sri-lanka-name-change

මේ රටේ නම ‘සිංහලේ’ විය යුතු බවත් රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතු බවත් රුහුණු, මායා,
පිහිටි’ යන ඓතිහාසික බෙදීම පදනම් කරගෙන පරිපාලනයේ බෙදීමක් ඇති කළ යුතු බවත් ශ්‍රී  රෝහණ
පාර්ශ්වය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කර ඇති විද්වත් කමිටුවට යෝජනාවක් ඉදිරිපත්
කරමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එහි අනුනායක ඕමාරේ කස්සප හිමියෝ පැවැසූහ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත්
කමිටුව වෙත මහ සංඝරත්නය පෙරේදා අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කළ අතර ඕමාරේ කස්සප
හිමියෝ ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් එම යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ විශේෂ අවධානය
යොමුවනු ඇතැයි තමන්වහන්සේ අපේක්‍ෂා කරන බවද සඳහන් කළහ.



කිසිදු බලය බෙදීමක් නොමැතිව ‘ශ්‍රී  ලංකා ජනරජය’ යන නාමය කිසිදු වෙනස්වීමක් නොමැතිව පැවැතිය
යුතු බවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ එහිදී යෝජනාවක් විද්වත් කමිටුවට ඉදිරිපත් කළහ. මේ අතර
පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභා බලගැන්වීම ඇතුළු නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු
යෝජනා කිහිපයක් භික්‍ෂු සංවිධාන කිහිපයක් විද්වත් කමිටුවට භාර දුන්හ.

උපතිස්ස පෙරේරා