
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර
සිල්වා අද දින ජාතික පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ
රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන වෛද්‍ය සංගම් ජනපති සමග සාකච්ඡාවට කැඳවා තිබූ කිසිම අවස්ථාවක එවැනි දෙයක් ප්‍රකාශ කර නැති බවයි.
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනපති ඉදිරියේ රැස්වීම් පවත්වන අවස්ථාවල ඔවුන් සියල්ලන් පැමිණෙන නමුත් වෙන වෙන දේ කිව්වත් රටවහන දෙයක් ගැන කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බවත්ය.
ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන්නේදැයි විමසූවිට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඕනෑතරම් අවස්ථාව ඇති බවත් සෑම විටම සාකච්ඡාව අවසන් කිරීමට පෙර තවත් නොකියැවුණ දේ තිබේ නම් ඉදිරිපත් කරන්නට අමතර අවස්ථාවක් පවා දෙන මුත් රටවසන ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කර නැති බව දන්වා සිටියේය.
රට සති දෙකක් වසා දමන්නැයි කියන වෛද්‍ය සංගම්වල නියෝජිතයන්ගේ කතා තමාට ඇසෙන්නේ රූපවාහිනිය ඉදිරියේදී පමණක් බවද හෙතෙම කියා තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval