් පෙරේදා (02) ආරම්භ කළ විරෝධයක් බන්ධනාගාර නිලධාරින් දැඩි වෙහෙසක් දරා පාලනය කළහ.
(යොහාන් භාසුර)
Comments
Post a Comment
Your comment will be visible after approval