badulla-donation

බදුල්ල නගරයේ මහ රෝහලට නුදුරින් පිහිටි රුපියල් කෝටි තුනක් පමණ වටිනා තම තෙමහල් නිවෙස ආයුර්වේද රෝහලක් ආරම්භ කිරීම සඳහා ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව එම නිවෙස හිමි ව්‍යාපාරික යුවළක් වන බුද්ධදාස සමරජීව සහ අයිරින් හිද්ධාලියනගේ යන මහත්ම මහත්මීහු පැවැසූහ.

 

මෙම පරිත්‍යගය මේ මස 24 වනදා නිල වශයෙන් බාරගන්නා බවත් මෙහි ආයුර්වේද රෝහලක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් දිල්වා ප්‍රේමතිලක මහත්මිය  පැවැසුවාය.මෙම පරිත්‍යාගය  පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අයිිරින් සිල්වා මහත්මිය මෙසේ කීවාය.


මමත් මහත්තයත් බොහොම මහන්සියෙන් ගොඩනගා ගත් පලතුරු බීම ව්‍යාපාරය නිසා ධනවතුන් බවට පත්වුණා. ඒත් දවසින් දවස ජීවිතයේ අනිත්‍ය බව පැහැදිලි වෙනවා. මේ නිසා 2016 සිට අපි ව්‍යාපාරික කටයුතු නතර කරලා නිදහසේ ජීවත් වුණා. ඔහොම ඉන්න කොට තමයි කොරෝනා උවදුර ආවේ. මේ වෙලාවේ අපිට කළහැකි හොඳම දෙය අහිංසක රෝගීන්  වෙනුවෙන් අපට කළ හැකි දේ කිරීම අපි දෙන්නා හිතුවා. ඒ අනුව තමයි කාමර 9ක් ශාලා 2ක් ඇතුළු සියලු පහසුකම් සහිත මෙම නිවාස ආයුර්වේද රෝහලක් සඳහා පරිත්‍යාග කරන බොහොම සතුටින් මේ තීරණය කළේ.  අපි කවදත් පින්දහම් කළා. ජීවත්වෙන ඉදිරි ටික කාලෙත් පින්දහම් කරමින් නිදහසේ ජීවත්වනවා යැයි ද ඔවුහු පැවැසූහ.


 -පාලිත ආරියවංශ-