දීඝවාපිය පුරාවිද්‍යා කාර්යාලයේ කලාප භාර නිලධාරිනිය  කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (12) වැනිදා සවස ජීවිතක්ෂයට පත්වූ බව අර කොරෝනා රෝහල පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අනුරාධා ප්‍රියදර්ශනී නමැති දෙදරු මවකි.ඇය පසුගිය අවුරුදු සමයේ කොළඹ ප්‍රදේශයේ නිවසේ සිට රාජකාරි සඳහා 19 වැනිදා අම්පාරට පැමිණ ඇති අතර පසුව කොරෝනා ආසාදනය වීමෙන් අර කොරෝනා රෝහලට ඇතුළත් කර ඇත.එහිදී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 12වැනිදා සවසට මියගොස් ඇති බව අම්පාර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

(හිගුරානේ නවරත්න සමරතුංග)