
පීසීආර් පරීක්ෂණ වැරදි දත්ත පෙන්නුම් කළ නිසා ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර අද පැවැත්වෙන තරගය නොපවත්වන්නට ගොස් නැවත පැවැත්වීමට තීරණය විය.
බංගලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදානට , ශිරාන් ප්‍රනාන්දුට සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මංජුල නානායක්කාර මහතා මුලින් තහවුරු කළ නමුත්
දෙවන පීසීආර් පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි කීවේය.
නවක ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දුට පමණක් වෛරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණයෙන් තහවුරු කර ඇත.
ඒ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය සැලසුම් කළ පරිදි අද දින පැවැත්වීමට නියමිතය. පළමු එක් දින තරගය අද අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval