
ඊයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දන්වා සිටියේ මෑතකදී ඉන්දියාවේ පැතිර යමින් පවතින කළු දිලීර රෝගය වැළඳී තරුණයෙකු මියයාමේ සිද්ධියක් අම්පාරෙන් වාර්තාවී ඇති බවකි.
නමුත් මෙම ආරංචිය වැරදි එකක් බව අම්පාර රෝහලේ වෛද්‍ය අධිකාරී උපුල් විජේනායක මහතා දන්වා සිටී.
ඔහු පවසන්නේ අම්පාර රෝහලේ තරුණයෙකු දිලීර ආසාදනයක් නිසා මියගිය බව සත්‍ය නමුත් එම ආසාදනය ඉන්දීය කළු දිලීර ප්‍රභේදය බවට තහවුරුවී නැති බවයි.
ලංකාවේ දිලීර රෝග සුලබ බවත් ප්‍රතිශක්තිය හීන අය දිලීර රෝග නිසා පීඩාවට පත්වන බවත් දන්වා සිටින වෛද්‍ය විජේනායක මෙම තරුණයාට දිලීර රෝගයක් වැළඳී ඔහුගේ මොළයට ගමන් කර තිබූ බවත් රෝහලට එන විට තත්වය උත්සන්නව පැවති බවට හඳුනාගත් බවයි.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදනයෙන් පෙළුණ බවටද තහවුරු වූ බව දන්වා සිටි වෛද්‍යවරයා ඔහු කොරෝනාවෙන් මියගියත් ඔහුට පැවති දිලීර ලක්ෂණ ඉන්දීය ප්‍රභේදය යයි කිසිවිටෙක හඳුනානොගත් බවයි. මරණය සම්බන්ධයෙන් අම්පාර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන පරීක්ෂණයක් පවත්වා ඇතැයිද ඔහුද එවැනි සඳහනක් කර නැතැයිද දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval