
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් 'කොවිඩ්-19" ආසාදිත යැයි හඳුනාගැනීමත් සමග ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසිය.
කොවිඩ් ආසාදිත මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව මේ වනවිට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන බවත් සෙසු ක්‍රීඩිකාවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක්ව සිටින බවත් එම නිලධාරියා පැවසීය. මෙම තත්වය හමුවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටවූ බව ද එම නිලධාරියා කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval