
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සමග කළ සාකච්ඡාවකි.
●රටක් විදිහට කොවිඩ් හමුවේ අපි ඉන්නේ කොයිවගේ තැනකද....
''රට අවදානම් සහගත තත්වයක තමයි තියෙන්නේ....ඒක බරපතල අවදානමක්....මේක දෙවෙනි රැල්ල අවසන් වීමට පෙර පටන්ගත්ත
රැල්ලක් බව තමයි අපට පේන්නේ....''
●අපි පසු කරපු කොවිඩ් වලට වඩා මෙය බරපතලයිද?
''මේ අවස්ථාවේ බරපතලයි කියලා තමයි කියන්න වෙන්නේ....පහුගිය කාලේ තිබ්බ ලිහිල්බාවය එක්ක ප්‍රදේශ වල පොකුරු බිහිවීම මතුවෙමින් තියෙනවා...ඒ තත්වය බරපතල අවදානමක පෙරනිමිත්තක්.....''
●විශේෂඥ වෛද්‍යවරු සමඟ කතා කරලා ජනතාව දැනුවත් කරමුද කියලා ඇහුවම ඔවුන් කිව්වේ දැන් කතා කරලා වැඩක් නෑ කියලා...?
''මම දන්නේ නෑ විශේෂඥ වෛද්‍යවරු මොන පදනමෙන් එහෙම කිව්වද කියන්න....නමුත රට බරපතල අවදානමක තියෙන්නේ...අපි වෛද්‍යවරු හැටියට මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් විදිහට මට කියන්න තියෙන්නේ මෙවැනි අභියෝග ජයගත්ත පිරිස් විදිහට බැ කියලා දෙයක් නෑ....''
●මේ වෛරසය airborne නම් කොහොමද ප්‍රායෝගිකව කොහොමද මේක පාලනය කරන්නේ...?
''වෛද්‍යවරු ඉන්නේ රෝග පාලනය කරන්න,ප්‍රතිකාර කරන්න...ඉතිං වෛද්‍යවරු ඔබ හිතනවා වගේ හිතුවොත් ඒක සාර්ථක වෙන්නේ නෑ රටට...අපි එහෙම නොහිතපු නිසා තමයි අනෙක් රටවල් බොහොමයක් රෝග තුරන් කරන්න කලින් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඒ රෝග තුරන් කලේ...''
●අපේ අතින් යම්කිසි විදිහකට මේක ගිලිහීයාමක් වෙලා නේද දැන්....?
''ගිලිහීයාමක් වගේම මට කියන්න තියෙන්නේ අවදානමක අපි ඉන්නේ....ඒක අපිට නැවත හරවගන්න පුළුවන්...ඒ පුළුවන්වෙන්නේ රජය සෞඛ්‍ය අංශ මහජනතාව කියන අංශ තුනම එක විදිහටම කැපකිරීම කලොත්...''
●ලංකාවේම I.C.U BEDS 700ක් වගේ තමයි තියෙන්නේ.... ඔක්සිජන් හිඟතාව බරපතලවම කතා වෙනවා...ලංකාව ඉන්දියාව වගේ වීමේ අවදානම අපිට තියෙනවද ?
''ඉන්දියාව වගේ වෙන්නේ අපි මේක පාලනය කරනවද නැද්ද කියන එක මත....I.C.U එකට යන්නේ නැතිවෙන්න පාලනය වෙන්න ඕන කියන්නේ ඒකයි අපි....රෝග ලක්ෂන තියෙනවනම් කොහොමද පාලනය කරන්නේ..රෝග ලක්ෂන එන්නේ නැතිවෙන්න කොහොමද පාලනය කරන්නේ....රෝගය හැදෙන්නේ නැතිවෙන්න කොහොමද පාලනය කරන්නේ....මෙන්න මේ වගේ පියවර ගනනාවක් තියෙනවා අපිට රෝගය පාලනය කරන්න....I.C.U ඇඳන් රටටම ඇතිවෙන්න හදන්න මොනම රටකටවත් බෑ...I.C.U ඇඳන් අපිට තව අවශ්‍ය කරලා තියෙනවා....''
●මේ වෙලාවේ සංචරන සීමා වැඩිවශයෙන් පනවලා නෑ...රට ලොක්ඩවුන් කරලත් නෑ...මොකද G.M.O.A. එක කියන්නේ?
''හැමෝම අහන දෙයක් තමයි G.M.O.A. එක ඇයි මේ වෙලේ රට ලොක්ඩවුන් කරන්න කියන්නේ නැත්තේ කියලා...ඔය ප්‍රශ්නෙම අපි ඇහුවා මාර්තු වල රට වහන්න කිව්වම හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කිව්වා ලොක්ඩවුන් කරන්න කිව්ව එක වැරදි කියලා...මේක දේශපාලනය කරගන්න නරකයි...''
●G.M.O.A. එක ඉන්න ස්ථාවරය මට කියන්න ලොක්ඩවුන් එකකට යා යුතු තැනකද රට ඉන්නේ..?
'' රටම ලොක්ඩවුන් කරන්න නෙවෙයි....හඳුනාගත් ප්‍රදේශ ඒ මොහොතෙම ලොක්ඩවුන් කරන්න ඕන....අපි ඉල්ලලා තියෙනවා මේ වෙනකොටත් දිස්ත්‍රික්ක අතර ගමනා ගමනය සීමා කරන්න කියලා...''.
●ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි වගේ රටක් ලොක්ඩවුන් කලොත් ආර්ථිකේට හානියක් වෙනවා කියලා...ඒ මතය එකක් G.M.O.A. එක එකඟද?ආර්ථිකේද බලන්න ඕන ජනතාවද බලන්න ඕන...?
''අපිට ආර්ථිකේ ගැන දැනුමක් නෑ....ආර්ථිකේ කළමණාකරණය කරගැනීම සෞඛ්‍ය නීති වලට අනුකූලව තමයි සිද්දවෙන්න ඕන...ජනාධිපතිතුමා කියනවා ඇත්තේ රටේ සමස්ථය ගැන...අපිට සෞඛ්‍ය ගැන දැනුමක් තියෙනවා ඒ දැනුම මත අපි තීරණගන්නවා...සෞඛ්‍යසම්පන්න නොවන රටක ආර්ථිකේ පවත්වගෙන යන්න බෑ...සෞඛ්‍ය කියන කාරනේ ආර්ථිකේ කොටසක්...සෞඛ්‍යසම්පන්න නොවන රටක ආර්ථිකේ කොහොමද පවත්වාගෙන යන්නේ...සෞඛ්‍යට ප්‍රමුඛතාව දුන්නාම ආර්ථිකේ නිකම්ම හැදෙනවා...''
●ඔබ හිතන විදිහට මේ බරපතල තත්වේ වගකීම බාරගන්න ඕන සෞඛ්‍ය අමාත්‍යංශයද,රජයේ බලධාරින්ද කවුද මේක බාරගන්න ඕන...?
'' සියලුදෙනාම වගකීම බාරගන්න ඕන....ජනතාව ඇතුළුව....සමහරක් ඉන්නවා ජනතාවට විතරක් මේක පටවන්න ජනතාව අතින් විතරක් මේක උනා කියන්න....''
●පසුගිය කාලයේ මේ Task Force එක රැස්උනේ නැද්ද?
''රැස්වීම් තිබ්බා සමහර ඒවා...ඒ රැස්වීම් වලටත් වඩා අපි දැක්කෙ නෑ...මේ රටේ ජනතාව උනන්දු කරන වැඩපිලිවෙලවල්...ඇත්තටම මාධ්‍ය වලට ඒකේ යම් වගකීමක් තියෙනවා...රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡා තියමින් පුන පුනා කිව්වා මේ රට තාම ආරක්ෂිත නෑ කියලා...ඒවා කොයි මාධ්‍යයේද ප්‍රචාරය උනේ...මාධ්‍යක ඉඩක්වෙන්කරගන්න පළවෙනි පිටුවේ අපිට හැකියාවක් උනේ නෑ....අපි හැමෝම වගකීම මඟහැරලා....''
●ඔබ පිළිගන්නවද ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල අසාර්ථක වූ බව....?
''මම හිතන්නේ නෑ අසාර්ථකයි කියලා....සෞඛ්‍ය කාණ්ඩ වලට ඉදිරිපෙල කොරෝනා මර්දන ව්‍යාපාරයේ ඉන්න සියලු දෙනාට මේ දෙවන මාත්‍රාව ලබාදෙන්න අපිගාව එන්නත් තියෙනවා....අපි රාජතාන්ත්‍රිකව මැදිහත්වෙලා දෙවෙන් මාත්‍රාව ගෙන්නගන්න ඕන ඒ ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මකයි ඒ දේවල් වෙන්නේ නැත්තම් අපිට කියන්න පුළුවන් එන්නත්කරණ වැඩපිළිවෙල අසාර්ථකයි කියලා....ඒ වගේම අපිට එකම එන්නතක්වෙත යොමුවෙලා ඉන්නත්බෑ....මේක ලංකාවට විතරක් බලපාන කාරණාවක් නෙවෙයි....''
●ඉන්දියාවේ ඉදලා යන සේවයකයන්ට යන්න බැරි නිසා විදෙස් රට වලට ලංකාවට ඇවිල්ලා දවස් 14 නිරෝධායනේ වෙනවා කියලා අවදානම් තත්වයක් තියෙනවා නේද ?
''ඊයේ වෙනකොට තමයි මේ කාරණේ එළියට එන්නේ....සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයත් නිරෝධායනය පිළිබඳ ජනරාල්වරයත් හමුවෙලා මේ සම්බන්ධව අපේ ස්ථාවරය,ඉන්දියාව වගේ රටකින් මේ මගේ නිරෝධායනේ කරන්නේ මොන පදනමකින්ද සහ එසේ කිරීමෙන් රට පත්වෙන අගතිය සම්බන්ධව අපි විරෝධය පලකෙරෙනවා....''
●මෙතනින් එහාට අපේ රට කොතනටද ගමන්කරමින් සිටින්නේ...?
'' අපේ රට කොතනටද ගමන්කරමින් සිටින්නේ කියන එක තීරණය කරන්නේ අපි තුන්ගොල්ලෝ....රජය සෞඛ්‍ය අංශදෙන තීන්දු තීරන ගන්න නොපැකිලව ඒ කටයුතු කරන්න ඕන....සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලවල ඉන්න අය සුරක්ෂිතයි කියලා ඔවුන්ට තහවුරු කරන්න ඕන....ජනතාව සෞඛ්‍ය අංශදෙන මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්න ඕන....මේ අනුව කටයුතු කෙරුනොත් මේ රැල්ල අපිට පාලනය කරන්න පුළුවන්....එහෙම නොවුනොත් ඉන්දියාව වගේවෙන්නත් පුළුවන්...''