
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදි අභියාචනාධිකරණය අද තීරණය කරන ලදි.
පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව වූ අතර ඒ අනුව මෙම තීරණය දන්වා සිටින ලදි.
මෙම තීන්දුව අනුව යමින් කතානායකවරයා රන්ජන්ට පාර්ලිමේන්තුවට කැඳවීමට නොහැකි බවට දැනුම් දෙනු ඇති අතර අඛණ්ඩව මාස 3 කට වඩා කාලයක් නොපැමිණීම හා නිවාඩු අනුමත නොවීම නිසා ව්‍යවස්ථාවේ පරිදි රන්ජන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවී යාමේ ලකුණු මේ අනුව පහළවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval